2024.03.06 බදාදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 6, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.21
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - දහවල් 12.22 - 01.52
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

විශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ප්‍රභූන් හා ඇසුරකට කටයුතු සැලසෙන දිනයකි.

වෘෂභ

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරන බවක් පෙනේ. සිතේ සැහැල්ලුවෙන් කටයුතු උදා කරන දිනයකි.

මිථුන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ.

කටක

වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. දේපළ ගැටලුවකට මුහුණපාන දිනයකි. සෙම් රෝගයකින් පීඩා විඳීමට සිදුවෙයි.

සිංහ

ලැබීම් අතින් යහපත් කරයි. එහෙත් වැයපස අධික කරන කටයුතු කීපයක් යෙදේ. අලුත් දේ ඉගනීමට කටයුතු සැලසෙන අතර නිතර ඇවිදිලි වැඩි කරන දිනයකි.

කන්‍යා

බලාපොරොත්තු ඉටුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වරින් වර ඇති කරන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. අවිවේකී දිනයකි.

තුලා

ගතට සිතට සැනසිල්ල උදා කරයි. නිතර බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදාකරයි.

වෘශ්චික

අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසෙන බවක් පෙනේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ලැබීම් අතින් යහපත් දිනයකි.

ධනු

උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා පිනට දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. අමතර ආදායම් මාර්ග යෙදෙන දිනයකි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.

කුම්භ

ලැබීම් අතින් යහපත් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

මීන

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි. ආගමික කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවක් පෙනේ. විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.