වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
යුරේනස් - නැප්චූන් ප්ලූටෝ ඔබට බලපාන අයුරු
යුරේනස්
පැරැණි ඉසිවරුන් විසින් වරුණ නමින් හැඳින්වූ යුරේනස් පසුකාලයේ 1781 දී සර් විලියම් හර්ප්ලි නම් තාරකා විද්‍යාඥයා විසින් සොයා ගන්නා ලදී. යුරේනස්ට රාශි චක්‍රය වටා ගමන් කිරීමට අවුරුදු 84 දින 24ක් ගතවේ. ඒ අනුව එක රාශියක අවුරුදු 07ක් ගමන් කරයි. පැරණි බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල විශ්ව තිථි දිව්‍ය පුත්‍රයා වශයෙන් හඳුන්වන්නේ බලයට අධිපති යුරේනස් ග්‍රහයා ය.
මිනිසා විසින් නිම කරන විට අවුරුදු බොහෝ ගණනක් ගතවන වැඩක් දින කිහිපයකින් නිම කිරීම සඳහා යාන්ත්‍රික ශක්තිය ලබා දුන්නේ යුරේනස් පොළොවට ළංවී මිනිස් සිතට ස්පර්ශවීම හේතුවෙනි. සෙනසුරුට අයත් කුම්භ රාශියට යුරේනස්ගේ බලපෑම පවතියි. සෙනසුරු කාලය රකින ග්‍රහයා වුවත් කාලය අපතේ නොයවා ඉතිරිකර ගැනීමේ ශක්තිය ලැබුණේ යුරේනස් පොළොවට සමීපවීම නිසාය.
ආකර්ෂණ බලය විදුලිය, බලය, විදුලි බලයේ සූක්ෂම ක්‍රියා ගුවන්විදුලිය, විදුලිය කම්බිවල පණිවුඩ හුවමාරුව, අහස් යානා, ගමන් මිනිසාගේ ස්නායු පද්ධතිය සහ භූත රෝග ආදිය පිළිබඳ සොයා ගැනීම්වලට යුරේනස් බලපවත්වයි. වාෂ්ප බලය, ගෑස් කර්මාන්ත, ගල් අඟුරු ආකාර, ගුප්ත ශාස්ත්‍ර, ජල ටැංකි, පිහිනුම් තටාක, පොකුණු ආදියට ද බලපවත්වයි. වෘශ්චික රාශිය උච්ච රාශිය වන අතර වෘෂභය නීච රාශියයි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට, ගුප්ත ශාස්ත්‍රයට මැජික් පෙන්වන අයට, කවියන්ට, සංගීතවේදීන්ට, සිනමාවේදීන්ට, බෙහෙත් වෙළෙන්ඳන්ට, මත්ද්‍රව්‍ය වෙළෙඳාමට සිරගෙවල්, තේවතු ඉන්ධන, තෙල් ආකර ආදියට ද බලපවත්වයි.
යුරේනස් ඒ ඒ රාශිවලදී ලැබෙන ඵල
මේෂ, වෘශ්චික - කාර්මික ඥානය දියුණු වන අතර විමසිල්ලෙන් යුතුව නොයෙක් දේවල් ගැන සොයා බැලීම කරන අතර විමසිලිමත් බව, දුර දක්නා නුවණ ඇති වේ. කෙළින් වැඩ කරන කාය ශක්තිය ඇති කෙනෙක් වේ. කකුලක ආබාධ මෙන්ම ඥාති විරෝධතාද ඇතිවේ. බලාපොරොත්තු කෙරෙහි තද විශ්වාසය පවතියි. ගතානුගතික චාරිත්‍ර, අදහස් දුර්මත නොසලකන අතර දියුණුවට හා උසස් සමාජ තත්ත්වයටද කැමැති වේ.
වෘෂභ - තුලා - ස්ත්‍රී පක්ෂයෙන් ආධාර ලබන අතර කලාත්මක හැඟීම් ඇති වේ. නාට්‍ය ශිල්පයට නිපුණතා ඇතිවේ. කලාව, සාහිත්‍යය ගීතවලින් ලෝකයා අවදි කරවා විශේෂ දියුණුව සලසයි. බලාපොරොත්තු ඉෂ්ට දෙවියකු ලෙස විශ්වාස කරයි. බාධක මැදින් ඒවා ජයගෙන අනාගතය එළිකරගනී.
