සෙනසුරු පිළිමයට නෙත් පෑදීමේ මංගල්‍යය අද

ජුනි 9, 2023

 

 

ලුනාව දේවාල විහාරයේ අභිනවයෙන් ඉදි කෙරෙන සෙනසුරු ග්‍රහ නියෝජන පිළිමයේ නේත්‍රා පෑදීමේ මංගල්‍යය අද පෙරවරු 5.01 යෙදුණු බ්‍රහ්ම මුහුර්තයෙන් පූජ්‍ය වීදියගොඩ පියනන්ද ස්වාමීන් වහන්සේගේ අනුසාසකත්වයෙන් එම විහාරස්ථානයට අයත් දේවාල භූමියේදී සිදු කෙරිණ.

මීට වසර 50ට පමණ පෙර අපවත්වී වදාළ ගල්කිස්සේ ශී විසුද්ධානන්ද ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කරන ලද පුංචි කතරගම නම් විරුදාවලිය ලත් මේ පුදබිම දෙවි දේවතාවුන් වහන්සේ රැසකගේ පිළිමවලින් යුතු අතර, වඩාත් ප්‍රකට වන්නේ සුද්ධ සූනියම් ගම්භාර දෙවියන් වෙනුවෙනි. ගම්භාර දෙවියන් වෙනුවෙන් පවත්වන වාර්ෂික නානුමුර මංගල්‍යය හා මහා පෙරහැර සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

එම පුදබිමේ ඉදිකෙරුණු සෙනසුරු ග්‍රහ නියෝජන පිළිමයේ නේත්‍රා පෑදීම දේවාලයේ කපු මහතුන් දහතුන් දෙනා ඇතුළු බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

 

 

ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.