2024.10.19 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 19, 2024
2024.10.19 සෙනසුරාදා 
ඉර උදාව - පෙ.ව. 05.57 
ඉර බැසීම - ප.ව. 05.54 
රාහු කාලය - උදේ 08.56 - 10.26 
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට පැටලීමට ඉඩ ඇත. 
 
වෘෂභ 
පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා බවක් පෙනේ. අලුත් දැන හැඳුනුම්කම්වලට කටයුතු සැලසෙන දිනයකි. 
 
මිථුන 
පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. නිතර හුදකලාව කටයුතු කිරීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. 
 
කටක 
වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු සිදු කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. අසල්වැසි සුහදතාවයට කරුණු සැලසෙන දිනයකි. 
 
සිංහ 
නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර ඇවිදිලි වැඩිකරන දිනයකි. හදිසි ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත. 
 
කන්‍යා 
තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. සෙම් රෝග බහුල දිනයකි. 
 
තුලා 
දේපළ ගනුදෙනුවකට කටයුතු උදා කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. 
 
වෘශ්චික 
හිතුමතයට කටයුතු සිදුකරයි. රැකියාවේ ගැටලු කීපයකට මුහුණපායි. වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. 
 
ධනු 
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවක් ඇති කරන දිනයකි. 
 
මකර 
පැරැණි පෙම් සබඳතාවයක් අලුත් කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති කරයි. 
 
කුම්භ 
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. 
 
මීන 
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.