2024.02.26 සඳුදා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 26, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.25
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - උදේ 07.54 - 09.25
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වරින් වර හටගන්නා අතේ පයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නොසන්සුන්කාරී ලෙස දවස ගෙවන දිනයකි.

වෘෂභ

නිතර බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. හදිසි ගමනකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි.

මිථුන

ඥාතීන් අතර සුහදතාවයට කරුණු ඇති කරයි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමි වන බවක් පෙනේ. අතමිට මුදල් ගැවසෙන කටයුතු කීපයක් යෙදෙන දිනයකි.

කටක

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට කටයුතු උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි.

සිංහ

අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදෙන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කන්‍යා

වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි. වමනය, ක්ලාන්තය වැනි අසනීප ගතියකින් පීඩා විඳියි. නිතර ගතට සිතට පීඩා ගෙන දෙන දිනයකි.

තුලා

අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවිය හැකි දිනයකි.

වෘශ්චික

ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා දිනයකි.

ධනු

යොදා ගත් සැලසුමක් සාර්ථක කරයි. ආගමික කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට කටයුතු සූදානමක් ඇති කර ගනී. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. ඥාතීන්ගෙන් තෑගි භෝග හිමි කරයි.

මකර

සානසිලිදායක ලෙස දවස උදා කරයි. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. ගේ දොර කටයුතු පිළිවෙළක් ඇති කර ගැනීමට වෙහෙසක් ගන්නා දිනයකි.

කුම්භ

සමාජ සේවා කටයුත්තකින් තමාට ප්‍රශංසා හිමි කරයි. නිතර පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. රැකියා බලාපොරොත්තුවක් පිළිබඳ අදහසක් වෙනස් කිරීමට සිදුවෙයි.

මීන

වියදම් අධිකවන දිනයකි. යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. දරුවකුගේ ඉදිරි අනාගත සැලසුමක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. පවුලේ කෙනකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.