2023/12/14 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 14, 2023

 

ඉර උදාව – පෙ.ව. 06.13
ඉර බැසීම – ප.ව. 05.57
රාහු කාලය – දහවල් 01.33 - 03.01
සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ

වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරන දිනයකි. අමතර කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි.

වෘෂභ

ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. පවුලේ සතුට, සැනසීම උදා කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වන්න.

මිථුන

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. විශේෂ ගමනකට සැලසුමක් ඇති කර ගනී. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. හදිසි අසනීපයකට ප්‍රතිකාර ලබා ගන්නා දිනයකි.

කටක

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. ඥාතීන් අතර සුහදතාවයට කරුණු ඇති කරයි.

සිංහ

උත්සාහවන්තව කටයුතු සිදු කරන බවක් පෙනේ. පවුල් වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. අසල්වැසි සුහදතාවයට බාධා ඇතිකරන කටයුතු කීපයක් යෙදේ.

කන්‍යා

උසස් අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබද අසන්න ලැබෙන දිනයකි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ලාභ හිමිකරන මාර්ගයකට හිමිකම් ඇති කරයි.

තුලා

සිතට විනෝදය ගෙන දෙන කරුණු කීපයක් සිදු කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. වැයපස අධික කරන දිනයකි.

වෘශ්චික

ගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. හිතුවක්කාර ලෙස කටයුතු කීපයක් සිදු කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩාගෙන දෙන දිනයකි.

ධනු

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. මව හෝ මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. විවේකය අඩු කරන දිනයකි.

මකර

උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා වියදම් පක්ෂය අධික වන බවක් පෙනේ. විශ්වාසය බිඳවැටීමක් සිදු වන දිනයකි.

කුම්භ

සමාජයේ ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. අමතර ආදායම් මාර්ග සැලසෙන කටයුතු කීපයක් යෙදේ. වරින්වර ඇති කරන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

මීන

සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. දරුවකු පිළිබඳ සතුටට පත්වීමට හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.