වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ඔබේ ලග්නය වෘෂභ නම්...
දෙසැම්බර් 2, 2022
චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි.
ගොනෙකුගේ රුව සංකේතවත් කරන වෘෂභ රාශිය තාරකා 23කින් සමන්විත වන කැති නැකතේ පාද තුනක්ද, ඝටාකාර තරුපහකින් සැදුම්ලත් රෙහෙණ නැකතද මුව හිසකට සමානව පිහිටි තරු 03කින් සමන්විත වන මුවසිරස නැකතේ මුල්පාද දෙකද මෙයට ඇතුළත් වේ. රාශි චක්‍රයේ දෙවැන්න වෘෂභයයි. පඨවි හෙවත් තද ගුණයෙන් යුතු රාශියකි. ලග්නාධිපතිවනුයේ සිකුරු ය.
වෘෂභ ලග්නයෙන් උපන් අය උතුම් ගතිගුණ ඇති ගුණවත් ඇත්තෝ ය. යුද කටයුතුවලට මෙන්ම කෝලාහල කිරීමටද පි‍්‍රය අයවෙති. පරිත්‍යාගශීලී බව කැපී පෙනෙන අතර වියදම් කිරීමටද ශූරයෝ ය. සුළු සිද්ධියක දී පවා ඔවුහු මහත් කැලඹීමකට හා බියට පත්වෙති. සුළු සිද්ධියක් විශාල සිද්ධියක් ලෙස සිතීමට ඔවුහු පුරුදු වී සිටිති. උසස් ඉගෙනීමක් ලබා උසස් තත්ත්වයකට පැමිණීමට වාසනාව ඇත.
සිකුරු ග්‍රහ මඬුල්ලේ මනාලියයි. එහෙයින් වෘෂභ රාශියෙන් උපන් අය අලංකාරයට, ආදරයට මුල් තැනක් දෙයි. නිතරම පිරිසුදුවටත්, ලස්සනටත් සිටීමට ඔවුන් වඩා රුචිකත්වයක් දක්වති. මෙම ලග්නයෙන් උපන් අයගේ මුහුණ වටකුරු ය. තොල පළල්ය. කන්දෙක තරමක් විශාල වන අතර නළල පළල් බවක් පෙන්නුම් කරයි. දත් පෙනෙන සේ හඬ නඟා සිනාසීම ඔවුන්ගේ විශේෂ ලක්ෂණයකි.
අඟ පසඟ මනාව ලස්සනට පිහිටා ඇත. මහත් වූ බෙල්ලකට හිමිකම් කියන පිරුණ උරහිස් තලයකින් යුක්තය. කම්මුල් සහ මුඛය පිරුන බවක් පෙන්වයි. කළු හිසකෙස් සහ ඇස් ඇත්තේ වෙයි. කල්යෑමෙන් හිසකේ රැලි ගැසේ.
ගතිගුණ
වෘෂභ ලග්නයෙන් උපන් අය උතුම් ගතිගුණ ඇති ගුණවත් ඇත්තෝ ය. යුද කටයුතුවලට මෙන්ම කෝලාහල කිරීමටද පි‍්‍රය අයවෙති. පරිත්‍යාගශීලී බව කැපී පෙනෙන අතර වියදම් කිරීමටද ශූරයෝ ය. සුළු සිද්ධියක දී පවා ඔවුහු මහත් කැලඹීමකට හා බියට පත්වෙති. සුළු සිද්ධියක් විශාල සිද්ධියක් ලෙස සිතීමට ඔවුහු පුරුදු වී සිටිති. උසස් ඉගෙනීමක් ලබා උසස් තත්ත්වයකට පැමිණීමට වාසනාව ඇත. මොවුන් ඉතා ඥානවන්ත බැවින් ඕනෑම ගැටලුවකට පිළිතුරු දීමට සමත් ය. හොඳ හික්මීමක් ඇති නමුත් තරමක උඩඟු ගතියක් ද පෙන්නුම් කරයි. අන් අයට සංග්‍රහ කිරීමට වඩා කැමති වේ. තම බිරිඳට හෝ සැමියාට ඉතාමත් ආදරය කරන මොවුන් වස්තුව ධනය රැස් කිරීමට වඩා උනන්දුවක් දක්වති.
