‘පි‍්‍රයා’ ජනපි‍්‍රය කළ ග්‍රහයෝ

ජනවාරි 24, 2025

පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකකි. ඒ සනාතන ධර්මය පසක් කරමින් මෙරට අතිශයින් ජනපි‍්‍රය ගායකයකු වූ පි‍්‍රයා සූරියසේන මහතා පසු ගිය දිනෙක අප අතරින් සදහටම සමු ගත්තේය. ඔහු විසින් ගායනා කරන ලද රටකින් එහා, මට වාසනා, මගේ ළමැද, මල් සරසන්නාව, සුදු පරවි රෑන, හදවත ඉල්ලා, ඈත රන්විමන් වැනි ගීත රසිකයන් අතර වඩාත් ජනපි‍්‍රය විය.

70, 80 දශක තුළ ඔහු ප්‍රසංග වේදිකාවට අවශ්‍යම ගායකයකු විය. බොහෝ තරුණ තරුණියන් මෙන්ම සියලු රසිකයින් ඔහුගේ ගීත ගායනා ශෛලියට වශී වූ බවක් දක්නට ලැබුණි. ඔහුගේ අඩුව පුරවාලිය හැකි ගායකයකු තවම අපට හමු වී නැත්තේ ඔහුටම ආවේණික වූ ගායන ශෛලියත් හඬ පෞරුෂයත් උත්පත්තියෙන් ලද භාග්‍යයත් නිසයි. මෙවැනි හැකියාවන් රැසක් ඔහු තුළ විද්‍යමාන වීමට හේතු වූ ඡ්‍යොතිෂ කරුණු හා හස්ත රේඛා සටහන් මොනවාද කියා බලමු. ඔහු ඉපදී ඇත්තේ 1944 වර්ෂයේ 10 වැනි මස 27 වැනි දින රාත්‍රී කාලයේය. ඔහු ඉපදෙන විටද පැයක අධිකයක් තිබූ අතර නාත්තන්ඩියේ දී උපන් හෙයින් දේශාන්තර භේදය අඩු කරන විට ඔහුගේ ජන්ම ලග්නය වූයේ සඳු හිමි කටක ලග්නයත් රවි හිමි සිංහ නවාංශකයත්ය. ජන්ම පත්‍රය අනුව බලන්න. මේ ජන්ම පත්‍රයෙහි 2 වැන්න, 6 වැන්න, 8 වැන්න, 12 වැන්නේ ග්‍රහයන් තැන්පත් වීමෙන් බලවත් සිංහ ඝන යෝගය යෙදී ඇත. ඊට අමතරව රවි, බුධ යෝගය බුධ ආදිත්‍ය යෝගය සිව්වැන්නාධිපති හා (5) වැන්නාධිපති අතර බලවත් පරිවර්තන යෝගයකි. සිකුරු ග්‍රහයා පස්වැන්නේ සිටීම ගැහැනු දරුවන්ගේ සංඛ්‍යාව වැඩි වීමටත් හේතු වූ අතර සංගීතඥයකු වීමටත් හේතු විය. සඳුගෙන් හත් වැන්නේ ගුරු සිටීම බලවත් යෝගයකි. ශනි රාහු මිත්‍ර රාශියක සිටීමෙන් 12 වැන්න විදේශ ගමන්වලට බලපාන බැවින් සංගීත ප්‍රසංගයන් සඳහා වැඩිපුර විදේශ ප්‍රසංගයන් සඳහා ද සහභාගීවීමට ‘පි‍්‍රයා’ට අවස්ථාව ලැබුණි. සියාවස නැකතේ (4) වැනි පාදයෙන් උපන් ඔහුට ඉගෙන ගන්නා කාලය තුළ උසස් අධ්‍යාපනයක් ලැබීමට හේතු විය. 1982 සිට 1999 දක්වා ගත වූ බුධ දශාව තුළ ඔහු කොළඹ පදිංචියට ආවේ කාර්ය බහුලතාවය නිසයි. ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයකු වුවද ඔහුට සරල, ශාස්ත්‍රීය වේග රිද්ම බයිලා ආදී ඕනෑම ආකාරයක ගීත ගැයීමේ හැකියාවත් ඇති බව රසිකයන් දනී. ඔහුගේ (22) දෙවැනි දෙර්කාණාධිපති වූයේ සෙනසුරුය. බාධක ග්‍රහයා වූයේ සිකුරුය. 64 නවාංශකාධිපති වූයේ අඟහරුය. 2023.01.19 දා පටන් මිය යන තෙක් ඔහුට ජන්ම හා අෂ්ඨම ඒරාෂ්ඨක දෙකත්ම ලබා තිබීමත් බාධක ග්‍රහයාගේ මහ දශාවත් ලබා තිබීමත් කුජ ලග්නයේ වක්‍ර ගමනක යෙදීමත් ඔහුගේ මරණය සිදුවීමට හේතු වූ කරුණුය.

නවාංශකයේ සිකුරු බලවත් වීමත් ගුරු මිත්‍රව 4වැන්නේ සිටීමත් ඔහුගේ ජනපි‍්‍රයත්වයටත් නිවාස දේපළ ලැබීමටත් හේතු විය. නවාංශකයේද ශනි, සඳු අට වැන්නේ ය.

මීට අමතරව හස්ත රේඛා සලකුණු ඔහුට බලපා ඇත්තේ කුමන ආකාරයට දැයි කියා විමසා බලමු. ඔහු අත්ලේ ඒ ඒ සලකුණු මඟින් පෙන්වා ඇත්තේ බලවත් සූර්යයා හෙවත් රවි රේඛාවයි. ඊ ඊ සලකුණු මඟින් පෙන්වා ඇත්තේ බලවත් දෛව රේඛාවයි. බී බී සලකුණු මඟින් පෙන්වා ඇත්තේ බලවත් සිඩ්නි රේඛාවයි. මේ රේඛාව හැදෙන්නේ හෘදය හා ශීර්ෂ රේඛාව ඒකාබද්ධ වීමෙනි. මෙය තනු නිර්මාණය ගීත රචනය මෙන්ම යම් යම් කලා නිර්මාණයන් බිහි කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කරන රේඛාවයි. ඊට අමතරව එෆ් සලකුණින් පෙන්වා ඇති බලවත් සිකුරු මණ්ඩලය ඒ ඒ සලකුණු මඟින් පෙන්වා ඇති රවි රේඛාවත් ඔහු සංගීතඥයකු හැටියට ලැබූ ප්‍රසිද්ධියත් ජනපි‍්‍රයත් ලැබීමට හේතු වූ හස්ත රේඛා සිද්ධාන්ත වේ. තවද බුධ මණ්ඩලය තුළ වැටී ඇති ශාස්ත්‍රීය රේඛාවන් හා ගුරු මණ්ඩලය තුළ වැටී ඇති සොලමන්ගේ මුද්දත් ඩී. ඩී. සලකුණු මඟින් පෙන්වා ඇති කුජ රේඛාවත් නිසා ඔහු චිත්‍රපට පසුබිම් ගායකයකු මෙන්ම ශ්‍රී ලංකාවේ අතිශයින්ම ජනාදරයටත් පත් වූ සුවිශේෂ ගායකයකු වීමටත් බලපෑ හස්ත රේඛා සලකුණත් ඡ්‍යොතිෂයට අනුව මරණයට හේතු වූ ඡ්‍යොතිෂ කරුණුත් පෙන්වා දිය හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.