2023.12.04 සඳුදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 4, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.08
ඉර බැසීම - ප.ව. 05.53
රාහු කාලය - උදේ 07.36 - 09.04
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. නිතර තමාට තෑගි භෝග ලැබීමට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන දිනයකි.

වෘෂභ

අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. නොකල වරදකට දඬුවමක් හිමි කරයි. දුරදිග බලා කටයුතු කළ යුතු දිනයකි.

මිථුන

අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. රැකියාවේ ලිපි ලේඛණ ගැටලුවකට මුහුණපායි. ආර්ථික අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

කටක

ස්ථිර අදහස් ඇතිව කටයුතු සිදු කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් ඇප කැපවී කටයුතු කිරීමට සිදුවන දිනයකි.

සිංහ

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. පවුලේ වගකීම් කීපයක් තමාපිට පැවරීමට ඉඩ ඇත. දේපළ ගැටලුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවෙයි.

කන්‍යා

හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. නිතර අලුත් හිත මිතුරන් ඇසුරට කටයුතු උදා කරයි. පැවැති අසනීපයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි.

තුලා

නිතර විනෝදකාමී සිතිවිලි ඇති කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. දරුවන්ගේ සැලසුමක් හේතුවෙන් සතුටට පත්විය හැකි දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන දිනයකි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න.

ධනු

පවුලේ පැවැති අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ. පවුලේ අය සමඟ සතුටුවීමට අවස්ථාව උදා කරයි. පැවැති අමනාපකම් මඟහැරී යන දිනයකි.

මකර

අමතර වියදම් බහුල කරයි. පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදුකරන බවක් පෙනේ.

කුම්භ

නැති වූ දෙයක් නැවත හිමි කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. පැරැණි පෙම් සබඳතාවයක් අලුත් කරන දිනයකි. අලුත් හිතමිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරයි.

මීන

ලැබීම් අතින් යහපත් දිනයකි. පවුලේ අයගෙන් ප්‍රශංසා හිමිවන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි. මිහිරි ආහාර පාන ගැනීමට අවස්ථාව උදා කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.