අභිසම්භිධාන යන්ත්‍රය නිවැරැදිව පලඳින්න

නොවැම්බර් 1, 2024

ඡ්‍යොතිෂයට අයත් යන්ත්‍ර විද්‍යාවෙන් මතුවන එක එක යන්ත්‍ර ගැන විස්තරයක් කරන සෑම අවස්ථාවකදීම අභිසම්භිධානය ප්‍රධාන තැනක් ගන්නවා. විශේෂයෙන්ම ඒක බුද්ධ යන්ත්‍රයක්. බුද්ධ කාලයේ වැඩ විසූ ඍෂිවරයන් වහන්සේලා විසින් දේශනා කරන ලද කරුණු ඇතුළත්ව සකස් කරන ලද මේ යන්ත්‍රය එකල සිටම ඉන්දියාව, නේපාලය, භූතානය වැනි රටවල ඉතා ප්‍රසිද්ධයි. තවද ඉන් නියම පල ප්‍රයෝජන ගත් ලාංකික බොහෝ දෙනා ප්‍රතිපල ලබන යන්ත්‍රයක් ලෙසට අභිසම්භිධානය හඳුන්වනවා.

විශේෂයෙන් මේ යන්ත්‍රයෙන් සිදු කරන්නේ එක එක රහතුන් වහන්සේලාගේ බලය, ශක්තිය ස්වකීය ශරීර අංගවලට යොමු කිරීමයි. බුද්ධ, ධම්ම, සංඝ ත්‍රිවිධරත්නය පෙරටු කොටගෙන එකී රහතුන් වහන්සේලාගේ බල මහිමය මිනිස් ශරීරයට නොමැති නම් මනුෂ්‍ය ඕරාවට ඇතුළු කිරීමටයි. මේ යන්ත්‍රයේ බලගතුකම විස්තර කරන්නට කලින් විශේෂයෙන් යමක් ලියන්ට හිතුණා. යන්ත්‍රය ගැන ඡ්‍යොතීර්වේදීන් සැමටම පාහේ දැනුම ඇති බව පිළිගන්නා කරුණක්. මේ අතර යන්ත්‍ර විද්‍යාව ගැන කිසිදු දැනුමකින් තොරව යන්ත්‍ර දමන අයද නැතුවම නොවේ. අක්ෂර වින්‍යාසය ගැන පුළුල් දැනුමක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අරත එය කුමක්දවත් නොදත් අයද මේ අතර සිටින බව නොරහසක්.

සාමාන්‍යයෙන් මේ යන්ත්‍රය කිසියම් හෝ ආතුරයෙකුට පැලඳීමේදී එම අය ඔබ කෙරෙහි කෙසේ වෙතත් ඡ්‍යොතිෂය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති බව අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුමයි. ඕනෑම යන්ත්‍රයක් පැලැඳීමේදී ඔවුන්ගෙන් අපටද අපෙන් ඔවුන්ට ද කෙරිය යුතු විශාල කාර්යභාරයක් තිබෙනවා.

පළමුවෙන් යන්ත්‍රය ආරම්භයට පෙර එම අයට පලඳවන යන්ත්‍රයේ සටහනක් පොතකින් හෝ පින්තූරයකින් පෙන්විය යුතුයි. යන්ත්‍රය ආරම්භය නියමිත නැකැතට සිදු කළයුතු අතර එම වේලාවකටම ආතුරයාද පහනක් දල්වා ගුණ ලැබීම සඳහා විශ්ව ශක්තියට ආයාචනා කර සිටිය යුතුයි. ඉන් අනතුරුව යන්ත්‍රය සියුම් ලෙස සෙමින් පරීක්ෂාවෙන් අවසන් කළ යුතු යි. දෙවැනුව මේ යන්ත්‍රය සුපුරුදු පරිදි 1080 වරක් ජප මන්ත්‍රයෙන් ජප කළ යුතුයි. නමුත් වෙනත් යන්ත්‍ර මෙන් නොවන අයුරින් සරල දිෂ්ටියකින් මුලින් දිෂ්ටි කිරීම සෑහේ. එනම් “ඉශඨපුවරය” සෑහේ. එසේ අවසන් කරන ලද යන්ත්‍රය ඇසිරීමට කලින් නිසියාකාරව අවසන් කර ඇති දැයි පරීක්ෂා කිරීමට ඔවුන්ට දිය යුතු ය. ඔවුන් සෑහීමකට පත්වේ නම් පමණක් යන්ත්‍රය අහුරා එය ජීවම් නූලෙන් බැඳ සුරයට බහාලීම කළ පසු ශරීර ස්පර්ෂය කළ යුතුවනවා.

ඡ්‍යොතීර්වේදය කළපමණින් යන්ත්‍ර දැමීම, ගුරුකම් කිරීම කළ නොහැකියි. එවැනි දේ කිරීමට ඡ්‍යොතිෂය ඉක්ම ගිය දැනුමක් තිබිය යුතු යි. විශේෂයෙන් පාරම්පරික ඡ්‍යොතිෂ ගති පැවතුම් තිබිය යුතුමය.