ධනු - මීන - ප්‍රභූන් ආදී කිසිවකු ඉදිරියේ නොනැමී කටයුතු කරන චිත්ත බලය ඇත. උසස් රූප ස්වභාව ඇතිවේ. ආත්ම විශ්වාසය ඇති නිසා වේගවත් දියුණුව ද ඇති වේ.
මිථුන, කන්‍යා - උතුම්, උසස් අය ආශ්‍රයට ලැබෙන අතර ඥානවන්ත බව ද ඇතිවේ. වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය ඖෂධ පිළිබඳ ඉගෙනීම්වලට පිහිටීම ඇතිවේ. අලුත් නිර්මාණකරණයට ද සහජ දක්ෂතා ඇතිවන අතර විදුලි කටයුතු සහ කඩදාසි වැනි දෑ ගැන විමසිලිමත්වේ. අංග ලක්ෂණවල අඩුපාඩු ඇතිවිය හැකිය. උත්සව හා සමාජ සංදර්ශන සංවිධායකයන් නිතර ආශ්‍රය කරයි.
මකර - කුම්භ - තම දියුණුව ගැන නොසලකා ඛනිජ ද්‍රව්‍යයන් ගැන සිත, කය යොදමින් කාලය කැපකර පරීක්ෂණ කර ඒවායින් ලෝකයාට අතිවිශාල ප්‍රයෝජන සලසන අය බිහි වන්නේ යුරේනස්, මකර, කුම්භ රාශිවල පතිතව සිටි විටය.
කටක - උසස් අපේක්ෂාවන් වෙත සිත යොමු වේ. තර්ක කිරීමේ ඥානය පවතියි. දුක්බර ජීවිතය වුවත් ධනයක් ලබාගෙනම ගත කරයි. සිතුම් පැතුම් අතර කාර්යබහුලව කටයුතු කරයි.
සිංහ - යුරේනස්, සිංහ රාශි ගත වූ විට උසස්, ශ්‍රේෂ්ඨ අදහස් ඇතිවේ. නිරහංකාර වන අතර සමාජ පිළිගැනීමට ද ලක්වේ. මිනිසාගේ යහපත උදෙසා දිවි නොතකා ක්‍රියා කරන අය වෙති. උසස් අරමුණු හා වැදගත් බලාපොරොත්තු මත ජීවිතය ගෙවති. උත්සාහයේ තරමට දියුණුව හා ධනය නොලැබීමට ඉඩ ඇත. ශ්‍රේෂ්ඨත්වය හා ගෞරවය නිරායාසයෙන් ලැබේ.
නැප්චූන්
වරුණ දෙවි සහ උප්පලවර්ණ දෙවි නමින් පෙරදිග පොතපතෙහි සඳහන් වන්නේ නැප්චූන් ග්‍රහයාය. විශේෂයෙන් මිනිසාගේ භවාංග චිත්තයට අධිපතිවේ. මේ නැප්චූන්ගේ බලය මීන ලග්නයට පවතියි. ඒ අනුව නැප්චූන්, ගුරුට සමාන පල ගෙන දෙයි. යුරේනස්ට ඈතින් පිහිටා ඇත. මෑත කාලයේ මේ ග්‍රහයා ගැන තොරතුරු සොයාගත්තේ ජර්මන් ජාතික යොහාන් ගල්ලේ නම් විද්‍යාඥයා විසිනි. නැප්චූන්ට සූර්යයා වටා ගමන් කිරීමට අවුරුදු 164ක් ගතවේ. එක රාශියක අවුරුදු 14ක් ගත කරයි.
මුහුදට අධිපති දෙවියා ලෙස ද හඳුන්වයි. වරාය, සුරාබදු, රේගු කටයුතු, ධීවර කටයුතු, ආරෝග්‍ය ශාලා, සිර ගෙවල්, ගුප්ත සංවිධාන ආදියට මෙන්ම තෙල් වර්ග ආදියට සහ මනෝවිකාරයෙන් මෙන් මායම් ශාස්ත්‍ර කියන්නට ද බලපවත්වයි. භූත විද්‍යාව මෝහනය පරචිත්ත ඥානය භූත බලය පණ්ඩිත බව, චිත්‍ර කර්මය ආදිය ද නැප්චූන්ට අයත් වේ. ගුරුට මෙන් කටක රාශිය උච්ච රාශිය වන අතර මකරය නීච රාශි වේ.
