වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
හතේ සෙනසුරු විවාහයට අසුබද?
අද අපි කතා බහ කරමු සෙනසුරු ග්‍රහයා හත්වැන්නට කුමන අන්දමකින් බලපෑම් කරන්නේද යන වග. සත්වැන්නට කේන්දරයක කුජ හෝ රාහු පිහිටීම තරම් අශුභ යැයි පිළිගැනීමට කරුණු හීනයි. සෙනසුරු හතට බාධක යැයි යනු ජනප්‍රවාදයේ එන සම්මත මතයකි. එහෙත් සෙනසුරු සත්වැන්නට බලපෑම ඊට ඉඳුරාම වෙනස්ය. ඡ්‍යොතිෂ පිළිගැනීම් අනුව රාහු, කේතු හැර අනෙක් ග්‍රහයන් සත් දෙනාටම බලවත් වූ රාශීන් වෙයි. ඒවා දිග්බල නමින් දැක්වේ. රවි, කුජ ග්‍රහයින් 10 වැන්නට බලවත්ය. බුධ, ගුරු දෙදෙනා ලග්නයට බලවත් වේ. ශුක්‍ර, සඳු 4 වැන්නට බලවත්ය. එසේම ශනි හත්වැන්නට බලවත්ය. හත් වැන්නට දිග් බලපෑම් නරක යැයි කියන්නේ කෙසේද? ශනි යනු හිරිහැර කරදර හා මානසික කායික පීඩාවන් ගෙනදෙන ග්‍රහයකු නමින් සම්මත පිළිගැනීමකි. තවද කම්කරු ග්‍රහයා ද වේ. අමාරුම කටයුතු කිරීමට ශනි දක්ෂය. ශනිගේ බලපෑම ඇති බොහෝ ඉංජිනේරුවන් මෙන්ම කාර්මික ක්ෂේත්‍රයේ විශාල ශ්‍රමිකයන් පිරිසක් සිටියි.
ශරීරයේ වකුගඩු ආශි‍්‍රත වන්නේ මෙයටය. සිරුරේ පහළම කොටස ගැන කියැවෙන්නේ ශනිගෙනි. උදාහරණයක් ලෙස ශරීරයේ වැසිකිළි ප්‍රදේශයට අධිපතියා ශනිය. එතැනට ගැළපෙන්නේද ශනිය. කම්කරුවාට මිස උසස් ප්‍රභූන්ට එවැන්නක් කළ නොහැකිය. අනික සත්වැන්න විවාහය ගැන කතා කරන තැනකි. විවාහයේ අන්තර් හැසිරීම් රටාව තරමක පීඩාකාරීය. එයට ඔරොත්තු දෙන ග්‍රහ හැසිරීමක් තිබිය යුතුමයි.
විවාහය යනු සදාකාලික ස්වර්ගයේ සැප සම්පත්වලින් පිරුණ තැනක් ද නොවේ. සූකිරි කන්දකින් ගලා හැලෙන මී පැණි ඇල්ලක්ද නොවේ. මේ ගැන අටුවාටීකා අවශ්‍ය නැත.
අඹුසැමි අරගලයකින් සිත් පීඩාවට පත් වූ බිරිඳ ගෙදර ගොස් ආපසු එන්නේ ශනි හත් වැන්නේ සිටින අයෙකු නම් පමණි. හත් වැන්නේ ශනි විවාහය ප්‍රමාද කරයි. නැත්නම් තමාට වඩා වයසින් නොගැළපෙන අයෙකු සමඟ විවාහ වෙයි. මෙය පසුවට තරමක වින්දනයට කරදරයක් ද විය හැකිය. ශනි ලෝකෝත්තර පැත්තට ද බරයි. කල්ගත වන විට විවාහය නොරුස්සයි. ගුරුගෙන් ද මේ තත්ත්වයට පත්වන්නේ හත් වැන්නේ සිටියදී ය. මේ අනුව බලන විට සත් වැන්නේ ශනි සිටින කෙනෙකුට සත් වැන්නේම ශනි සිටින තැනැත්තියක් ගැළපේ යැයි ඡ්‍යොතිෂයේ දක්වා ඇත්තේ ය. ශනි හත් වැන්නේ සිටින විට කම් සැපයේ සෞන්දර්යාත්මක රස නිෂ්පත්තිය හීනවන බව ද පෙනේ. ශනි සිටින කේන්දර විශාල සංඛ්‍යාවක් ඇතුළතට එබී බැලීමෙන් මෙහි සත්‍යය පසක් වේ.
සත් වැන්නේ සෙනසුරු සිටින විට අපමණ උදාහරණ දැක්විය හැකිය. එහි ඇතුළු පැත්තේ සෑම කේන්දරයකම අන්තර්ගතය දෙස බලන විට විවාහය ප්‍රමාද කරන බවත් තරමක් දුරට අප්‍රසන්න කරන බවත් ඔවුනොවුන් නොරුස්නා වගත් කලාතුරකින් පමණක් විවාහය බිඳ දමන බවද පැහැදිලි කරුණකි. පිළියම් වශයෙන් අප කළ යුත්තේ හත් වැන්නේ සෙනසුරු සිටින කෙනෙකුට එසේම හත් වැන්නේ සෙනසුරු සිටින කෙනෙකු සමඟ විවාහ කරවීමයි. නැත්නම් රාහු, ගුරු හෝ කේතු හත් වැන්නේ සිටීමද යහපත් වේ.
රවි ශුක්‍ර හත් වැන්නේ වීම නොගැළපේ. සඳු හත් වැන්නේ සිටීම කොහෙත්ම නොගැළපේ. චන්ද්‍රයා සහ සිකුරු තවත් නොගැළපීමකි. විශේෂයෙන්ම හත් වැන්න යනුවෙන් හඳුන්වන්නේ ශරීරයේ අපද්‍රව්‍ය ඉවත්කරන වැසිකිළි ප්‍රදේශයයි. එහි සෙනසුරු සිටීම කිසිම අයුරකින් අයහපත් නැත. එහෙත් විවාහ වීමේදී මේ ගැන ඡ්‍යොතිෂ විද්‍යාත්මකව කරුණු කාරණා සොයා බලා වැඩ කටයුතු කිරීම අනිවාර්ය වේ. තවද ශරීර සෞඛ්‍යයත් අඩු බලයත් විශේෂයෙන්ම පරීක්ෂා කිරීමට වැදගත් වන බැව් දක්වමු. මේ අයුරින් බලන විට ශනි හතේ සිටීම එකවරම ප්‍රතික්ෂේප කිරීම වැදගත් නොවේ. ශනි තමාගේ මහ ගෙදරට පැමිණ ඇත්තේ අනුන්ගේ ගෙවල්වල සිටිමින් ය. බිය වීමට කරුණක් නැත. මනසින් තමාට යන්ට අවශ්‍ය ගමන යන්න හැකිනම් එපමණයි අවශ්‍ය වන්නේ.