2024.03.18 සඳුදා- ලග්න සහ රාහු කාලය

මාර්තු 18, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.16
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - උදේ 07.40 - 09.18
සුබ දිශාව - උතුර

 

මේෂ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසේ. සුළු සුළු ලාබ හිමිකරන මාර්ග කීපයක් යෙදෙන දිනයකි.

වෘෂභ

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

මිථුන

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙහෙසිය යුතු බවක් පෙනේ. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරන දිනයකි.

කටක

උත්සාහයෙන් යුතුව කටයුතු කීපයක් සිදු කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. සෙම් රෝග උගුර ආශි‍්‍රත ආබාධ ආදියෙන් පීඩා ගෙන දෙන දිනයකි.

සිංහ

හිතුවක්කාර තීරණයක් තමාට අවාසි සහගත බවක් ඇති කරයි. වාහන ගමන් ගැන සැලකිලිමත් විය යුතු දිනයකි. විශේෂ ජයග්‍රහණවලට හිමිකම් ඇති දිනයකි.

කන්‍යා

ස්ථිර අදහස් ඇතිව කටයුතු සිදු කරයි. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. නිතර දරුවකු පිළිබඳ වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. ගැටලුකාරී දිනයකි.

තුලා

ආගමික සැලසුමකට මුල පිරෙන දිනයකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා ඇතිකරන බවක් පෙනේ.

වෘශ්චික

වගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න.

ධනු

වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

මකර

පවුලේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. වැඩිහිටියකුගෙන් කරදරකාරී බවක් ඇති කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන අතර වියදම් අධික දිනයකි.

කුම්භ

හිතවතකු නිසා තමාට වාසි කීපයක් අත් කරයි. දුර දිග බලා කටයුතු කළයුතු බවක් පෙනේ. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසෙයි. වගකීම් බහුල දිනයකි.

මීන

අමතර ආදායම් මාර්ගවලට ඉඩකඩ සැලසෙන බවක් පෙනේ. වෙනදාට වඩා ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි. යටපත් වූ උදරගත ආබාධයක් නැවත මතු කරයි. කෑම බීම ගැනීම ගැන පරිස්සම් විය යුතු දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.