සතියේ පඤ්චාංගය

ඔක්තෝබර් 25, 2024

ශකවර්ෂ 1946 ක් වූ තුලා රවි 09 භාග වප් අව නවවක තිථිය ලත් කිවිදින සිට එම රවි 15 භාග වප් අව අමාවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - තුලා

කුජ - කටක

බුධ - තුලා ( 29 දා රාත්‍රි 10.39 වෘශ්චික)

ගුරු – වෘෂභ (වක්‍ර)

ශුක්‍ර - වෘශ්චික

ශනි – කුම්භ (වක්‍ර)

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ (වක්‍ර)

නැප්චූන් - මීන (වක්‍ර)

ග්‍රහයෝ සහ නැකැත්

රවි - සා

කුජ - පුනාවස ( 28 දා සවස 03.59 පුෂ)

බුධ - විසා

ගුරු -මුවසිරස ( 28 දා දහවල් 02.19 රෙහෙන)

ශුක්‍ර - අනුර ( 27 දා අලුයම 01.09 දෙට)

ශනි - සියාවස

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

පෝය

ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා සවස 03.53න් අමාවක ලබා නොවැම්බර් 01 සිකුරාදා සවස 06.16න් ගෙවේ. 31 බ්‍රහස්පතින්දා සිල්.

 

 

චන්ද්‍ර චාරය

26 දා උදේ 09.49 සිංහ

28 දා රාත්‍රි 10.13 කන්‍යා

31 දා දහවල් 11.22 තුලා

 

දිනූ තත්ත්ූවය

ඔක්තෝබර් 25 සිකුරාදා

තුලා රවි 09 භාග වප් නවවක තිථිය ලත් කිවිදින ඉර උදාව 05.57 ඉර බැසීම 05.52 පුෂ නැකත උදේ 07.43න් ගෙවී අස්ලිස නැකත ලබයි. වප් අව අටවක තිථිය අලුයම 02.03න් ගෙවී පුර නවවක තිථිය ලබයි. සාධ්‍ය යෝගය අලුයම 05.23න් ගෙවී ශුභ යෝගය ලයි. කෞලවකරණය අලුයම 02.03න් ගෙවී තෛතිලකරණය ලබා එය දහවල් 02.41න් ගෙවී ගරජකරණය උදාවෙයි.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - ළැම

මරු - ගිනිකොන

යෝගිනි - නැඟෙනහිර

සුබ දිසාව - උතුර

 

ඔක්තෝබර් 26 සෙනසුරාදා

තුලා රවි 10 භාග වප් අව දසවක තිථිය ලත් ශනි දින ඉර උදාව 05.57 ඉර බැසීම 05.52 අස්ලිස නැකත උදේ 09.49 න් ගෙවී මා නැකත ලබයි. වප් අව නවවක තිථිය අලුයම 03.26න් ගෙවී අව දසවක තිථිය ලබයි. ශුභ යෝගය අලුයම 05.27න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. ගරජකරණය අලුයම 03.26න් ගෙවී වණිජකරණය ලබා එය සවස 04.24න් ගෙවී විෂ්ටිකරණය ලබයි.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - පෙකණිය

මරු - නැඟෙනහිර

යෝගිනී - උතුර

සුබ දිසාව - දකුණ

 

ඔක්තෝබර් 27 ඉරිදා

තුලා රවි 11 භාග වප් අව එකොළොස්වක තිථිය ලත් රවි දින ඉර උදාව 05.57 ඉර බැසීම 05.52 මා නැකත දහවල් 12.27න් ගෙවී පුවපල් නැකත ලබයි. වප් අව දසවක තිථිය අලුයම 05.26න් ගෙවී අව එකොළොස්වක තිථිය ලබා පවතී. ශුභ්‍ර යෝගය අලුයම 05.58න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 05.26න් ගෙවී බවකරණය ලබා එදින සවස 06.39න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - ලිංග / යෝනි

මරු - උතුර

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - නැඟෙනහිර

 

ඔක්තෝබර් 28 සඳුදා

තුලා රවි 12 භාග වප් අව දොළොස්වක තිථිය ලත් සඳු දින ඉර උදාව 05.57 ඉර බැසීම 05.52 පුවපල් නැකත සවස 03.26න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. වප් අව එකොළොස්වක තිථිය උදේ 07.53න් ගෙවී අව දොළොස්වක තිථිය ලබයි. බ්‍රහ්ම යෝගය උදේ 06.48න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. බාලවකරණය උදේ 07.53න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රි 09.13න් ගෙවී තෛතිලකරණය උදාවෙයි.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - දණහිස

මරු - වයඹ

යෝගිනී - නිරිත

සුබ දිසාව - නැඟෙනහිර

 

ඔක්තෝබර් 29 අඟහරුවාදා

තුලා රවි 13 භාග වප් අව තෙළෙස්වක තිථිය ලත් කුජ දින. ඉර උදාව 05.57 ඉර බැසීම 05.51 උත්‍රපල් නැකත සවස 06.35න් ගෙවී හත නැකත ලබයි. වප් අව දොළොස්වක තිථිය උදේ 10.33න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබයි. මහේන්ද්‍ර යෝගය උදේ 07.49න් ගෙවී වෛධෘති යෝගය ලබයි. තෛතිලකරණය උදේ 10.33න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රි 11.55න් ගෙවී වණිජකරණය උදාවෙයි.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - කෙණ්ඩ

මරු - බටහිර යෝගිනි - දකුණ

සුබ දිසාව - නැඟෙනහිර

 

ඔක්තෝබර් 30 බදාදා

තුලා රවි 14 භාග වප් අව තුදුස්වක තිථිය ලත් බුධ දින ඉර උදාව 05.58 ඉර බැසීම 05.51 හත නැකත රාත්‍රි 09.44 න් ගෙවී සිත නැකත ලබයි. වප් අව තෙළෙස්වක තිථිය දහවල් 01.16න් ගෙවී අව තුදුස්වක තිථිය ලබයි. වෛධෘති යෝගය උදේ 08.52න් ගෙවී විෂ්කම්භ යෝගය ලබයි. වණිජකරණය දහවල් 01.16න් ගෙවී විෂ්ටිකරණය ලබයි.

විෂ කලාව - ලිංග / යෝනි

අමෘත කලාව - පතුල

මරු - නිරිත

යෝගිනී - බටහිර

සුබ දිසාව - දකුණ

 

ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා

තුලා රවි 15 භාග වප් අව අමාවක තිථිය ලත් ගුරු දින ඉර උදාව 05.58 ඉර බැසීම 05.51 සිත නැකත දවස පුරාම යෙදී පවතී. වප් අව තුදුස්වක තිථිය සවස 03.53න් ගෙවී අමාවක ලබයි. විෂ්කම්භ යෝගය උදේ 09.51න් ගෙවී ප්‍රිති යෝගය උදාවෙයි. විෂ්ටිකරණය අලුයම 02.37න් ගෙවී ශකුණකරණය ලබා එය සවස 03.53න් ගෙවී චතුෂ්පාදකරණය උදාවෙයි.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - මාපටැඟිලි

මරු - දකුණ යෝගිනී - දකුණ

සුබ දිසාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.