ඔබට භූමිලාභ හිමිද?

ජූලි 24, 2020

මේ පොළෝතලයේ ජන්මය ලැබූ සියලුම දෙනාට භූමිලාභ හිමි බව ඔබ දන්නෙ නැහැ. එම නිසා ඔබේ හිමිකාරිත්වය ඔබට නැති වී යනවා. වර්ෂ 2020/2021 මැණික් /නිදන් මතුකරන වර්ෂ බව මේ වසරේ මුලදීම කිව්වා මතකයි. 

ඔය කොරෝනා වසංගතය එහි පෙරහුරුවක්. ඒ අතරම ඔබේ ගෙදරට කලු කුහුඹුවන්ගේ පැමිණීම ගැනත් – පේ‍්‍රතයා ඉතා අහිංසක අදෘශ්‍යමාන බලවේගයක් බවත් කීපවිටක්ම කිව්වා මතක ඇති. මේ කරුණු සියල්ලම නිදන් භෛරවයා සමඟ විශේෂ සම්බන්ධතාවයක් පවත්වනවා. මගේ සටහන් දැක ප්‍රයෝජනය ගත් අය ලිපි එවීමෙන් හා ස්තුති කිරීමෙන් දැන ගත්තා ඉන් ප්‍රයෝජනය අරගෙන ඇති බව. 

ඔබට කිසියම් භූමි ලාභයක් ලබා ගැනීමට ආශාවෙන් බලාපොරොත්තුවෙන් සිටියත් එය ලබා ගන්නේ කෙසේද කියන එකයි ප්‍රශ්නය වුණේ. නිධං භෛරවයගේ කුළුපග ආවතේවකාරයා හැටියට පේ‍්‍රතයාව නම් කරනවා. පේ‍්‍රතයා කිව්වට ගෙවල ප්‍රේතයා. අපේ වචනයෙන් කිව්වොත් නිදන් භෛරවයගේ කේලම්කාරයා ඔය පේ‍්‍රතයා . හැබැයි පේ‍්‍රතයා කිව්වම වර්ග තිබෙනවා. සම්පූර්ණ විස්තර පේ‍්‍රත වස්තුවේ සඳහන් වී තිබෙනවා. 

නිදන් භෛරවයා තුන් වර්ගයයි. එක් අයෙක් තමයි වස්තුව කැපකරගෙන වස්තුව රකින වස්ත්‍ර භෛරවයා. අස්ථීරව හෝ රකින කෙනෙක් නැති වූ විට ඒ වස්තුවට අධිපතිව ඉන්න අස්ථිර භෛරවයා  තුන්වැනියා තමයි. 

පොළෝ තලයේම ඇතිවී පොළොවටම අධිපතිකම දරන පාතාල භෛරවයා. සාමාන්‍යයෙන් භෛරවයෝ අටදෙනයි. ඒ අට දිශාවට. මින් නපුරුම භෛරවයා. පළමුව සඳහන් කළ නිදන් වස්තු භෛරවයා. මොකද මේ භෛරවයා කිසියම් හෝ දොළ පිදේනි බලාපොරොත්තු වන නිසා. විශේෂයෙන් ඒක සිදුවන්නේ මිනිස් ආත්මය භවයෙන් චුත වන අවස්ථාවේ කිසියම් පොරොන්දුවකට යටත් වූ නිසා. 

කෙසේ වෙතත් මේ පොළොවෙන් මතුවන වස්තුව ගැනීමට හිමිකාරිය හෝ හිමිකරුවා විය යුතු බවට සඳහන් කලත් වරිගයේ එහෙමත් නැතිනම් කුල පරම්පරාවේ පිං ඇත්තියකට එය ලබා ගත හැකියි. විශේෂයෙන් පළමුව හා දෙවනුව සඳහන් කර නියං පිහිටි හා රුහුණු රටේ පවතින බව සඳහන්. සබරගමු පළාතේ ද ලැබෙන වස්තුව, බොහෝදුරට නිදන් වස්තුවලට නොවැටෙන අතර පෘථිවි පෘෂ්ඨයේ ලෝහමය පිහිටීමට අනුව හැදුණු ඒවා. ඒ ලාභ ගැනීමට ද පුද පූජා අවශ්‍ය බව සඳහන් කරන අතර ඒවා දේවාල වලට ලබා දීමෙන් පසු දේව අනුහසින් මිදී මතුවනවා. 

ඔබට නිදන් වස්තුවක හිමිකාරත්වය තිබෙනව නම් අඩුම තරමින් මේ පොළවේ කිසියම් හෝ පැළයක් ගහක් සිටුවා තිබිය යුතුමයි. එය නොමැරී තිබිය යුතුයි. ඔබ දැකල ඇති ඉතාම අඩු ප්‍රමාණයක කෙනෙක් හෝ කීප දෙනෙක් පැළ කළ කිසියම්ම හෝ පැළයක් පොළෝතලයේ පැළවෙන්නෙ නැහැ. පැළ වුණත් කොඩවනවා. ඒ අයගෙන් පොළොවටත්, පොළොවෙන් ඒ අයටත් 

සෙතක් පිහිටක් නැහැ. නිදං භෛරවයා හැම විටම සූදානමින් සිටින්නේ සුදුසු ඔබ වෙත නිධානය විවෘත කිරීමටයි. ඒ නියමිත දොළ පිදේනි ලැබ. එය එසේ වන්නේ හැමදා මේ නිදන් වස්තු රැකගැනීම භෛරවයාටත් ලොකු කරදරයක් නිසා. භෛරවයත් ලොකු තහංචියකට මැදිවෙලයි ඉන්නේ. 

නිදන් වස්තුව ඇති බොහෝ ඉඩම් වල පාට වෙනස් කරන කටුස්සන්,තලගොයින් වැඩි වශයෙන් ජීවත් වනවා. සමහර ඉඩම්වල ඒ අත සිට මේ අත දක්වා නයෙක් වේගයෙන් යනවා. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.