2024.03.27 බදාදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 27, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.11
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය - දවල් 12.16 - 01.47
සුබ දිශාව - දකුණ

 

මේෂ

වගකීම් බහුල කරමින් දවස ආරම්භ කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන දිනයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ.

වෘෂභ

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අමතර ලැබීම් අතින් යහපත් වන බවක් පෙන්නුම් කරයි.

මිථුන

ගතට සිතට සැනසිලිදායක බවක් අත් කරයි. පැවැති ගැටලුවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන දිනයකි.

කටක

වෙනදාට වඩා නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. නීති ගැටලුවකින් නිදහස්වීමට මඟ සැලසේ. වරින් වර ඇති කරන සෙම් අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

සිංහ

වගකීම් බහුල කරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි.

කන්‍යා

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතු කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

තුලා

විනෝදයට බරව කටයුතු සිදු කරයි. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන දිනයකි. අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරන බවක් පෙනේ.

වෘශ්චික

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ කෙනකු පිළිබඳ සිත් සතුටු කරන පුවතක් අසන්න ලැබේ. නිතර පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.

ධනු

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අමතර මුදල් වැයවීම් බහුල දිනයකි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. උදරගත ආබාධයකින් පීඩා අත් කරයි. ගතට සිතට සැනසිල්ල අඩු කරන දිනයකි. යොදාගත් සැලසුමක් ප්‍රමාද කරන බවක් පෙනේ.

කුම්භ

පැවැති ගැටලුවකින් නිදහස සැලසේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. වගකීම් බහුල දිනයකි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.

මීන

ලැබීම් අතින් යහපත් කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු සැලසේ. පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපාන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.