වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සිව් සැට වැනි නවාංසකය
මැයි 10, 2019
ජන්ම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා මැ අයහපත් පල ඇතිකරන ගහයන් හත් දෙනාගෙන් එක් කෙනකු බව ඔබ දනිති. එය ලග්නයෙන් ද සඳු ගෙන් ද යන දෙපිළිවලට මැ බලපානා බව පැරැණි ඉසිවරුන් පෙන්වා දී ඇත.
එය “ඛර” නවාංසකය යන නමින් ද හඳුන්වා ඇත. “ඛර” යනු සකුවෙහි,තද, දැඩි, කුරිරු යන අරුත් දෙන වදනකි. මේ කුරිරු නවාංසකය හිමියා ඇතිකරන කුරිරු පල විපාක ගැනද සැලැකිලිමත්වීම වැදගත් වෙයි. මීට ඉහත පළ කළ 35 වැනි පැටුමෙහි ලා, ‘ජිද්රගහ’ යන නමින් ඉසිවරුන් හඳුන්වා ඇති ගහයන් හත් දෙනකු ගැන සඳහන් කළෙමි. “ජිද්රා” යනු “සිදුරුකරන” යන අරුත ඇති සකු වදනකි. 64 වැනි නවාංසකය අදිපතියා ද ඒ හත් දෙනා ගෙන් එක් ගහයෙකි. ඒ හත් දෙනා ගෙන් බලවත් මැ ගහයා ගේ දසා, අතුරු දසාවකදී කෙනකු ගේ මරණය සිදු වන බව ද ඉසිවරුන් පෙන්වා දී ඇත. එ පමණක් නො වැ ලග්නයෙන් හෝ සඳු ගෙන් හෝ 64 වැනි නවාංසකය යෙදෙන තැනින් රාහු ගමන් කරන අවස්ථාවක තමා ගේ හිතවත් නෑයකු ගේ මරණය සිදු වීමට ඉඩ ඇති බව බලභද්රයෝ පෙන්වා දෙති. රාහු මේ තැන ඉක්මවා යාමට මාස දෙකක පමණ කාලයක් ගන්නා බව ද කියා ඇත.
මේ 64 වැනි නවාංශකය අදිපතියා දුස්ට රාසියකට වැටී සෙනසුරු හා එක්වී ඇත්නම් ඒ තැනැත්තා ගේ මරණය සිදුවන්නේ වස ශරීරගත වීමෙන් බවත්, එම 64 වැනි නවාංසකය අදිපතියා දුස්ට රාසියක දී රාහු හෝ කේතු හෝ සමඟ එක් වී ඇත්නම් ගෙල හිරවීමෙන් මරණය සිදුවන බවත් “ජාතක පාරිජාත” නම් දෝ සතර පොතේ සඳහන් වී ඇත.
මෙ සේ මෙම 64 වැනි නවාංසකය මතින් පමණක් නොව, එහි අදිපතියා දුස්ට රාසියක තැන්පත් වී ඇත්නම් ඒ මතින් පාප ගහයකු ගමන් කරන කාලසීමාව ද අයහපත් කාලයක් බව දත යුතු වෙයි.
එ වැනි අවස්තාවක තමන් කෙරෙහි බලපාන මහ දසාව හෝ අතුරු දසාව හෝ පාපයකු ගේ වුව හොත් එයින් ඇතිකරන පලයද ඉතා මැ අයහපත් වනු ඇත. පලාපල කීමේදී එ බඳු තැන් ගැන ද සැලැකිලිමත් වීම වැදගත් වෙයි.
ජන්ම කේන්දරයක් අතට ගත් සැණින් 64 වැනි නවාංසකය සොයාගැනීමේ පහසු පිළිවෙළක්ද ඇත. 64 දොළහෙන් බෙදූ විට 4 ක් ඉතිරි වෙයි.
එ හෙයින් නවාංසක සටහනේ 4 වැනි කොටුව හිමියා 64 වන නවාංසකය අදිපතියා වෙයි. නිදසුනක් ගෙන බලමු.
මීන නවාංසකයේ සිට සිව් වැන්න මිතුනය යි. මිතුනය බුදට හිමියි. එ හෙයින් මේ කේන්දරයේ 64 වැනි නවාංසකය අදිපතියා බුද යි.නවාංසකය එකින් එක ගණන් කැර බැලූ විට එය නිවැරැදි බව පෙනෙයි. කන්‍යා රාසියේ මීන නවාංසකයේ සිට ඉදිරියට නවාංසක හතක් ඇත. එ තැන් සිට තුලා, වෘශ්චික , ධනු, මකර , කුම්භ, මීන යන රාසි හයෙහි නවාංසක පණස් හතරකි. (9ය6=54) යි.ඒ 54 ද කන්‍යා රාසියේ නවාංසක හතට එකතු කළ විට 61 ක් වෙයි. ඊළඟ මේෂ රාසියේ නවාංසක ඇරඹෙන්නේ මේෂයෙනි. එහෙයින් , මේස, වෘෂභ, මිතුන යන නවාංසක තුන ඉහත හැට එකට එක් කළ විට 64 වෙයි. එ හෙයින් ඉහත කී කෙටි ක්‍රමය නිවැරැදි බව පැහැදිලි වෙ යි.
මෙ සේ ඕනෑම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා පහසුවෙන් සොයා ගත හැක.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
හේමසිරි කුමාරණතුංග
෴ සබැඳි ලිපි ෴
අපේ මූලික අවශ්‍යතාවයන් අතුරින් ඇඳුම් ද ප්‍රධාන ස්ථානයක් ගනී. ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව අපි එම ඇඳුම් තෝරා ගැනීමේදී ඇඳුමේ පාට පිළිබඳව සැලකිලිමත් වීම...
