2024.03.10 ඉරිදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 10, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.20
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - සවස 04.51 - 06.22
සුබ දිශාව - දකුණු

 

මේෂ

වෙනදාට වඩා උත්සහවන්තව කටයුතු සිදුකරයි. නැති වූ දෙයක් නැවත ලබාගැනීමට හැකිවෙයි. අලුත් දේ ඉගනීමට කටයුතු උදාකරන දිනයකි.

වෘෂභ

වගකීම් බහුල කරයි. රැකියාවට අමතර කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන බවක් පෙනේ.

මිථුන

හදිසි තීරණයක් තමාට වාසිදායක තත්ත්වයක් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට මැදිවීමට ඉඩ ඇත. සමාජයේ ප්‍රසිද්ධියට කරුණු සැලසෙන කටයුතු කීපයක් යෙදේ.

කටක

අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. නිතර ගේ දොර අලංකාර වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. විනෝදයට බරව කටයුතු සිදුකරන දිනයකි.

සිංහ

අවිවේකී වුවත් සැළසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා පවුලේ කටයුතු සම්බන්ධ මූලිකත්වයක් ගැනීමට සිදුවේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි.

කන්‍යා

ශාස්ත්‍රීය කටයුත්තකට ගැටලු කීපයක් මතු කරයි. අමතර දේ ඉගනීමට වෙහෙසක් දැරිය යුතු බවක් පෙනේ. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. සිත් කලකිරීම් බහුල කරයි.

තුලා

හදිසි තීරණයක් තමාට වාසිදායක තත්ත්වයක් ඇති කරයි. අලුත් බැඳීම්වලට හේතු යෙදෙන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි.

වෘශ්චික

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. මෙතෙක් උදාසීන ලෙස කරගෙන ආ කටයුතු කීපයක් නැවත උනන්දුවකින් කරගෙන යන දිනයකි.

ධනු

උත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොකරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

මකර

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. නිතර පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. පැරැණි ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වියදම් බහුල දිනයකි.

කුම්භ

විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. අමතර වාසි සැලසෙන මාර්ග කීපයක් යෙදෙන බවක් පෙනේ. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි.

මීන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකිවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.