තමන්ගේ අදහසට අනුව කටයුතු කරනවා හැරෙන්නට අන් අයගේ අදහස් අනුව කටයුතු කිරීමට වෘෂභ ලග්න හිමියෝ අකැමැති ය. හැමවිටම තමා දන්නා කෙනෙක් සේ සිතයි. සිතිවිලි ලෞකික පැත්තටම බරෙවේ. අනුන්ගේ මතයට ගරු නොකිරීම ඔවුන්ගේ දුර්වලකමකි.
රැකියා
දක්ෂ කථිකයන්, පණ්ඩිතයන්, පොත්පත් කතුවරුන්, ශිල්ප කලා හා මුද්‍රණ ශාලා හිමියන් ආචාර්ය පදවි ලබන්නෝ බොහෝ විට මෙම ලග්නයෙන් උපත ලැබූ අය වෙති. කෘෂිකර්මය, ඉංජිනේරු ශිල්පය, හෝටල් පරිපාලනය, නීතිය, සත්ත්ව විද්‍යාව, රසායන විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය ආදියටද වෘෂභ ලග්න හිමියෝ විශේෂ කුසලතා දක්වති.
වෘෂභ ලග්නය හිමි කාන්තාවන් මනාලියන් හැඩගැන්වීම, මල්කලාව, ගෙතුම් ශිල්පය ආදියට දැඩි රුචිකත්වයක් දක්වති. සදාචාර සම්පන්නව හැදුන වෘෂභ ලග්න හිමියන් ඉතා හොඳ කල්‍යාණ මිත්‍රයෝ ය. ඇසුරට වඩා යෝග්‍ය අය වෙති. ස්ථිර අදහස්, උදහස් ඇති ඔවුන් නොසැලෙන ප්‍රතිපත්ති ගරුක උසස් අදහස් ඇත්තෝ ද වෙති.
වෘෂභ ලග්න හිමියන් ස්වභාවයෙන්ම වෙළෙඳාමට හා කෘෂිකර්මයටද දක්ෂතා පෙන්වන අතර හොඳ කාර්ය සංවිධානයන් වීමටත්, දේශපාලනඥයන්, පාලකයන්, නායකයන් බවට පත්වීමටද හොඳ පිහිටීමකි. දුර පෙනෙන සියුම් ඥානයකින් යුත් මෙවැන්නෝ, ගුප්ත ශාස්ත්‍ර, වෛද්‍ය ශාස්ත්‍ර හැදෑරීමටත් මොවුහු කැමැති වෙති.
විවාහය
වෘෂභ ලග්නයෙන් උපන් අය බොහෝ විට කැමති වෙන්නේ ආදරය මුල් කරගත් විවාහයකට ය. සමහරු පාසල් යන සමයේ දී පවා පෙම්සබඳතා කීපයක පැටලීම ඔවුන්ගේ සාමාන්‍ය සිරිතය. පාසලේ දී ඇතිකරගත් පෙම් සබඳතාවයක් බොහෝ විට විවාහයකින් කෙළවර වෙයි. විවාහයේ දී සිකුරු, කුජ, සඳු ප්‍රබල තැනක් ගනී. ඒ අනුව වෘෂභ ලග්න හිමියන් අධික කාමුක බවකින් යුක්තය. ලෝකෝත්තර සැපයට වඩා ඔවුන් ලෞකික සැපත අගය කරයි. යහපත් ග්‍රහයෝග පිහිටි වෘෂභ ලග්න හිමියන්ට මැති ඇමැති තනතුරු පවා ලබා ගැනීමට වාසනාව ඇත. වෘෂභ ලග්න හිමියන්ට විවාහයට වඩා සුදුසු වන්නේ වෘෂභ, කන්‍යා, මකර යන රාශිවලින් උපන් තරුණ, තරුණියන්ය. තමන්ට නොගැළපෙන සහකාරියක් ලැබුණොත් ඇයගෙන් වෙන් වීම ඔවුනට සාමාන්‍ය දෙයකි. ඒ පිළිබඳව පසුතැවීමක්ද නැත.