නැප්චූන් ඒ ඒ රාශිවලදී දෙන පල විපාක
මේෂ - උසස් අදහස් ඇති කෙළින් වැඩ කරන කාටත් යටත් නොවන ගති ඇතිවේ. තේරුම් ගැනීමට අපහසු පීඩාවලට ද ලක්වේ.
වෘෂභ - උසස්, ගුණවත්, ත්‍යාගවන්ත බව පෙන්වයි. බියසුලුවන් ඉදිරියේ වීරයකු ලෙස කටයුතු කරන අතර වැදගත් අය හමුවේ හීනදීන අයකු බවට පත් කරයි.
මිථුන - ශාරීරික දුබලතා ඇතිවුවත් ඉගෙනීමට දක්ෂතා ඇතිවේ. ක්‍රියාශීලී දක්ෂයෝ වෙති.
කටක - කතාවට දක්ෂ වේ. දේශානුරාගය ඇති කතාවලට හපන්නු වේ. ආත්ම ගෞරවය ඉහළින්ම අගය කරයි. කිසිවකුගේ බලපෑම්වලට යටත් නොවේ. ධනය උපයා ගනී.
සිංහ - උෂ්ණාධික ශරීරය වේ. බලාපොරොත්තු ඉටුවන තෙක්ම තණ්හාවෙන් කටයුතු කරයි. වියදම්වල ගණන් මිනුම් ගැන, ආගම දහම ගැන තැකීමක් ඇත. ආශ්‍රය උසස් අය සමගම වේ. මිතුරන් ගැන නොතකයි.
කන්‍යා - එකම පරමාර්ථය ධනය සපයා ගැනීම වන අතර ලජ්ජා, බය දෙකින් තොරය. ඇවිදීමට පි‍්‍රය කරන අතර කපටි ද වේ.
තුලා - වාසය කරන ප්‍රදේශයේ දී ප්‍රභූවරයකු ලෙස කටයුතු කරයි. සමාජ ශෝධනයට රට අරගෙන යයි. උසස් බලාපොරොත්තු සහ අධිෂ්ඨාන පවතියි. සතුරන් ද ඇති කර ගනියි. අනුන්ගෙන්ම දිවි ගෙවා ගැනීමට මාර්ග පාදා ගනී.
වෘශ්චික - තම තත්ත්වය, වැදගත්කම ගැන නොසලකයි. දූෂණ ක්‍රියා, නීති විරෝධී කටයුතුවල ද යෙදෙයි. පිටස්තර ස්ත්‍රීන්ගෙන් විනෝදය බලාපොරොත්තු වෙයි.
ධනු - සමාජ සේවා කටයුතුවලට පි‍්‍රය වේ. දියුණුව ගැනම සිත යොදන අතර ආදායම් මාර්ග කිහිපයක් උදා කර ගනී.
මකර - උසස් අයට, රජවරුන්ට පි‍්‍රයවේ. ඥානවන්ත බව, පණ්ඩිත බව ඇතිවේ. ධනයෙන්, තත්ත්වයෙන් බලයෙන් දියුණු වෙයි. ක්ෂණික කෝපයටද පත්වේ.
කුම්භ - මවුපිය, ගුරු, වැඩිහිටි ආදීන්ට පි‍්‍රයවේ. එම අයට ඇලුම් කරයි. ඥානවන්තකම කාර්මික දැනුම ඇතිවේ. දුප්පත්කම මෙන්ම වැඩි අහංකාර බව ද ඇතිවේ.
මීන - අධික බලාපොරොත්තු පවතියි. ඉක්මන්, කඩිසර, ක්‍රියාශීලී ගති ඇතිවේ. සතුටින් දිවි ගෙවීමට උත්සාහ ගනියි.
