මානසික ආබාධ සහ කායික රෝග සුවපත් කිරීමට සංගීත චිකිත්සාව

මාර්තු 6, 2020

මානසික ආබාධ මෙන්ම කායික රෝගාබාධ රැසක් සුවපත්කිරීම සඳහා වර්තමානයේදී සංගීත චිකිත්සාව ලෝකයේ බොහෝ රටවල පුළුල් ලෙස භාවිතවේ.මෙම ලිපියේ අරමුණ වන්නේ උත්තර භාරතීය රාගධාරි සංගීතය මානසික ආබාධ සුවපත් කිරීම සඳහා භාවිත වන ආකාරය පැහැදිලි කිරීමයි.

 

සංගීතය යන්න හඳුන්වා ඇත්තේ ලලිත කලාව හෝ සෞන්දර්ය කලාව සමඟ සම්බන්ධ රිද්මයානුකූල සීමාවන් සහ ශබ්දය මාධ්‍යකරගත් සංස්කෘතිය හා සම්බන්ධ විෂයක් වශයෙනි. එසේම යම් පිළිවෙලකට සකස් කරන ලද ශබ්දවල එකතුවක් ලෙසද සංගීතය හඳුන්වා ඇත. බ්‍රිටැනිකා විශ්වකෝෂයට අනුව සංගීතය යන්න හඳුන්වා ඇත්තේ චිත්ත වේගයන්හි භාවමය ප්‍රකාශය සඳහා ඇතිකරගනු ලබන, එමෙන්ම කටහඬින් සහ තූර්ය භාණ්ඩවල ශබ්ද ධ්වනියෙන් බිහිවෙන රමණීය ශබ්ද මාධූර්යයයි.

තමන් කැමති සංගීතය තුළින් ලබන වින්දනය සිතට සහනයක් ගෙන දෙනවා මෙන්ම එමගින් සිත සුවපත්වීමක් සිදුවෙන බව කවුරුත් පිළිගන්නා දෙයකි. මේ නිසාම එය රෝග නිවාරණය කිරීමේ චිකිත්සක ක්‍රමයක් ලෙසද ප්‍රචලිත වෙමින් පවතී. සංගීතයේදී රිද්මයට ප්‍රධාන තැනක් හිමිවේ. යම් තාලයකට අනුව නැවත නැවතත් නොකඩවා ඇතිවෙන ශබ්ද රටාව රිද්මය යනුවෙන් හැඳින්වේ. කෙසේ වෙතත් මියුරු මන පිනවන සංගීතයක් උපදින්නේ ස්වයං පරිශ්‍රමයකට වඩා සාමූහික පරිශ්‍රමයක් තුළිනි. සංගීතයේදී රාගයටද, ප්‍රධාන තැනක් හිමිවේ. ඡ්‍යොතිෂයට අනුව සංගීතය යනු ශබ්දය නම්වූ භූමිකාව මත පදනම්වූ රිද්ම සහ තාල පදනමකින් යුත් විශ්වය සමඟ සම්බන්ධ අපූර්ව විෂයකි.මේ නිසාම රෝග සුවපත් කිරීමේ ක්‍රමයක් ලෙස සංගීතය යොදාගත හැකි බව පෙන්වාදෙයි. සංගීතයට යම් අයෙකුගේ මනසට මෙන්ම හදවතට ඍජු ලෙස ආමන්ත්‍රණය කරමින් පවතින මනෝ භාවයන් අභිපේ‍්‍රරනය කිරීමටත්, නව ධනාත්මක සහ වින්දනාත්මක මනෝභාවයන් ජනනය කිරීමටත් විශේෂ හැකියාවක් ඇති බැවින් එය මානසික ආබාධ සුව කිරීමේ පදනම ලෙස යොදාගෙන ඇත. සංගීතයට සවන්දෙන බොහෝ අයගේ සිතෙහි ඇතිකරන මනෝ භාවයන්වලට ඒ හා සම්බන්ධ ආවේගයන්හි ගැඹුරටම ආමන්ත්‍රණය කිරීමට හැකියාවක් ඇත. ගීත වලට සවන් දෙනවිට අප තුළ විවිධ ආකාරයේ චිත්ත වේගයන් ඇතිවේ. ආදරයේ සුන්දරත්වය ප්‍රකාශ වන ගීත තුළින් අප නොදැනුවත්වම චමත්කාරජනක ලෝකයකට ගෙන ගොස් අමන්දානන්දයට පත්කරන අතර බිදීගිය ආදරයක වේදනාව කියන ගීත තුළින් අප තුළ අනුකම්පා භරිත දුක්ඛ වේදනාවක් ඇතිවේ. එසේම රට ජාතිය ගැන ගැයෙන ගීතවලින් දේශාභිමානයක් ඇතිවේ. ආගමට සම්බන්ධ ගීත තුළින් අප තුළ ඇතිවන්නේ මහත්වූ ශ්‍රද්ධාවක් සහ භක්තියකි. මවක් ගයන නැලවිලි ගීයෙකින් ළදරුවන් මනසින් මෙන්ම කායිකවද සුවපත් වේ. මෙලෙසින් සංගීතය හමුවේ අප තුළ ඇතිවන තියුණු හැඟීම සහ පරිකල්පන පදනම කර ගනිමින් වෛද්‍ය විද්‍යාත්මක පදනමක් සහිත සංගීත චිකිත්සක ක්‍රම සකසා ඇත.

