සුබසෙතින් සුවය

නොවැම්බර් 5, 2021

මහවැව ජයන්තිට

ඔබගේ සන්ධිවාත තත්ත්වයට මෙම කෂාය දින අටක් බොන්න. අරළු, බුළු, නෙල්ලි, පාවට්ටා මුල්, ඇහැල මුල්, රසකිඳ, බැබිල මුල්, කටුකරඬු මුල්, ඉරමුසු, හාතාවාරිය අල, තිරැස්සවාළු, වැටකේ මුල් කලං එක බැගින් ගෙන වතුර පත 16 - 2 ට සිඳ උදේ සවස පත එක බැගින් බොන්න.

 

පානදුරේ ලසිත් ප්‍රනාන්දුට

ඔබගේ පියාට නිතර අර්ය්න රෝග තත්ත්වය මතුවීමට මෙම කෂාය දින අටක් දෙන්න.

සාරණ මුල්, නීරමුල්ලිය, කුඹුක් මුල්, ලුණුවිල කලං තුන බැගින් ගෙන වතුර පත 10 - 2 ට සිඳ පෙරා උදේ සවස පත එක බැගින් සීනි මී පැණි දමා දෙන්න. දියවැඩියාව පවතතී නම් මී පැණි පමණක් යොදන්න.

 

කමලාවතී ඇඹිලිපිටිය -

ඔබගේ ආච්චිගේ අතපය කොරවීමට මෙම කෂාය දින 12 ක් දෙන්න. දින 4 ක් දී එක් දිනක් නවතා එසේ වාර තුනකට දෙන්න.

කටු කරඬු මුල්, සිද්ධිගුරු, දේවදාර කලං හතර බැගින් ගෙන වතුර පත 24 ක් දමා 2 ට සිඳ උදේ සවස පත එක බැගින් තලතෙල් තේ හැන්දක් දමා දෙන්න.

සුරංජිත් කඳාන -

ඔබගේ බිරියගේ අත් පා දැවිලි හිරිවැටීම් සඳහා පහත කෂාය දින 12 ක් දෙන්න. ඉරිවේරිය, අරළු, බුළු, නෙල්ලි, බටු මුල්, කටුවැල්බටු, ගම්මිරිස්, දුම්මැල්ල, කටුකරෝෂණ, සුදුලූණු කලං එක මදටිය හතර බැගින් ගෙන වතුර පත 24 - 3 ට සිඳ උදේ 6 ට සවස 6 ට රාත්‍රී 10 ට පත එක බැගින් දෙන්න.

 

බලපිටියේ අබෲට

ඔබගේ රක්තවාත තත්ත්වයට මෙම කෂාය දින 12 ක් බොන්න.

හාතාවාරිය අල, බෙලිමුල්, එරඬු මුල්, ගොකටු, බැබිල මුල්, රසකිඳ, දේවදාර, සිද්ධිගුරු කලං එක මදටිය දහය බැගින් ගෙන වතුර පත 16 - 2 ට සිඳ උදේ 6 ට සවස 6 ට පත එක බැගින් බොන්න.

 

කීර්ති, ගල්ගමුව -

ඔබගේ පියාගේ අංශභාග රෝග තත්ත්වයට මෙම කෂාය දින 12 ක් දෙන්න.

බැබිල මුල්, වේලාමුල්, එඬරු මුල්, දේවදාර, උඩමුල්, තුර පත 24 - 3 ට සිඳ පෙරා උදේ 6 ට සවස 6 ට රාත්‍රී 10 ට දෙන්න. පත එක බැගින් (දසමුල් බෙහෙත් කඩෙන් කිරා දේ කලං එක බැගින් ගන්න බැබිල, එඬරු වැඩි වූවාට කමක් නැත.

 

ආයුර්වේද වෛද්‍ය, ආයුර්වේද කීර්ති පණ්ඩිත

ඊ.එම්. නිමල් විමලරත්න ඒකනායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.