රෝග
වෘෂභ ලග්න හිමියන්ට වයස අවුරුදු 40 නන් පසු වායු, සෙම්, පිත එකසේ ශරීරයට බලපායි. අලුයම සහ සවස භාගයේ ස්නානය කිරීම හේතුවෙන් සෙම් රෝග ඉස්මතු වේ. නිරාවරණ හිසින් යුතු තද අව්වේ යෑම ඔවුනට සුදුසු නොවේ. එසේ කිරීමෙන් සෙම කිපීමට මෙන්ම, හිසකෙස් හැලීමට ද හේතුවෙයි. හිසේ රෝග, බෙල්ලේ රෝග, ඇදුම, පපුවේ රෝග ආදිය වෘෂභ ලග්න හිමියන්ට පහසුවෙන් වැලඳීමට පුළුවන.
මරණය
වෘෂභ ලග්න හිමියන්ට ප්‍රධාන බාධක ග්‍රහයන් වනුයේ සඳු, සිකුරු සහ ගුරු ය. මෙම ග්‍රහයන්ගේ පිහිටීම අනුව ආයුෂ තීරණය වේ. ප්‍රධාන බාධක ග්‍රහයා වන්නේ ගුරු ය. ගුරු මහ දශාවේ දී හෝ අතුරු දශාවේ දී මාරක අනතුරු සිදු වීමට හැකියි. අපල උපද්‍රව සඳහා ආරක්ෂ මන්ත්‍රවලින් ජප කරනන ලද දියමන්ති, මැණික් ගලක් පැලඳීම ඉතා සුදුසු ය.
හිඹුටානේ
පියතිලක ද අල්විස්
෴ සබැඳි ලිපි ෴
ශකවර්ෂ 1945ක් වූ මකර රවි 12 භාග දුරුතු අව පෑලවිය ලත් කිවිදින සිට එම රවි 18 භාග දුරුතු අව සැටවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශි රවි –...
2024-01-25 18:30:00
පුදුම හිතෙන විස්මිත ඉන්දීය භිර්ගු නන්දන නාඩි සම්ප්රදායේ දී පුද්ගල පලාපල විග්‍රහය සඳහා සාම්ප්‍රදායික ලෙස මහත් වෙහෙසක් දරමින් විවිධාකාර ජන්ම පත්‍ර...
2024-01-25 18:30:00
පොල්කිච්චා නිවෙස් ආසන්නයේ දක්නට ලැබෙන පක්ෂියෙකි. උදෑසන තනි පොල්කිච්චෙකු දැකීම අසුබ බවත් දෙදෙනෙකු දැකීම සුබ බවත් අදහසය. තනි පොල්කිච්චෙකු දුටහොත් එය...
2024-01-25 18:30:00
නිහාල් නෙල්සන් කියන්නේ දශක පහකට ආසන්න කාලයක් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයා බවට පත් වූ ගායකයකු වූ බව රසිකයින් අවිවාදයෙන් පිළිගනී. ඔහු නැතිවූ...
2024-01-18 18:30:00
“කොකාට වාරයක් වේ නම් තිත්තයාටද වාරයක් පැමිණේ” මෙය ශාස්ත්‍රීය න්‍යායක පෙරවදනක් බව ඔබ දැන නොසිටින්නට ඇත. ලොව සියලු දේ සංකල්පමය වශයෙන් දෙකට බෙදෙනු ඇත....
