නොදැනෙන බඩගින්නට ප්‍රතිකාර ලබාදී දෙවනුව රෝගයට ප්‍රතිකාර කරන ආමවාතය

අගෝස්තු 20, 2021

අපි කන ආහාර රස, රක්ත, මාංස, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර යන සප්ත ධාතුවට පරිවර්තනය නොවී ආහාර ජීර්ණයෙන් ඇතිවන රස ධාතුවට ශරීරයේ මහා සන්ධිවල තැන්පත් වීමෙන් ඇතිවන තත්වය දිගු කාලීනව පැවතීමෙන් ඇඟිලි ඇදවීම, අතපය දිගහැරීමට බැරිවීම ,යමක් ලිවීමට අපහසුවීම මෙහිදී ඇතිවිය හැකිය. එමෙන්ම සන්ධිවල දැඩි රස්නයක් ද ඇතිවේ.

 

ප්‍රධාන වශයෙන් ශරීරයේ මහා සන්ධි ලෙස හඳුන්වන කකුලේ දණිස් සන්ධි,වළලුකර සන්ධි, අතේ වැලමිට හා මැණික්කටු සන්ධි, ඇඟිලි පුරුක් හා උරහිස් සන්ධිවල හටගන්නා ඉදිමුම වගේම නැවත දිගහැරෙන නැවෙන සෑම සන්ධියකම ඇතිවන වේදනාව හා ඉදිමුම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි දේශීය වෙදකම තුළ සඳහන් ආමවාතය රෝගය හෙවත් ආතරයිටීස් රෝගය පහසුවෙන්ම සුව කළ හැකිය.

 

ආමවාතයට ප්‍රතිකාර ලබාදීමේදී මුලින්ම බඩගින්න ගැන විමසා බඩගින්න නොදැනෙන්නේ නම් එයට ප්‍රතිකාර ලබාදී දෙවනුව රෝගයට ප්‍රතිකාර කිරීමයි අපේ වෙදකමේ වෙනස. ආමවාතය ගැන බොහෝ දෙනකු නොදැන සිටීමෙනුත් රෝගයේ අවස්ථාව දරුණු වෙනවා . මෙම රෝගය බෙහෙවින් වේදනාව ගෙන දෙන්නකි. අපි කන ආහාර රස, රක්ත, මාංස, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර යන සප්ත ධාතුවට පරිවර්තනය නොවී ආහාර ජීර්ණයෙන් ඇතිවන රස ධාතුවට ශරීරයේ මහා සන්ධිවල තැන්පත් වීමෙන් ඇතිවන තත්වය දිගු කාලීනව පැවතීමෙන් ඇගිලි ඇදවීම, අතපය දිගහැරීමට බැරිවීම ,යමක් ලිවීමට අපහසුවීම මෙහිදී ඇතිවිය හැකිය. එමෙන්ම සන්ධිවල දැඩි රස්නයක් ද ඇතිවේ. මෙවැනි තත්ත්වයන්හිදී නිසි ප්‍රතිකාර ලබා නුදුනහොත් තත්වය බරපතලවීම නිසා රෝගියා රෝද පුටුවට පවා සීමාවිය හැකිය.

මෙම රෝගයේදී හන්දිපත් වේදනාව නොහොත් හන්දිපත් කැක්කුමද විශේෂයි. සමහර අය ආමවාතය වයසට යෑමත් සමඟ ඇතිවන රෝගී තත්වයක් ලෙස සැලකුවත් එය බාල, තරුණ, මහළු සැමටම වැළදෙන වේදනාත්මක රෝගයකි. මෙම රෝගයේදී ඉවසිය නොහැකි තරමේ වේදනාවකට පත්වෙන්නේ දණහිස්, වළලුකර, උකුල්ඇට, වැළමිට සන්ධි, ඇඟිලි පුරුක් හා සන්ධි ඉදිමීමෙනි. එදිනෙදා කටයුතුවලට ද බාධා ඇතිකරන මෙම රෝගයේදී හන්දි බණින, ඉරීයෑම, කාටිලේජ් හානිවීම, ශරීරයේ බර වැඩිවීම, හන්දි තුළ වතුර පැවතීම සිදුවන අතර සමහර විට රක්තවාත තත්වයෙන්ද පීඩා විදීමට සිදුවේ .මෙහිදී සිදුවන තවත් වැදගත් කරුණක් වන්නේ තරුණ වයසේදී හෝ වැඩිහිටි වයසේදී ඇතිවන වැටීම් පෙරළීම් උළුක් කැවීම් වලට ද නිසි ප්‍රතිකාර නොගෙන ක්ෂණික ප්‍රතිකාර කරමින් රෝගය ගැන නොසළකා සිටීමෙන් ද සන්ධි ඉදිමීම් වලට ද ලක්විය හැකිය.

