2024.07.13 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 13, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - උදේ 09.08 - 10.42
සුබ දිශාව - දකුණ

 

මේෂ

විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදු කරයි. සුළු සුළු කැපීම් සීරීම් ආදිය සිදුවිය හැකි බවක් පෙනේ. අමතර වියදම් බහුල දිනයකි.

වෘෂභ

විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරයි. ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. ඥාති උපකාරයකට ඉඩකඩ ඇති දිනයකි.

මිථුන

අමතර දේ ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. අසල්වැසි සුහදතාවයට හේතු ඇති කරයි. අලුත් පොත්පත් මිලදී ගැනිමකට කටයුතු උදාකරණ බවක් පෙනේ.

කටක

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වැයපස අධික කරන කටයුතු කීපයක් යෙදේ. නීති සහන පැතීමට සිදුවන බවක් පෙනේ.

සිංහ

අමතර ලැබීම් සහිත දිනයකි. එදිනෙදා කටයුතු සම්බන්ධ වෙහෙසක් දැරිය යුතු බවක් පෙනේ. ඉවසීමෙන් කටයුතු කරන්න.

කන්‍යා

ලැබීම් අතින් යහපත් කරයි. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරයි. වරින් වර ඇති කරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

තුලා

උනන්දුව උත්සාහය මත කරන කියන කටයුතු කීපයක් සාර්ථක වීමට ඉඩ ඇත. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. සුළු සුළු කැක්කුම් වේදනා ඇති කරයි.

වෘශ්චික

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙන්නුම් කරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. ගනුදෙනුවකින් පාඩුවක් සිදුවීමට ඉඩ ඇත.

ධනු

අමතර ලැබීම් සහිත දිනයකි. පවුලේ කෙනකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. අමතර ගමන් බහුල දිනයකි.

මකර

පවුලේ වගකීම් බහුල කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පැවැති උදාසීන ගතිපැවැතුම් මඟහැරී යන දිනයකි.

කුම්භ

නැති වූ දෙයක් නැවත හිමිකරයි. විශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසේ. ගතට සිතට සැනසිල්ල උදාකරන දිනයකි.

මීන

පවුලේ වගකීම් බහුල කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමෙන් අසහනකාරී බවක් ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.