2024-01-18 18:30:00
උත්පත්තීන්වලට අදාළ ජන්ම පත්‍ර රහිතව පලාපල පැවසීමේදී පසුගිය සතියේ ලිපියෙහි සඳහන් පළමුවැනි රූපසටහන කෙරෙහි අවධානය යොමු කරන්න.ඉන්දීය භිර්ගු නන්දන නාඩියට...
2024-01-18 18:30:00
ජන්ම පත්‍රයක පලාපල විමසීමට හෝ විවාහ පරීක්ෂාව සමඟ පොරොන්දම් ගළපා ගැනීමට මෙන්ම අලුත උපන් බිලිඳාට නම තැබීමට ගැළපෙන ශුභ අක්ෂර ලබා ගැනීම සඳහා වැනි...
2024-01-18 18:30:00
ඕරාව (Aura) පිළිබඳ විවිධ තතු විවිධ ග්‍රන්ථාභ්‍යන්තරයෙහි වේ. ස්වකීය භෞතිකමය සිරුර වටා ඇති ශක්තිමය සිරුරක් පිළිබඳවය මෙහිදී සාකච්ඡා වනුයේ. ඒ සඳහා විවිධ...
2024-01-11 18:30:00
උදේ සවස මේ බුදු පහනේ ආලෝකයෙන් ඔබගේ නිවෙස එළිය වෙන්නට ඇති.එහෙත් සමහර අය බුදු පහත තබන ගමන් එහි ගුණයක් නොමැති බව හා නිතරම කරදරමයි. කියන වාර...
2024-01-11 18:30:00
මෙරට පිරිමින්ගෙන් බොහෝ දෙනකු මත්පැන් පානයට පෙළඹී වී සිටින හෙයින් යුග දිවියට එළඹීමට පෙර ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. තමාගේ සහකරු මත්පැනට...
2024-01-11 18:30:00
ජන්මියකුගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳව පෙන්වන්නේ 4 වැනි භාවය මඟින්ය. ජන්මියා යොමුවන මූලික අධ්‍යාපන ක්ෂේත්රය සහ එහි ඇතිකර ගන්නා ප්‍රගතිය 4 වැනි භාවය...
2023-12-28 18:30:00
වත්මන් සමාජයේ තරුණ අසහනයට බලපාන ප්‍රධානම හේතුව වන්නේ රැකියාවයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් නොලදහොත් ඊළඟ අපේක්ෂාව වනුයේ ද...
2023-12-28 18:30:00
හස්ත පරික්ෂාවේදී ඉතාමත් වැදගත් තවත් එක් අංගයක් ලෙස නියපොතු හැදින්විය හැකිය. අපගේ යම් යම් කටයුතු සඳහා උපකාරි කර ගැනිමට මෙන්ම ඇඟිලිතුඩුවල ආරක්ෂාව සඳහා...
2023-12-21 18:30:00
‘සිවාලිඛිතය’ අපූර්ව ශාස්ත්‍ර රත්නයකි. මේ සම්බන්ධව ලියැවී ඇති ග්රන්ථ කිහිපයකි. ඒ අතර වයි.ඒ. හරමානිස් අප්පුහාමිගේ (1940) ග්‍රන්ථය, ගුණරත්න...
2023-12-21 18:30:00
ක්රිෂ්ණ මූර්ති පද්ධතිය අනුව ජන්ම පත්‍රය මඟින් පෙන්වන වෙනත් කරුණු ගැන විශ්ලේෂණය කිරීම සඳහා පහත දැක්වෙන කරුණු පිළිබඳව අවධානය කරන්න. උපතේදී පැවති දශා...
2023-12-14 18:30:00
ශක වර්ෂ 1945 ක් වූ වෘශ්චික රවි 29 භාග උඳුවප් පුර තියවක තිථිය ලත් කිවිදින සිට ධනු රවි 06 භාග උඳුවප් පුර නවවක ලත් ගුරු දින දක්වායි. ග්‍රහයෝ...
2023-12-14 18:30:00