සංගීතය පිළිබඳව කරුණු දැක්වීමේදී රිද්මයට ශබ්ද රාවයේ විවිධ කොටස් ඇතුළත්වන අතර එය සප්න්ධනයකට අනුව සකස්කර ඇත. යම් ස්පන්දනයක් මගින් ඇතිකරනු ලබන වේගය ළය මානය නැත්නම් ළය යනුවෙන් හැඳින්වේ. ස්වර මාධුර්යයට අදාළ ශබ්ද ලබාදෙන්නේ රාග මගිනි. උත්තර භාරතීය සංගීතයට සම්බන්ධ රාග සිය ගණනක් ඇත. එසේම සෑම රාගයකටම සම්බන්ධ ස්වර සංකලනයක් ඇත. වඩාත් වැදගත් වන ස්වර, වාදී, ස්වර යනුවෙන්ද දෙවනුව වැදගත්වන ස්වර සමවාදී යනුවෙන්ද හඳුන්වයි. සෑම රාගයකටම විශේෂිත වූ මාධුර්යයක් පවතී. එමෙන්ම රාග සකස්කර ඇත්තේ මිනිසාගේ දුක ශෘංගාරාත්මක හැඟීම, සතුට ,සාමය, තරහ ,සෙනෙහස, අභිපේ‍්‍රරණය සහ ධ්‍යාන ගත මානසිකත්වය යනාදී චිත්ත වේගයන් උද්දිපනය වන ආකාරයටය. මෙලෙසින් ප්‍රබල රාග මත ගොඩනැගී ඇති සම්භාව්‍ය උත්තර භාරතීය රාගධාරි සංගීතය අනෙකුත් සංගීත සම්ප්‍රදායන්වලට සාපේක්ෂව බලන විට ඍජු ලෙස යම් අයෙකුගේ මනසට ආමන්ත්‍රණය කිරීමේ ප්‍රබල හැකියාවක් ඇති බැවින් මානසික ආබාධ මෙන්ම කායික ආබාධ සුවපත් කිරීම සඳහාද යොදා ගනී.

උත්තර භාරතීය රාගධාරි සංගීතය ඉහත දක්වන ලද අයුරින් චිකිත්සාවක් ලෙස යොදා ගැනීමේදී භාවිතාවන විශේෂිත තූර්ය භාණ්ඩ 10 ක් ඇත. ඒවා නම් තන්පුරාව, සිතාරය, සරොදය, බටනලාව, තබ්ලාව, සරන්ගිය, ෂෙනායි, සන්තුරය , ජලතරංග සහ විණාව.

සංගීත චිකිත්සාව පැවැත්වීමට යෝග්‍ය ස්ථාන පහත දක්වා ඇත.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.