2023.10.22 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 22, 2023

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.53
රාහු කාලය - සවස 04.23 - 05.53
සුබ දිශාව - දකුණ

 

මේෂ

අලුත් පිරිසක් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. සමාජ ආශ්‍රයට යොමුවන දිනයක් වන අතර, විවිධ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට අවස්ථාව උදාකරයි. දියුණුව සම්බන්ධ පියවර කීපයක් ගන්නා දිනයකි.

වෘෂභ

අන් අයගෙන් උදව් උපකාර ලැබ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. මිල මුදල් ලාභ ද ලැබෙන බවක් පෙනේ. ගෙදර දොර සැනසිලිදායක බවක් ඇති කරයි. රැකියාවේ දියුණුවක් දැකිය හැකි දිනයකි.

මිථුන

බලාපොරොත්තුවක් බිඳ වැටෙන දිනයකි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. නිතර නිවෙසින් පිට වාසයට කරුණු ඇති කරයි. උසස් අයගේ ඇසුරට කටයුතු උදාකරන බවක් පෙනේ.

කටක

වගකීම් බහුල කරයි. එමෙන්ම ඉක්මන් කලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නොකල වරදක් හේතුවෙන් සිත්තැවුලක් විඳීමට සිදුවන දිනයකි.

සිංහ

කලබලකාරී ගතිපැවැතුම් ඇති කරන දිනයකි. දුරගමනක් හේතුවෙන් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. ඥාතීන් අතර හොඳ හිත දිනාගන්නා දිනයකි. විශ්වාසවන්ත කෙනෙකුගේ ඇසුරට කටයුතු උදාකරයි.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. සහෝදර පක්ෂය සමඟ එකතුව කරන වැඩකටයුතු කීපයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. වාහන ගනුදෙනුවකට අත ගසන දිනයකි.

තුලා

විනෝදයට බරව කටයුතු කරන බවක් පෙනේ. නිතර විසිතුරු දෑ කෙරෙහි ඇල්මක් දක්වයි. අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. වෙනදාට වඩා දුරදිග සිතා බලන්න.

වෘශ්චික

පවුලේ මතභේදකාරී බවක් මඟහැරී යයි. වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු සිදුකරයි. පවුලේ භෝජන සංග්‍රහයක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගන්නා දිනයකි.

ධනු

ගතට සිතට සැනසිල්ල උදා කරන දිනයකි. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට මඟ සැලසේ. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. සෙම් රෝග බහුල දිනයකි.

මකර

වාසි කීපයක් මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා කල්පනාකාරී වන්න. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි.

කුම්භ

වෙනදාට වඩා සිතට චංචල බවක් ඇති කරයි. යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. වරින් වර ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. උදාසීන ගති මඟහැරී යන දිනයකි.

මීන

වගකීම් බහුල කරන අතර, තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් සිදුකර ගන්නා බවක් පෙනේ. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අඹු සැමි සිත් නොහොඳකමක් මඟ හැරී යන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.