2023/11/23 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 23, 2023

 

ඉර උදාව පෙ.ව. 06.03
ඉර බැසීම ප.ව. 05.50
රාහු කාලය – දහවල් 01.24 02.53
සුබ දිශාව – උතුර

 

මේෂ

වෙනදාට වඩා වගකීම් බහුල කරයි. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. මුදල් ගනුදෙනුවක් සම්බන්ධ කටයුත්තකට අතගැසීමට කටයුතු සැලසෙන දිනයකි.

වෘෂභ

වෙනදාට වඩා අතමිට සරුවන බවක් පෙන්නුම් කරයි. නිතර විනෝදකාමී සිතිවිලි ඇති කරන බවක් පෙනේ. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවන දිනයකි.

මිථුන

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. හදිසි සැලසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

කටක

වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට කටයුතු උදා කරයි. ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ. අන් සතු වස්තුª ලාභයකට හිමිකම් ඇති දිනයකි.

සිංහ

වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරයි. නිතර කේන්ති යන ස්වභාවයකින් කටයුතු කීපයක් සිදුකරයි. සහෝදර මතභේදයක් දුරදිග යා හැකි දිනයකි.

කන්‍යා

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

 

තුලා

පී‍්‍රතිය ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකිවන දිනයකි. දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී.

වෘශ්චික

හිතුමතයට කටයුතු සිදු කරන බවක් පෙනේ. පවුලේ කටයුතු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවෙයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

ධනු

පැවැති අසහනකාරි බව මඟහැරී යයි. යෝජනා ස්ථිරවීමක් සාර්ථක කරන දිනයකි. කලකින් නොදුටු හිතවතකු හමුවීමට කටයුතු සැලසේ.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සපුරා ගැනීමට කටයුතු උදා කරයි. තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරන දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල අඩු කරන දිනයකි. එහෙත් යන එන ගමන්වලින් වාසි කීපයක් සැලසේ. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

මීන

අලුත් බලාපොරොත්තු ඇති කරයි. ළඟින් ඇසුරු කරන අයකුගෙන් උපකාරයක් හිමි කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි. වරින්වර ඇතිකරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබ ගනී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.