වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ශනි සිකුරු යුද්ධයෙන් සිකුරුට ජය ලග්න දහයකට සුවිශේෂී ජයග්‍රහණ
මේ වසරේ පළමු ග්‍රහ යුද්ධය ශනි හා සිකුරු ග්‍රහයා අතර මේ මස 19 වැනිදා ඉරිදා පෙරවරු 6.56ට සෙනසුරු හිමි මකර රාශියෙහි සිදුවන අතර එම ද්වන්ධ වූ ගැටුමෙන් සිකුරුගේ විජග්‍රහණය තහවුරු වෙයි.
රවි, චන්ද්‍ර, රාහු, කේතු හැර අනෙක් ග්‍රහයන් දෙදෙනකු එකම රාශියක, එකම අංශකයේ, එකම නැකැතේ එකම වෙලාවක ගමන් කිරීම ග්‍රහ යුද්ධයක් ලෙස සලකයි.
සකල කලා, විද්‍යා, ශාස්ත්‍රීය ක්ෂේත්‍රවලටද, යාන වාහන ගොඩමඩ ඉඩකඩම්, ඇඟලුම් රෙදිපිළි ව්‍යාපාර ස්වර්ණාභරණ මැණික් නිදන් පතල් සඳහා ප්‍රබලම ග්‍රහයා සිකුරු බැවින් ඒ අංශවල ප්‍රගතියක් පෙන්නුම් කෙරේ.
අඹුසැමි සබඳතා සාමාග්‍රිය පෙම් සබඳතා සතුටුදායක වෙයි. සිකුරු, මකර-කුම්භ –වෘෂභ- තුලා රාශිවලට ද විශේෂයෙන් උදාරාශිය වූ මකරයෙහි දෙවැන්න වූ ධනස්ථානගතව පිහිටා ජයග්‍රහණය කිරීමෙන් 2,6,10 අර්ථ කෝණය දීප්තිමත් වෙයි. මිථුන -කන්‍යා-මකර-කුම්භ රාශි සතරට විශේෂයෙන් සතුටුදායක පසුබිමක් උදාවෙයි.
අධ්‍යාපනය විදුලිය තැපැල් දුම්රිය වැනි ක්ෂේත්‍ර සඳහා කාරකත්වය දරන බුධගෙන් සුබදෘෂ්ටි ලබන සිකුරු තවත් බලවත් වීමෙන් අය පාර්ශ්වය වැඩි වෙයි.
කුම්භ-වෘෂභ-සිංහ-වෘශ්චික රාශි හතරට නීච භංග රාජ යෝගයකින් සුබපල ද මීන-කටක-කන්‍යා-ධනු ලග්නවලට සුවිශේෂී ජයග්‍රහණද ලැබේ.
සංවර්ධන කටයුතුවලට යහපත්ය.
සිකුරුගේ ජයග්‍රහණය වනිතාවන්ට තිබූ පීඩාකාරී තත්ත්වයන් මඟහැරී යෑමට තුඩු දෙයි. කාලගුණික, දේශගුණික, පාරිසරික පීඩාකාරී පසුබිම තරමක් දුරු වී යයි. කෘෂිකාර්මික, කාර්මික අංශවලට යහපත ඇති වේ. සස යෝගයෙන් බලවත් වන රාශි දීප්තිමත් සමාජ තලයකට අවතීර්ණවන අතර ක්‍රමවත් හරවත් සමාජයකට පසුබිම නිර්මාණය වන්නේය.