2024-07-11 18:30:00
මුදු ඇඟිල්ල වශයෙන්ද රවි ඇඟිල්ල හඳුන්වන අතර පුද්ගලයෙකුගේ නිර්මාණාත්මක කරුණු ගණනාවක් මේ ඇඟිල්ල පරික්ෂා කිරිමෙන් දැනගත හැකිවේ. එනම් කලාව සංගීතයට ඇති...
2024-07-04 18:30:00
ග්‍රහලොව මව ලෙස හඳුන්වන්නේ චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා වෙයි.රාත්‍රී උපන් අයට සඳු මව වෙයි. ඒ උතුම් මවු පදවියේ ගෞරවය පුර පක්ෂයේ සඳු ග්‍රහයා ජන්මියාට...
2024-07-04 18:30:00
මේ අත්ලේ සටහන් වී ඇති විශේෂ හස්ත රේඛා සළකුණු මොනවාද? මෙම අත්සටහන හිමි මහතා දිගු කාලයක් ලංකාවේ ආරක්ෂක අංශයේ ඉහළ රැකියාවක කළ අයෙකි. දැනට කීප...
2024-07-04 18:30:00
මන්ත්‍රය -ඕං වශී - ලෝක වශී සර්වජන වශී වශී ඒස්වාහඞ (1000 වරයි )ක්‍රමය -පිරිසුදු ස්ථානයක් ගෙන එහි කාමරයක් සිටින සේ වටකර ගෙන කනප්පුවක් හැඩයට අඹ ලී...
2024-07-04 18:30:00
පුරුෂාර්ථ ප්රවාසීව බාධුකායෙ¸ සදොද්යමීඅනුරාධා භවෙලොකඞ සදා භෘෂ්ටශ්ව ජායතෙ අනුර නැකතින් උපත ලද්දේ නම් ඉතාම බුද්ධිමත් විවිධ භාෂා ශාස්ත්‍රයන්හි දක්ෂකම්...
2024-07-04 18:30:00
තමාගේ ඉදිරි කාලය හෝ, ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කටයුත්ත සාර්ථක වේද? අසාර්ථක වේද? අසනීපය සුවවේද? යන ගමනින් බලාපොරොත්තු ලෙස ඉටුවේද? ආදී කරුණුවල...
2024-06-27 18:30:00
පරාශර මතය පරිදි කේන්දරයක පලාපල කථනයේදී අනිවාර්යයෙන් සුවිශේෂයෙන් අනුගමනය කළ යුතු ප්‍රධානම කාරණා තුනක් ඇත. ඒ කේන්ද්‍රයෙහි 1. අදාළ භාවය 2....
2024-06-27 18:30:00
නෛසර්ගික පාපයන් වන රවි, කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් රවි වක්‍ර නොවන අතර රාහු, කේතු යන ඡායා ග්‍රහයන් ආපස්සට ගමන් ගන්නා ඡායා ග්‍රහයන් වන...
2024-06-20 18:30:00
කොවිදො ධාර්මිකොලපාÀථිඞ කෘපණඞපි්රය වල්ලභඞසුඛස්වදෙව භක්ත ශ්වජාතො භවෙන්තරඞ සා නැකතේ යටි අරුත දැහැමි දිවිපෙවෙතක් හා කර්මාන්තයන්හි නියැළුණ...
2024-06-20 18:30:00
බුද්ධ වර්ෂ 236 වැන්නේ ලක් ධරණී තලයේ මිස්සක පව්වේදී දෙවැනිපෑතිස් රජුගේ 40,000ක සේනාවක් හා මිහිඳු මහරහතන් වහන්සේ සමඟ පැමිණි ඉට්ඨිය, උත්තිය, සම්බල,...
2024-06-20 18:30:00
මහා ලක්ෂ්මී ස්තෝත්‍රය නමසෙතස්තු මහා මායෙ - ශ්‍රී පීඨෙ සුර පූජිතෙ ශඛං චක්‍ර ගදා හසෙත - මහා ලක්ෂ්මී නමොස්තුතෙ නමසෙත ගරුඩා රූඨෙ - කොලාසුර භයංකරී සර්ව...
2024-06-20 18:30:00
අප කාටත් ජීවිතයේදී ඇතිවන ග්‍රහ අපල ඇස්වහ කටවහ යන දෝෂ නිසා කාටත් පි‍්‍රයවීම නොවන නිසා ජීවිතයේ කරදර බාධක ඇතිවේ. එවැනි අවස්ථාවලදී සියලු දෝෂ දුරු...
2024-06-13 18:30:00
ඍෂි මත බොහෝය. ඒවා හමුවූ විට නියත දැනුමක් වන්නේ කී දෙනද? දැනුවත්ව කටයුතු කිරීම යහපතක් මිස අයහපතක් නොවේ. දෙලොවටම යහපතකි. මනුෂ්‍යයෙකුට කියා දෙවියකුටවත්...
2024-06-13 18:30:00
පාර්වතී දෙවඟන යනු ඊශ්වර හෙවත් ශිව දෙවියන්ගේ පි්රයංබිකාවය. ගණ දෙවියන්ගේ සහ කතරගම දෙවියන්ගේ මාතාවය. සුරාසුර යුද්ධයේදී බලවත්ම අසුරයා පරාද කිරීමට...
2024-06-13 18:30:00
පුත්‍ර දාර යුත සතු ෂෙටා ධන ධාන්‍ය සමාන්විතඞදේව බ්‍රාහ්මණ භක්තශ්රව විත්රායාංජඞ යතෙනරඞසිත නැකතින් උපන්නේ නම් සෞන්දර්ය අංශයට විශේෂයෙන්ම සංගීතයට පි්...
2024-06-13 18:30:00