රට යන්න වාසනාව ලැබෙන්නෙ මෙහෙමයි

සැප්තැම්බර් 1, 2023

ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්‍ද්‍රයක 9 වැනි භාවය, පියා, උසස් අධ්‍යපනය, විදේශ සංචාර, ආධ්‍යාත්මික හැකියාව යනාදිය ගැන පෙන්වන ස්ථානය වෙයි.

9 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 12 වැනි භාවයට සම්බන්‍ධ වන්නේ නම්, විදේශීය සංචාරවල යෙදෙන්නට වාසනාව ලැබෙයි. එසේම විදේශීය රටවල පදිංචි වෙයි.

බොහෝවිට ඥාතීන්ගෙන් සහ දරුවන්ගෙන් වෙන්ව ඡීවත්වෙයි.

මෙම ජන්ම පත්‍රය හිමි අයගේ විදේශීය සංචාර සම්බන්‍ධයෙන්, ජන්ම පත්‍රයේ 9 වැනි භාවය පරීක්‍ෂා කරමු. මෙම ජන්ම පත්‍රයේ 9 වැනි භාව ස්ඵූටය වෘෂභ රාශියේ අංශක 07 38’52“ හි යෙදී ඇත, මෙම භාව ස්ඵූටය සිකුරු ග්‍රහයා හිමි වෘෂභ රාශියේ රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක සහ කේතු ග්‍රහයා හිමි උප ස්ථානයක යෙදී ඇත, ඒ අනුව මෙම ජන්ම පත්‍රයේ 9 වැනි භාවය වෘෂභ රාශියේ අංශක 07 38’52“ හි සිට මිථූන රාශියේ අංශක 06 22’ 59“ දක්වා යෙදී ඇත.

ජන්ම පත්‍රයක හෝ තත්කාල කේන්‍ද්‍රයක 9 වැනි භාවය විදේශ සංචාර පෙන්වන ස්ථානයයි. 9 වැනි භාව ස්ඵූඨයේ උපස්ථානය අධිපති ග්‍රහයා 9 වැනි හෝ 3 වැනි හෝ 12 වැනි භාවයක නිවේදකත්වය දරන විට ජන්මියා විදේශ සංචාරවල යෙදීමේ වාසනාව ලබයි.

මෙම ජන්ම පත්‍රයේ 9 වැනි භාව ස්ඵූඨයේ උපස්ථානය අධිපති කේතු ග්‍රහයා වෙයි. මේ කේතු ග්‍රහයා, 1 වැනි භාවයේ කුජ ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. කුජ ග්‍රහයා 3 වැනි සහ 8 වැනි භාව අධිපතිව, 3 වැනි භාවයේ තැන්පත්ව සිටියි. මේ අනුව ජන්මියා විදේශ සංචාරවල යෙදීමේ වාසනාව ලබා ඇති බව ප්‍රකාශ කළ හැකිය. මේ ජන්මියාගේ විදේශ සංචාර සිදුවන කාල සීමාව නිගමනය කිරීම සඳහා ජන්ම පත්‍රයේ 9 වැනි, 3 වැනි සහ 12 වැනි භාවයක නිවේදක ග්‍රහයන් යොදා ගන්න. 9 වැනි භාවය; සිකුරු, රවි සහ කුජ 3 වැනි භාවය; කුජ සහ 12 වැනි භාවය; රවිය. සඳු, මේ අනුව, 9 වැනි, 3 වැනි සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ සිකුරු, රවි, කුජ සහ සඳු යන ග්‍රහයන් වෙති. මෙම ග්‍රහයන්ගේ නිවේදකත්වය ඇති දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරනවිට ජන්මියා විදේශ ගත වෙයි.

නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී සහ දශා අතුරු දශා කාලවල අධිපති ග්‍රහයන්ගේ සහ රවි සහ සඳුගේ ගෝචර ගමන් සමඟ එකඟවන විට ප්‍රතිඵල ලබයි. මෙම ජන්ම පත්‍රයේ ජන්ම අවස්ථාවේ පාලක ග්‍රහයන් වන්නේ; කුජ, ගුරු, ශනි, බුධ, සිකුරු වෙති.

මේ ග්‍රහයන් අතරෙන් පොදු ග්‍රහයන්, එනම් පලදායී නිවේදක වන්නේ; ගුරු, ශනි, බුධ, සිකුරු වේ.

මේ කාල සීමාව තුළ ගුරු ග්‍රහයාගේ ගෝචර ගමන බලන්න. මේ කාල සීමාව තුළ රවිගේ ගෝචර ගමන බලන්න. ඊළඟට සඳුගේ ගෝචර ගමන බලා දිනය නිගමනය කරන්න.

ඡ්‍යොතිර්වේදී

ජී. එච්. ඩබ්. සිල්වා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.