ආමවාත රෝගී තත්වය එනම් හන්දිපත් වේදනාව කාන්තාවන් අතර බහුලව දක්නට ඇත. රෝග තත්වය ගැන සැලකීමේදී පිරිමින්ට වඩා තුන් ගුණයකින් කාන්තාවන්ට වැළදී ඇත. ආතරයිටීස් රෝගය ළමා කාලයේ සිට වසර හැත්තෑව දක්වාවූ කාලය තුළ වැළදෙන රෝගයකි. අධික තරබාරුකම ද හන්දි ඉදිමීමට තවත් හේතුවකි. ආමවාත හා රක්ත වාත ආදී ශාරිරික රෝග මුල්කරගෙන හැදෙන හන්දි රෝග ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිය. ආතරයිටිස් රෝගයේදී වේදනාව බෙහෙවින් ඇතිවෙන්නේ රාත්‍රි කාලයේදී ය. එහෙත් උදේට ඇතිවන වේදනාව කාලයක්ම පවතී. හන්දිවේදනාව ඇතිවන තවත් විශේෂ අවස්ථාවකි. බැක්ටීරියා ආසාදන බැක්ටීරියාවක් රුධිර ප්‍රවාහයේදී හන්දිපත් තුළට ඇතුළුවීමත් එය ඉතාම වේදනාකාරි වන අතර ඉක්මන් ප්‍රතිකාර මගින් එය සුවකළ හැකිය. වයසට යන විට ඇතිවන හන්දිපත් වේදනාව හේතුවෙන් සන්ධිගෙවීයාමෙන් සිදුවේ. මේ නිසා කාටිලේජ්වලට සිදුවන හානි නිසා ඔස්ටියෝ ආතරයිටිස් තත්වය ද ඇතිවේ.

නින්දෙන් පිබිදුණු අවස්ථාවලදීත් හන්දි වේදනාව ඇතිවිය හැකිය. ආතරයිටිස් රෝගයේදී එකම ඉරියව්වක යම් වේලාවක් සිටීමට නොහැකිවේ. දණහිස නමාගෙන සිට එකවර නැගී සිටීමට බෙහෙවින් අමාරුවේ. පැදුරක හෝ පඩියක වාඩිවී සිටි විටද එකවර නැගී සිටීමට අපහසු වේ. එවැනි අවස්ථාවලදී මෙම රෝගීන් නැගී සිටීමට උත්සාහගන්නේ බොහෝ වෙර දමා පැත්තකට හැරි නැගීටීමටයි. අනෙකුත් සන්ධිවල වඩා වැදගත් කාර්යභාරයක් දණහිස් සන්ධිය ඉටුකරනු ලබයි. එනම් ශරීරයේ කි‍්‍රයාකාරිත්වයත්, ඇවිදීමත් ඉර ඉසිලීමත් වාඩිවී සිට නැගිටීමත් ආදි බොහෝ දේ දණහිස ඉටුකරනු ලබයි. දණහිස් පොල්කට්ට නොහොත් නීකැප් යනුවෙන් හඳුන්වනු ලබන දණහිස් සන්ධිය හා රෝගාබාධ දැනුණු වහාම ප්‍රතිකාර ගත යුතුය.

ආමවාතය නොහොත් ආතරයිටීස් රෝගීන් අන්නාසි, තක්කාලි, අච්චාරු, ලුනුදෙහි වැනි අම්ල ගුණැති ආහාර වර්ගත් හරක් මස්, බලමාළු, දෙල්, හුරුල්ලන් වැනි ගිණියම් උෂ්ණාධික ආහාර ගැනීමත් අහිතකරය. බොහෝවිට එක් හන්දිපත් වේදනාවකට ගොදුරුවූවන් පසුව අනෙකුත් සන්ධි ආශි‍්‍රත රෝගවලට ද ගොදුරුවේ. ඇඟිලි මැණික් කටුව හන්දිය, වැලමිට හන්දිය, උරහිස් හන්දිය, වළලුකර හන්දිය මෙහි විශේෂවේ. උකළු හන්දිය බොහෝ රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන හන්දියකි. රෝගී මුල් අවස්ථාවේදී උකුළු හන්දියේ රෝග ලක්ෂණ මතු වුවත් අතේ ඇගිලිවල හට ගන්නා වේදනාවෙන් රෝගයේ මුල් අවස්ථාව පෙන්නුම් කෙරේ. ආතරයිටිස් රෝගයට මා විසින් ලබාදෙන ප්‍රතිකාරයේදී මුලින්ම කළයුතු වන්නේ උණුවතුර කෝප්පයකට ලුණුහැදි හතරක් මිශ්‍රකර වේදනාව පවතින තැන හොඳින් තවා තෙත පිසදා ගන්න. ඊට පස්සේ හන්දිතෙල රෝම කූප හරහා ඇතුළට උරා ගන්නා ආකාරයට වේදනාව පවතින තැන පහළ සිට ඉහළට විනාඩි විස්සක් තිහක් අතර කාලයක් හොඳට තෙල්ගාමින් පිරිමැදීමයි. එවිට වේදනාව නැතිවේ. එහෙත් වෛද්‍ය උපදෙස් මත නැවත නැවතත් එය කළ යුතුය.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්.පී. රාජපුර

 

 

සටහන මාධ්‍යවේදී

බී.ඇල් පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.