ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියට අනුව මූලික අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය

දෙසැම්බර් 29, 2023

ජන්මියකුගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳව පෙන්වන්නේ 4 වැනි භාවය මඟින්ය. ජන්මියා යොමුවන මූලික අධ්‍යාපන ක්‍ෂේත්‍රය සහ එහි ඇතිකර ගන්නා ප්‍රගතිය 4 වැනි භාවය මඟින් නිගමනය කළ හැකිවන අතර උසස් අධ්‍යාපනය වෙත යොමුවීම සහ ඒවායේ සාර්ථකත්වය 9 වැනි භාවය මඟින් අධ්‍යයනය කළ හැකිවෙයි. උපතේදී පැවති දශා ශේෂය කුජ ග්‍රහයාට අවුරුදු 03 මාස 07 දින 13 කි.

මේ ජන්ම පත්‍රයේ 4 වැනි භාවය, කුජ හිමි මේෂ රාශියේ, කේතු හිමි නක්‍ෂත්‍රයක සහ ශනි හිමි උපස්ථානයක යෙදී ඇත.

ජන්ම පත්‍රයේ 4 වැනි භාවයේ උපස්ථානය හිමි ශනි ග්‍රහයා 1, 2, 7 සහ 9 වැනි භාව නිවේදක ග්‍රහයෙකි. ඒ නිසා මේ ජන්මියාට මූලික අධ්‍යාපනය සාර්ථක කරගෙන උසස් අධ්‍යාපනය වෙත යොමුවීමේ වාසනාව සහ ඒවායේ සාර්ථකත්වය ලබාගැනීමේ හැකියාව ඇත.

මේ ශනි ග්‍රහයා, සඳු හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. ඒ නිසා මේ ජන්ම පත්‍රයේ පුනර්දෝෂය යෙදී ඇත. ඒ නිසා බාධක ඇතිවෙයි. සඳු ග්‍රහයා 4, 9 සය 11 වැනි භාව නිවේදක ග්‍රහයෙකි.

ජන්ම පත්‍රයේ 9 වැනි භාවය, බුධ හිමි කන්‍යා රාශියේ, රවි හිමි නක්‍ෂත්‍රයක සහ සිකුරු හිමි උපස්ථානයක යෙදී ඇත. ජන්ම පත්‍රයේ 9 වැනි භාවයේ උපස්ථානය හිමි සිකුරු ග්‍රහයා 5, 9, 10 සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයෙකි. ඒ නිසා මේ ජන්මියාට උසස් අධ්‍යාපනය වෙත යොමුවීමේ වාසනාව සහ ඒවායේ සාර්ථකත්වය ලබා ගැනීමේ හැකියාව ඇත.

මේ උපස්ථානය අධිපති සිකුරු ග්‍රහයා, රාහු හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. රාහු ග්‍රහයා 6 සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයෙකි. ඒ නිසා බොහෝ වෙහෙස වී ජය ගැනීමේ හැකියාව ලබයි.

මේ ජන්මියා ගත කළ රාහු ග්‍රහයාගේ මහ දශාවේ ගුරු ග්‍රහයාගේ භුක්ති දශාව ක්‍රිස්තු වර්ෂ 2017 මාර්තු මාසයේ 28 වැනි දින සිට 2019 අගෝස්තු මාසයේ 22 වැනි දින දක්වා පැවතියේය.

මහ දශාවේ අධිපති රාහු ග්‍රහයා මේ ජන්ම පත්‍රයේ 6 වැනි සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයෙකි. මේ රාහු ග්‍රහයා, කේතුගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. කේතු ග්‍රහයා මේ ජන්ම පත්‍රයේ 6 වැනි සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයෙකි.

ගුරු ග්‍රහයා මේ ජන්ම පත්‍රයේ ගුරු ග්‍රහයා 2, 3 සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයෙකි.

මේ ගුරු ග්‍රහයා, ස්වකීය නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. මේ භාව, ජන්මියාගේ මූලික අධ්‍යාපනය සඳහා යහපත් ප්‍රතිපල ලබා දෙන්නේ නැත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.