වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ආයුර්වේද වෛද්‍යවරු 61 පත් කෙරේ
ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික සේවයේ වෛද්‍ය නිලධාරීන් 61 දෙනෙකු සඳහා නව පත්වීම් ලබාදීම පසුගිය පළමුවැනිදා මහරගම නාවින්න පිහිටි දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ දී සිදු කෙරිණ.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමක් මත ලබා ගන්නා ලද අමාත්‍ය මණ්ඩල අනුමැතියකට අනුව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයට අයත් ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් 54 දෙනෙකු හා සිද්ධ වෛද්‍ය නිලධාරීන් 07 දෙනෙක් ඇතුළුව වෛද්‍ය නිලධාරීන් 61 දෙනෙක් සඳහා පත්වීම් පිරිනැමූ අතර එම වෛද්‍ය නිලධාරීන් මධ්‍යම රජයේ ආයුර්වේද රෝහල් වෙත සහ පළාත් ආයුර්වේද රෝහල් වෙත සේවයට අනුයුක්ත කිරීම සිදු කරනු ලැබේ.
තවද එහිදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිට අභ්‍යන්තර උසස්වීම් ලද 15 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම ද සිදු විය. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් ෂම්මි දෙනාවත්ත, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන යන මහත්ම මහත්මීහු, වෛද්‍යවරු අතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.