2023.11.22 බදාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 22, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 05.50
රාහු කාලය - දවල් 11.56 - 01.25
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදර ඇති කරයි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. හදිසි මුදල් ලාභයකට හිමිකම් ඇති දිනයකි.

වෘෂභ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. පවුලේ කෙනකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. කොන්ද ආශි‍්‍රත ආබාධයකින් පීඩා ගෙනදෙන දිනයකි.

මිථුන

ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි. අලුත් ඥාතිමිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. ප්‍රමාදතා සිදුකළ සැළසුම් කීපයක් සාර්ථක කරගැනීමට හැකිවන බවක් පෙනේ.

කටක

වගකීම් බහුල වන දිනයක් වන අතර නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික වන බවක් ද පෙන්නුම් කරයි. ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා අතමිට සරුවන බවක් පෙන්වයි.

සිංහ

ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරයි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වංචා රැවටිල්ලකට හසුවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න.

කන්‍යා

අන් අය අතරේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා මුදල් වියදම් වැඩි කරන දිනයකි. පවුලේ ගැටලුකාරී බවක් විසඳා ගැනීමට මත සැලසේ.

තුලා

නිතර අලංකාර දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයි. හදිසි ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. පවුලේ කෙනකු පිළිබඳ විමසිලිමත් විය යුතු දිනයකි. අමතකවීම් හේතුවෙන් පාඩු විඳීමට සිදුවේ.

ධනු

පවුලේ සුහදතාවයට බාධා සැලසෙන දිනයකි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. මුදල් අපහසුතා ඇති වුවත් ඒවා මඟහරවා ගැනීමට අවස්ථාව සැලසේ.

මකර

හදිසි ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන දිනයකි. වචන පාවිච්චියේදී කල්පනාකාරීවීම වැදගත්වන බවක් පෙන්වයි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න.

කුම්භ

පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙනේ. අමතර ආදායම් මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

මීන

නිතට ගතට සිතට පීඩාකාරී ලෙස දවස ආරම්භ කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ වගකීම් වැඩිවන දිනයකි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙන්වයි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.