2024.08.11 ඉරිදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 11, 2024
2024.08.11 ඉරිදා 
ඉර උදාව - පෙ.ව. 06.05 
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - සවස 04.54 - 06.27
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි. 
 
වෘෂභ 
සැනසිලිදායක ලෙස දවස ආරම්භ කරයි. මවුපස ඥාතියකුගේ උපකාරයක් හිමිකරයි. පවුලේ සමඟියට කටයුතු සැලසෙන බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කර ගනී. 
 
මිථුන 
ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. 
 
කටක 
සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. නිකරුණේ කරන වියදම් වැඩිවන බවක් පෙනේ. මුත්‍රා ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. 
 
සිංහ 
අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. පාඩු සිදුකරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. තැන්පත් ධනය වැය කරන දිනයකි. 
 
කන්‍යා 
අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. 
 
තුලා 
අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. ආගමික කටයුත්තක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් කැපකිරීමට සිදුවේ. නිතර ප්‍රශංසා හිමිකරන දිනයකි. 
 
වෘශ්චික 
හිතුමතයට කටයුතු කරයි. ගේ දොර සැනසිල්ල අඩුකරන බවක් පෙනේ. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.
 
ධනු 
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බලන්න. 
 
මකර 
ගේ දොර සැලසුමක් වෙනස් කරන දිනයකි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කරයි. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් පීඩාගෙන දෙන දිනයකි. 
 
කුම්භ 
පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන දිනයකි. වෙනදාට වඩා කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ. 
 
මීන 
වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කරන්න. අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇති දිනයකි. සිතට පී‍්‍රතිය ගෙනදෙන කරුණු කීපයක් සිදුකරයි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.