2024.08.06 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 6, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය - සවස 03.22 - 04.55
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන බවක් පෙනේ. හදිසි තීරණයක් සාර්ථක කරන දිනයකි. උත්සාහයෙන් කටයුතු සිදුකරන අතර වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් ද පෙන්නුම් කරයි.

වෘෂභ

පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන දිනයකි. පැවැති ගැටලුවකින් නිදහස උදා කරයි.

මිථුන

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. කලකින් හමුනොවූ මිතුරකු හමුවීමට අවස්ථාව සැලසේ.

කටක

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. වරින් වර ඇති කරන සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. කලබලකාරී ගතිපැවැතුම් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

සිංහ

ඇවිදිලි වැඩිකරන දිනයකි. ආරවුලක් සමතයකට පත්වන බවක් පෙන්නුම් කරයි. හිතවතුන්ගේ ප්‍රසාදය හිමිකරන දිනයකි. වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදේ.

කන්‍යා

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. වගකීම් බහුල දිනයකි.

තුලා

පවුලේ කෙනෙකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.

වෘශ්චික

ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති බවක් පෙනේ.

ධනු

ලැබීම් අතින් යහපත් කරයි. පැවැති අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදු කරන බවක් පෙනේ.

මකර

නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. අතමිට මුදල් ගැවසුනත් වැයපස අධිකයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩා ගෙන දෙන දිනයකි.

කුම්භ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදා කරයි.

මීන

අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙන්වයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.