2024.08.12 සදුදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 12, 2024
2024.08.12 සඳුදා 
ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - උදේ 07.37 - 09.11
සුබ දිශාව -  නැඟෙනහිර 
 
මේෂ 
පැවැති අවිවේකී බව මඟ හැරී යයි. දරුවකුª පිළිබඳ විමසිලිමත් විය යුතු දිනයකි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. 
 
වෘෂභ 
නිතර අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. පවුලේ අයගේ ප්‍රසාදයට හේතු ඇති කරයි. වගකීම් බහුල අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. 
 
මිථුන 
අසල්වැසි සිත් නොහොඳකමකට කටයුතු උදා කරයි. අමතර මුදල් ලාභ හිමිකරන දිනයකි. වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදේ 
 
කටක 
දුරදිග බලා කටයුතු කරන්න. එමෙන්ම ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර පතන දිනයකි. 
 
සිංහ 
පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත හිමි කරන ලකුණු පෙනේ. අඹුසැමි විශ්වාසයට හේතු ඇති කරන දිනයකි. 
 
කන්‍යා 
නිතර දනට පිනට ළැදිව කටයුතු කරන බවක් පෙනේ. පවුලේ කෙනකු වෙනුවෙන් භෝජන සංග්‍රහයකට සැලසුමක් ඇති කර ගනී. උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර පතන දිනයකි. 
 
තුලා 
අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසෙන බවක් පෙනේ. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. 
 
වෘශ්චික 
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන කරුණු කීපයක් යෙදේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.
 
ධනු 
යොදාගත් සැලසුමක් සාර්ථක කරයි. නිතර ගතට සිතට පී‍්‍රතිය ගෙනදෙන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. ගනුදෙනුවක් සාර්ථක කරන දිනයකි. 
 
මකර 
වගකීම් බහුල කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙනේ. පවුලේ කෙනකුගේ දුරස්වීමක් සිදු කරයි. 
 
කුම්භ 
මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසෙන දිනයකි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. 
 
මීන 
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. මුත්‍රාගත ආබාධයක් හෝ නහරගත ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරන දිනයකි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.