යුගදිවිය සහ සිකුරුගේ බලපෑම් 01

ජනවාරි 18, 2019

සෞරග්‍රහ මණ්ඩලයේ ඉතාම දීප්තිමත්ව බබලන ග්‍රහලෝකය සිකුරුය. පෘථීවියේ දින 30 ක කාලය සිකුරු ලෝකයේ එක් දිනකි. එනම් සිකුරු ග්‍රහයා ස්වකීය අක්ෂය වටා යාමට ගත කරන කාලයයි. පෘථිවිය මතට වැටෙන සූර්යාලෝකයෙන් 40% ක් පමණ පරාවර්තනය වුවද සිකුරු ග්‍රහලෝකයට පතිත වන සූර්යාලෝකයෙන් 70 % ක්ම පරාවර්තනය වේ. වත්මන් ලෝකයේ පවතින ස්වභාවය අනුව මෙම පරාවර්තනය ශක්තිය නිවැරදි යැයි වටහා ගත හැකිය. මෙයට හේතුව සිකුරු සත්වයාගේ කාමාවචර සිත් ඇති කරන ග්‍රහයා බැවිනි. සිකුරු ග්‍රහලෝකය නිරතුරුවම සුදු වලා පටලයකින් වැසී තිබෙන අතර එය හිම වැස්සක් යනු විද්‍යාඥයින්ගේ විශ්වාසය වී තිබේ. සිකුරු ග්‍රහයා මතුපිට පවතින තෙත් ස්වභාවය අධික වීමත් සිකුරුගේ බලපෑම් අතරත් පවතින විශේෂත්වය වන්නේ කාමාවචර ගුණය වායුවේ බර ගතියෙන් යුක්ත වන නිසාය.

මේ අනුව විමර්ශන කිරීමේදී අතීතයේ පැවති කෘත, නේත්‍රා යුගවල පෘථිවියේ ස්වභාවිකත්වය ආධ්‍යාත්මික ගුණයෙන් අධිකව තිබීම හේතුවෙන් ඒ වකවානුවලදී බුද ග්‍රහලෝකය පරාවර්තන ශක්තිය වැඩි විය යුතුය. පෘථිවියේ ක්‍රියාකාරීත්වය මෙහෙයවන විශ්වශක්තීන් අතරින් ජීවින්ගේ කාමාවචර සිතුවිලි සිකුරු ග්‍රහයාගේ ශක්තියෙන් ලබන බැවින් මෙම ග්‍රහලෝකයට ආදි මිනිසා විසින් ඡ්‍යොතිෂ විද්‍යාව ගොඩනැගීමේදී ‘ශුක්‍ර’ නාමය තබා තිබේ. සූර්යාගේ තාප ශක්තිය සිකුරු ග්‍රහයාගේ ශක්තිය සමඟ ගැටීමෙන් සිදුවන ප්‍රතික්‍රියාව පරාවර්තන සූර්ය බලයත් සමඟ විශ්වයට විහිද යාමේදී එය පෘථිවි වායුගෝලයේ සංකලනයට පත්වේ. මෙම බලපෑම තැන්පත් වන්නේ ජීවාන්තක වායුවේය. සිකුරු ග්‍රයාගේ මෙම ප්‍රකෘතිය අනුව සිකුරුගෙන් ලැබෙන ශක්තිය ,පෘථිවි ජීවින්ගේ ක්‍රියාකාරිත්වයට යොමු කරන බලපෑම නිවැරදි බව පෙනේ.

ලෞකික ඉෂ්ට ග්‍රහයෙකු ලෙස ඡ්‍යොතිෂ විද්‍යාවේදී ගැනෙන සිකුරුගේ බලපෑම් විවිධ ක්ෂේත්‍රයන් කරා විහිද ගොස් තිබේ. මෙහිදී කතිකාවට ගනු ලබන්නේ මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන සහ මිනිස් ආශාවන්ගේ කූටප්‍රාප්තිය සේ සැලකිය හැකි යුගදිවිය සහ ලිංගිකත්වය පිළිබඳවය. මේ සඳහා සරලව උදාහරණයක් ගතහොත් කුජ සිකුරු සංයෝගය මිනිසාගේ කාමය ඉතා වේගයෙන් අවුස්සන සංයෝගයකි. මෙම සංයෝගය යෙදෙන රාශියත් භාවයත් අනුව මෙම සංයෝගයේ ඉෂ්ට අනිෂ්ට බව කල්පනා කළ යුතුය. සිකුරුගේ බලය විකෘතියට පත් කරන රාශියක යෙදුණ හැම විටම මෙම සංයෝගයේ අනිෂ්ට ප්‍රතිඵල ඇති වේ. කටක, කන්‍යා, වෘශ්චික ආදි රාශියක 06,07,03,11 භාවයක යෙදුණු විටක ජන්මියා කාමය වරදවා වින්දනය කරන තැනැත්තෙකු කරන්නේය. මිථුන, සිංහ, තුලා, ධනු, මකර, කුම්භ යන රාශිවල යෙදුණ මෙම යෝගය කාරක බලය අනුව උසස් ඵල ගෙන දෙයි.රවි, සඳු හෝ ලග්න යන තිදෙනාට කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝණගතව යෙදීම කාරක වීමේ ස්වභාවය මත ලෞකික වශයෙන් උසස් ඵල ලැබීමේ භාග්‍යයක් වේ. මකර රාශියේ යෙදුණ බොහෝ ස්ථාන වලදී දේපළ ඇති වාසනාවන්ත ජීවිතයක් ගත කරන කාම සම්පත්තියෙන් ආඪ්‍ය වූ අයෙකු කරයි. කොයි කාගෙත් සිත් දිනාගත හැකි පි‍්‍රයයන් රාශියක් සිටින සමාජයේ උසස් තත්වයක් ඇතිකර ගන්නා බලයක් කුජ, සිකුරු සංයෝගය තුලා, කුම්භ රාශිවල යෙදුණු කල ඇති වේ. මිථුන ,ධනු රාශිවල යෙදීම මධ්‍යස්ථ ගුණ වගාවක් සහිත සැප ලබන්නෙකු බවට පත් කරයි. මෙම රාශින් කේන්දරයේ 06,08,12,03 හි යෙදීමද කාරකත්ව බලය අනුවද ජන්මියා අවුල් සහගත තත්වයකට යොමුකර පහත් කර්මපල රැස් කර ගැනීමේ අකුසල සිත් සහිත වැරදි කාම සේවනයේ නිතර යෙදෙන්නෙකු වීමට මාර්ගය තනයි. මේෂ, මීන රාශිවල යෙදුණ කුජ සිකුරු සංයෝගය මත ජන්මියා නිදහස් ජීවිතයක කම් සැප අපේක්ෂා කරනු ඇත.

ඡ්‍යොතිර්වේදී පී.එම්.රංජිත් මුදලිගේ

0775559931

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.