ප්ලුටෝ
ලංකාවේ පවතින ව්‍යවහාර මතය අනුව මහසොහොන් යක්ෂ බලය ප්ලුටෝගේ බලයට සමාන වේ. අළු දූවිලි කර දැමීමේ බලය ප්ලුටෝගේ ශක්තිය අනුව පවතියි. ප්ලුටෝ කුජට සමානය. වෙඩි බෙහෙත් ඩයිනමයිට් සහ පරමාණු බලය සොයා ගන්නේ මේ ග්‍රහයා පෘථිවියට ළංවීමෙන් මිනිස් සිතට ස්පර්ශ වීමෙනි, වෘශ්චික රාශියට ප්ලුටෝගේ අධිපතිකම පවතිතැයි පැරණි ඍෂිවරු හැඳින්වූහ. ෆාර්සිවල් විසින් 1930 වර්ෂයේ සොයා ගන්නා ලදි. සූර්යාට දුරින්ම ඇති ග්‍රහයා වන්නේ ප්ලුටෝය. මළවුන් පාලනය කරන්නා ලෙස ද හඳුන්වයි. වැඩි විස්තර පොත්පත්වල නැත. සූර්යයා වටේ ගමන් කිරීමට ප්ලුටෝට අවු. 249ක් ගතවේ. එක රාශියක අවුරුදු 20 මාස 9ක් ගත කරයි. ඒ ඒ රාශිවලදී කුජට සමාන පල ඇති කරයි.
මේෂ- ඕනෑම දෙයක් ස්ව ශක්තියෙන් කළ හැකි, කිසිවකුගෙන්, උදවු බලාපොරොත්තු නොවී තම කටයුතු කර ගනියි. අනතුරු පීඩාවලට ද ලක්විය හැකිය.
වෘෂභ - ඉක්මන් කලබලකාරීකම නිසා හවුල්කරුවන් කොටස්කරුවන් සමඟ අවුල් ඇති කර ගනී. සම්මත නීති චාරිත්‍ර වාරිත්‍ර කඩ කරයි. ඇදහිලි මිථ්‍යා විශ්වාස නිසා මුලාවීම්වලට ලක්වේ.
මිථුන - ඉගෙනීම් ආදී ශාස්ත්‍රීය කටයුතුවලට තරමක් යහපත්ය. සහෝදර පල අහිමිවීමට හෝ සහෝදරයන් සමඟ අමනාපවීම් ඇතිවීමට ඉඩකඩ පවතියි.
කටක - සැර පරුෂ ගති අඩුවේ. වෙනත් අයගේ වගකීම් ඉටුකිරීමට ද සිදුවේ. සමාජයේ දී වැදගත් තැනක් හිමිවේ.
සිංහ - සහජ අවබෝධය ඇතිවේ. ගණිත, මිනිත, ඉංජිනේරු අංශවල සහජ දැනුම යෙදේ. පියාට අසුබ වේ. උදරය, පපුව අතර උෂ්ණ රෝග ඇතිවිය හැකිය.
කන්‍යා - සතුරු කරදර යෙදෙන අතර තම අධ්‍යාපනය සඳහා වෙනත් අයගෙන් ඊර්ෂ්‍යාකාරකම් ඇතිවෙයි. අස්ථාන චෝදනාවලට ලක්වේ.
තුලා - කලාවට මෙන්ම විනෝදයට ද පි‍්‍රය කරයි. ඒ අනුව නොමඟ යාම්වලට ද ඉඩ තිබේ. ආශ්‍රය කරන අය නිසා අමාරුවේ වැටීමට ද ඉඩ ඇත.
වෘශ්චික - තදබල කෝපාගති ඇතිවේ. අපරාධකරුවන්ගෙන් පීඩාවට පත්වීමට ඉඩ තිබේ. කාන්තාවක් නම් වඩා ප්‍රවේශම් විය යුතු ය. වැළැකුම ප්‍රමාදය බන්ධනය නොඉවසන ගති ඇතිවේ. ධෛර්යසම්පන්න, නිර්භය කෙනෙක් වේ. ආත්ම විශ්වාසය තදින් පවතියි.
ධනු - ලැබීමේ භාග්‍යය පවතියි. ආගම ධර්මයට භක්තිය, විශ්වාසය අඩුවේ. සාම්ප්‍රදායික සිරිත් විරිත්වලදී ව්‍යාජ ලෙස කටයුතු කිරීමට සිදුවේ.
මකර - ඥානවන්ත වන අතර රැකී රක්ෂා ආදී කටයුතුවලින් දියුණුව ඇතිවේ.
කුම්භ - වාද විවාදවලට කැමැති වේ. ලාභ ප්‍රයෝජන අඩුවේ. මහජන කටයුතුවලට යොමු වේ. ප්‍රසිද්ධ වැඩවලින් ආදායම් ලබයි. නෑදෑයන්ගෙන් උදව් ලැබේ.
මීන - මානසික දැනුම දියුණු කළ හැකිය. කරුණාවන්ත ගති ඇතිවේ. මිතුරන්ගෙන් ආධාර උපකාර ලැබේ.