ඡ්‍යොතිෂ්‍යයෙන් ඉදිරිය දෙස බලමු

ජුනි 14, 2019

උඩුකාව සමින්දි වයස 23 , විවාහය හා අනාගතය කෙසේවේද?

පිළිතුර :– ධනු ලග්න, කන්‍යා නවාංශක ,පුවපල් නැකත දැනට දසාව රාහු, පංච මහා පුරුෂ යෝග දෙකකින් වර්ණවත්ව ඇති ඔබේ ජන්මය ඉතා බලවත් බව පෙනේ. ගුරුගෙන් හංස යෝගයෙත් , බුධගෙන් භද්‍රයෝගයත් පමණක් නොව බුධ ආදිත්‍යය යෝගයද උදාකරගනිමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මහා පෙරළියක් කර ගැනීමට වාසනාව ඔබට ඇත. දැනට ගත කරන දසාව එතරම් සුබදායක නොවුවද, ජන්ම පත්‍රයේ බලවත් බව නිසාම එතරම් අපලකාරී බවක් නොපෙනේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේම බලවත් වෘත්තියකට හිමිකම් ඇත. ආශ්‍රය කරන අය අතර මෙන්ම වෘත්තීය ස්ථානයේද ජනපි‍්‍රයත්වයට පත්වන අතර, ඔබෙන් උපදෙස් ගන්නට පෙළඹෙන අයද දිනෙන් දින වැඩිවනු ඇත. දැනට බලවත් විවාහ යෝග නැතත් ඉතා යහපත් විවාහයක් හා යුගදිවියක් ඔබට උරුම බව පෙනේ. එහෙත් විවාහය සඳහා තව ටිකකලක් ඉවසන්නට සිදුවේවි. පමා වුවද වාසනාවන්ත විවාහයකි. ඔබ වෘත්තියක නියැළෙන්නේ නම් සහකරුද එහිම සිටින්නට පිළිවන. එහෙත් ජන්ම පත්‍ර ගලපා විවාහ වන්නේ නම් ඉතා යහපත්ය. විවාහ දෝෂ නැත. දරුපලද ඉහළ තලයක පිහිටා ඇත. වාසනාවන්ත බලවත් ජන්ම පත්‍රයකි.

හඟුරන්කෙත සංජීව වයස –27 විවාහය කවදා කා සමඟ කුමන පළාතකින් කෙසේ සිදුවේ ද?

පිළිතුර – කන්‍යා ලග්න මිථුන නවාංශක සිත නැකත දැනට දසාව රාහු, දැනට පමාවීමක් නැතත් ඔබ සිතන ආකාරයට ඉක්මන් විවාහයකට යා නොහැක. එසේ වුවහොත් එහි අනිසි විපාක ඉදිරියේදී විඳින්නට සිදුවේවි. කෙසේ වෙතත් මෙම දසා කාලය තුළම ඔබට ඔබේ සහකාරිය හමුවේවි. ඔබ පදිංචි ප්‍රදේශයට බොහෝ ඈතින් ඊසාන දෙසින් සහකාරිය හමුවන්නට පිළිවන. විවාහ ස්ථාන අධිපති දුෂ්ට ස්ථානයක් වූ 12 වැන්නේ උපතේදී පිහිටීම සුබදායක නැත. විවාහය පමාවීමට මෙයද හේතුවක් විය හැකිය. දායාද ගැන බලාපොරොත්තු තබා නොගන්නේ නම් මැනවි. යුගදිවිය යහපත්ව පවත්වාගෙන යාමට මහත් වෙහෙසක් ගන්නට සිදුවේවි. පවුලේ සාමයට බාධා ගෙන දෙන සිදුවීම්වලින් ප්‍රවේසම්ව කටයුතු කළ හොත් අනාගතය සුභදායක වේවි. පස් වැන්න වූ පුත්‍ර ස්ථාන අධිපති ශනි දුර්වලවීමත් පුත්‍රකාරක ගුරු සතුරු වීමත් පුත්‍ර ස්ථානය නොදැකීමෙන් දරුපලවලට අසුබවාදීව බලපාන්නට පිළිවන. කෙසේ වෙතත් ලැබෙන බිරිඳගේ එම තත්ත්වයන් බලවත් වුවහොත් එම අඩුපාඩුවද මඟහරවා ගන්නට පිළිවන.

පිටබැද්දර දීපිකා වයස :– 19 උසස් අධ්‍යාපනය කෙසේ වේද? රජයේ උසස් රැකියාවක් ලැබේද?

පිළිතුර – වෘෂභ ලග්න කටක නවාංශක පුවපල් නැකත දැනට දසාව කුජ අධ්‍යාපනය ගැන සලකා බැලීමේදී පස් වැන්න හා 9 වැන්න සුබ තත්ත්වයෙන් පවතින බව පෙනේ. 5 වැන්න අධිපති ශනිද අයස්ථානය වූ 11 වැන්නේ සිටී. මෙම තත්ත්වයන් දෙක උසස් අධ්‍යාපනයට යහපත්ය. එහෙත් 22 වන දෙර්කාණාධිපති සඳු බලවත් ලෙස පීඩාකරන බැවින්, උසස් පෙළ සමත් වුවත්, විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන සැක සහිතයි. විභාගයට පෙර සඳු වෙනුවෙන් බෝධි පූජා 7 ක්වත් කළ හැකි නම් ( මේ සඳහා සඳුදා දින තෝරා ගන්නේ නම් වඩාත් යහපත් වේ) ඉතා හොඳයි. රාජ්‍යකාරක රවි සතුරුව රැකියා ස්ථානයේ උපතේදී ස්ථාපිතවීමත්, රජයේ රැකියාවකට බාධාගෙන දීමකි. කෙසේ වෙතත් උසස් අධ්‍යාපනය ලබා පුද්ගලික අංශයේ හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තියකට ඔබට හිමිකම් ඇති බව පෙනේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

තුංමෝදර නිමාලි

වයස : 26 රජයේ රැකියාවක් ලැබේද?

ඡ්‍යොතිෂවේදී

යසපාල දික්මාදුගොඩගෙන්

ඔබේ පැනයට පිළිතුරු

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.