2024/10/17 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 17, 2024

 

ඉර උදාව පෙ.ව. 05.57
ඉර බැසීම ප.ව. 05.55
රාහු කාලව දහවල් 11.56 - 01.26
සුබදිශාව - උතුර

 

මේෂ

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගනී.

වෘෂභ

ගතට සිතට සුවදායක බවක් ඇති කරයි. පැවැති අසනීපකාරි බවක් මඟහැරී යයි. අමතර ලැබීම් සහිත දිනයකි.

මිථුන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. වගකීම් බහුල දිනයකි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

කටක

නැතිවූ දෙයක් නැවත හිමි කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. පැවැති ගැටලුකාරි බවක් මඟහැරී යන දිනයකි.

සිංහ

විශ්වාසවන්ත බැඳීමකට හේතු සැලසේ. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. අවිවේකී ලෙස දවස උදා කරයි. මවගෙන් උපකාර හිමිකරන බවක් පෙනේ.

කන්‍යා

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි. හිතවතුන්ගෙන් උදවු උපකාර හිමි කරයි. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ.

තුලා

විනෝදයෙන් කටයුතු සිදු කරයි. මිහිරි ආහාරපාන කෑමට හිමිවන බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි.

වෘශ්චික

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. ඉවසීමෙන් කටයුතු කරන්න.

ධනු

වෙනදාට වඩා පින්දහම් කටයුතු නිරතවන බවක් පෙන්නුම් කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. පැවැති ගැටලුකාරි බවකින් නිදහස අත්කරයි.

මකර

උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. අමතර ලැබීම් සහිත දිනයකි. නිතර සමාජසේවා කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි.

කුම්භ

පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කීපයක් සිදු කරයි. දුරගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

මීන

ගතට සිතට සැහැල්ලුවක් ඇතිකරන දිනයකි. දුර ඥාතියකුගේ පැමිණීමක් සිදු කරයි. භෝජන සංග්‍රහයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.