2023.11.07 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 7, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.09
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - දහවල් 01.29 - 02.58
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

තරමක් දුරට සැනසිලිදායක බව අඩු කරන බවක් පෙන්නුම් කරයි. විදෙස් ලැබීම් හිමි කරන මාර්ග කීපයක් උදාකරයි. අමතර වියදම් බහුල කරන දිනයකි.

වෘෂභ

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

මිථුන

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. විවේකය අඩුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වරින් වර ඇති කරන කොන්දේ අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

කටක

අමතර වියදම් බහුල කරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇත. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. දරුවකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන දිනයකි.

සිංහ

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ අයගේ ප්‍රශංසා හිමිකරන කටයුතු කීපයක් යෙදේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. අමතර ආදායම් මාර්ග යෙදෙන දිනයකි.

කන්‍යා

ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. නිතර සමාජ සේවා කටයුතුවලට සම්බන්ධවන බවක් පෙනේ. උසස් අධ්‍යාපනයට සැලසුමක් අති කරගන්නා දිනයකි.

තුලා

පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. නිතර ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට ඉඩකඩ ඇති දිනයකි.

වෘශ්චික

ගේ දොර කටයුතු පිළිවලකට තබා ගැනීමට උත්සාහ දරණ බවක් පෙනේ. නිතර විසිතුරු දේ මිලදී ගැනීමට සිත්දෙන දිනයකි. මුදල් සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවේ.

ධනු

පුණ්‍ය කටයුතු කෙරෙහි වෙනදාට වඩා සිත යොමු කරන දිනයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. දරුවකු පිළිබඳ සිත්සතුටු කරන පුවතක් අසන්න ලැබේ.

මකර

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරන දිනයකි. අවිවාහකයින්ට සුබදායක දිනයක් වන අතර මෙතෙක් ප්‍රමාදවූ විවාහ යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න.

කුම්භ

මෙතෙක් පැවැති උදාසීන ගතිපැවැතුම් මඟහැරී යයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරන දිනයකි.

මීන

වගකීම් බහුල දිනයක් වන අතර, යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගනුදෙනුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.