ග්‍රහණි රෝගයට සාර්ථකව ප්‍රතිකාර කරමු

ජුනි 12, 2020

අතීසාරය සුවවූ අයෙකුගේ අග්නිය අඩුව තිබියදී අහිතකර ආහාරපාන ගැනීම නිසා, ඔහුගේ අග්නිය දුෂිත වී ග්‍රහණිය පීඩා කරයි. ආමාශය, සහ පක්ඛාශය අතර පිහිටි හයවන පිත්තධරා කලාව, ‘ග්‍රහණිය’ නමින් හැඳින්වේ.

මෙම ග්‍රහණිය දූෂිත වීම නිසා ග්‍රහණි රෝගය හටගනී. තුන්දොස් වෙන් වෙන්ම හෝ තුනට එක්ව මෙම කලාව දූෂණය කරයි. මෙවිට ගන්නා ආහාර දිරවා හෝ නොදිරවා පිටවේ. විටෙක මල බද්ධ සහිතය. විටෙක බුරුල්ය. ග්‍රහණිය නව්‍යයන් දක්වන රෝගයට සමානය.

කටුක උදා- අබ, තික්ත, කෂාය රසැති, ඉතා වියළි, ශීතල අල්ප ආහාර ගැනීම දිනකට අඩු වාර ගණනක් ආහාර ගැනීම, නිරාහාරව සිටිම, ඇවිදීම, වේග ධාරණය හෝ අධික මෙවුන්දම් සේවනය නිසා, වාතය කෝප වී, කෙනෛකු ගන්නා ආහාරපාන අපහසුවෙන් දිරවයි. මෙවිට වාතජග්‍රහණිය හටගනී. මෙවිට ආහාර ඇඹුල් රසට පැසවයි. සිරුරේ වියළි බව, උගුරකට වියලීම, බඩගින්න සහ පිපාසය වැඩිබව, දෙකණෙහි ශබ්ද ඇතිවීම, දෑලවර, කලවා, උකුල සහ බෙල්ලේ වේදනාව, ශරීරයේ වේදනාව සමගම මළ බුරුල්ව යාම, පපුවේ වේදනාව, කෙට්ටුවීම, ශරීරයේ දුර්වලතාවය, මුඛ විරසතාවය, සියලු ආහාර රසයන් අපි‍්‍රය වීම, මනසේ ක්‍රියා දුර්වල වීම, ආහාර දිරවීමට පෙර සහ දිරවීමේ දී බඩ පිපීම, මළ පහ කිරීමට වෙලා ගතවීම, සහ වේදනාව ඇති වීම යන ලක්ෂණ හටගනී. මළ අල්පය, ආමය සහ පෙන සහිතය.

කටුක, නොදිරවන, දාහය ඇති කරන, ඇඹුල්, කාරම් ආහාරපාන වැඩියෙන් හෝ නිතර ගැනීම නිසා පිත්තජ ග්‍රහණිය හටගනී. මෙහිදී නොදිරවූ මළ ද්‍රව ස්වරූපයෙන් පිටවේ. මළ කහපාටය. වායුව සහ පිත උගුරට ඒම, උගුරේ සහ පපුවේ දැවිල්ල, අරුචිය සහ පිපාසය යන ලක්ෂණ හටගනී.

දිරවීමට අපහසු, තෙල් අධික ශීතල ආහාර පාන ගැනීම, අධිකව ආහාර ගැනීම, ආහාර ගත් විගස නිදා ගැනීම නිසා සෙම කෝප වීම කඵජ ග්‍රහණිය ඇති කරයි. එවිට ආහාර අපහසුවෙන් දිරවයි. උගුරට ඒම, වමනය, අරුචිය, මුඛයට පැණිරස දැනීම, ප්‍රතිශ්‍යාව සහ කැස්ස හටගනී. උදරය බරය, දුගඳ ද්‍රව්‍ය උඩට එයි. හිදං සහිත මල පිට වේ.

සන්නිපාතජ ග්‍රහණිය තුන්දොස් කෝපවීමෙන් හටගනී. මෙහිදී උදරයේ ශබ්ද සහිත බව, අලස බව, මද වේදනාව සහ ශබ්ද සහිතව ද්‍රවමල පිටවීම සිදුවේ. මෙහිදී මළ ශීතලය. තෙල් සහ හිදං සහිතය. දින 10, 15 හෝ 30 කට වරක් මේ ආකාරයට මළ පිටවේ. තුනටියේ වේදනාව හටගනී. මෙම පීඩා දහවල වැඩිවේ. රාත්‍රියට අඩු වේ.

නිරෝගි අයෙකුගේ රස 6 කින් යුත් ආහාර දිරවා පළමුව මධුර බවට හැරී, සිරුරේ කඵ උපදවයි. ඉන්පසු ආමාශය සහ පක්ඛාශය අතරදී අම්ලභාවයට හැරී, පිත උපදවයි. පක්ඛාශයට පැමිණ කටුකභාවයට හැරී වාතය උපදවයි. ග්‍රහණි රෝගයට ප්‍රතිකාර කිරීමේ දී ශෝධන කර්ම ලෙස වමන කර්ම (කුකුරුමාන්, තිප්පිලි, සවිඳලුණු චූර්ණය) විරේචන කර්ම (ත්‍රිවෘත්, මුද්දරප්පලම්, අරලු, නෙල්ලි කෂාය) නිරූහ සහ අනුවාසන වස්ති යෙදේ.

ග්‍රහණියේ දී ලංසණ, පාචනය (ආමය පැසවීම) පේයා (පංචකොළ පේයාව) දීපන (අග්නිය වඩන) ඖෂධ දිය යුතු ය. වාතය කෝප වී නම් සුළු පහ පේයාව හිතය. ග්‍රහණිය සඳහා සුදුසුම ඖෂධය මෝරු ලෙස දැක්වේ. මෝරු අග්නිය වඩයි. මෝරු සවිඳ ලුණු, සූදුරු සහ පෙරුංකායම් සමඟ හිතය. මෝරු ආහාර සමග දීමෙන් ශරීර ශක්තිය වැඩේ. පැරණි මෝරු නොදිය යුතු ය. මෝරු ගන්නා වවිට ව්‍යායාම කිරිම, මෙවුන්දම් සේවනය, දහවල නිදාගැනීම, නිදිවැරීම, ජලය සහිත ආහාර සහ ජලපානය අහිතකරය. රෝගියාට පිපාසය ඇතිවී නම්, මෝරු ටික ටික පානයට දිය යුතු ය. පපුවේ දැවිල්ල උදරයේ ශබ්ද සහිත බව සහ වාතය

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.