මේ යන්ත්‍රය පැලඳීමට පෙර 9 වැනි ගාථාව වන “නමෝ සන්තිස්ස බෝධි පක්ඛිකො චත්තාරො සතිපට්ඨානා” යනුවෙන් ආරම්භ කළ ගාථාවේ “ඉමං” කී පදයට පසු ආතුරයාගේ නම සඳහන් කළ යුතු යි. එසේ නොවුණහොත් එම යන්ත්‍රයෙන් එම ආතුරයාට කිසිදු සෙතක් සිදුවන්නේ ද නැත. මෙවැනි යන්ත්‍රවලට නාම බන්ධන අනිවාර්යය වනවා. මේ යන්ත්‍රය “සර්වතෝ භද්‍ර” යන්ත්‍රයකි.

කරුණූු මෙසේ තිබුණ ද නියමාකාරයෙන් නොකරන මේ යන්ත්‍ර ශරීර ආකර්ෂණයෙදී රෝගය උත්සන්න වීමත් සේම මරණය පවා ඇති කරන්න පුළුවන්. අභිසම්භිධානය අනිකුත් යන්ත්‍රවලට වඩා විශේෂ වන්නේ එය මරණයෙන් පවා බේරා ගන්නා එකම යන්ත්‍රය වන නිසායි. එනම් මරණාසන්න රෝගියකුට මේ යන්ත්‍රය තහඩුවේ ලියමින් රන් ආලේප කර සකස් කර කොට්ට උරය ඇතුළට යන්ත්‍රය දමා සයනයේ වැතිර සිටින රෝගියාගේ පිටදිගට ස්පර්ශ වන සේ තැබීමෙන් ශල්‍යාගාරයේ උපකරණ ගැලෙව්වද රෝගියා අවසාන හුස්ම නොහෙළා දීර්ග සිහි මුර්ජාවකට පත්වන බව අප කොතෙකුත් දැක තිබෙනවා. අභිසම්භිධානය හුස්ම හිරකර හුස්ම රඳා පවත්වන යන්ත්‍රයක් බව සඳහන් කරන්නේ එනිසාමයි. මේ යන්ත්‍රය සකස් කිරීමේ දී එක් විශේෂ අපහසුතාවක් තිබෙනවා. එනම් යන්ත්‍රයේ ඇති ගැබ් 07 කට මන්ත්‍ර නැත්නම් දීර්ඝ ගාථා 09ක් ඇතුළත් කිරීමයි. විශේෂයෙන් මෙය අසිරු කරුණකි. එහෙත් කෙසේ හෝ කළ යුතුවනවා.

සටහනේ දැක්වෙන පරිදි යන්ත්‍ර නීතියට අනුව දිග පළල ගෙන ඉතා සූක්ෂ්මව ඉරකට ඉරක්, ඉලක්කමකට හෝ නොගෑවෙන ලෙස පරිස්සමෙන් සකස් කිරීම ඉතා අපහසු කාර්යයක් වුවද පළපුුරුදු අයට එය එතරම් විශේෂයක් නොවේ. යම් හෙයකින් එසේ වැරදීමක් වුවහොත් එය ඉවත් කර වෙන එකක් සීහුම් නැකතකට ඇරැඹිය යුතු යි.

ගල් අච්චුවේ අඳින යන්ත්‍ර ක්‍රමයක් ද තිබෙනවා. යන්ත්‍රයක් නියමිත ආකාරයට සම්පූර්ණ කරගත නොහැකි නම් එය පැලැඳීම නොකරන ලෙසට අවවාදයක් කරනවා. මේ අභිසම්භිධානය යන්ත්‍රය මැතිරීම සඳහා ධූපයක් සකස් කරගත යුතුමයි. එම ධූපය සඳහා සුදුහඳුන්, රත්හඳුන්, දේවදාර, අගිල්, ගුගුල්, ජටාමාංශ, සැවැන්දරා, විෂ්ණුක්‍රාන්ති, කවඩි, සාම්බ්‍රානි, පුසාම්භ්‍රානි හා සඳුන් ලාටු අවශ්‍යයි.

මේ යන්ත්‍රයේ රූප සටහනක්ද ඉදිරිපත් කරනවා. මෙහි දැක්වෙන විශේෂ කරුණ නම් යන්ත්‍රයට ඇතුළත් කරනුයේ එය මතුරන ගාථා 9ම වීමයි. සාමාන්‍ය දැන ගැනීම සඳහා එක් එක් ගාථාවේ මුල් කොටස ලියා දක්වන අතර 9වන ගාථාව මඳක් දිගු බැවින් එය ඉතා පරිස්සමෙන් ගැබ්ගත කරන ලෙසටද ඉල්ලනවා.

නමෝ අභිසම්භිධානේ යුත්තේ යුත්තේ... පජ්ජලති පජ්ජලති සිහුම් සීහුම් ලුහු ලුහු පරමේස්වාහඞ...

නමෝ සම්මා සම්බුද්ධේ යුත්තේ යුත්තේ...

නමෝ පච්චෙක සම්මා සම්බුද්ධ යුත්තේ යුත්තේ

නමෝ ආනන්ද තේජෝ යුත්තේ...

නමෝ කාස්සප මහා තේරෝ යුත්තේ යුත්තේ...

නමෝ සීවලි මහා තේරෝ යුත්තේ...

නමෝ සාරිපුත්ත මොග්ගල්ලාන යුත්තේ යුත්තේ...

නමෝ අංගුලිමාල මහා තේරෝ මහා වීරෝ මහා කායෝ මහා

බලෝ යුත්තේ යුත්තේ...

නමෝ සංතිස්ස බෝධි පක්ඛිකෝ චත්තාරෝ...

 

පාරම්පරික ගුප්තවේදී

ශාස්ත්‍රවේදී

මී.ග. රන්ජිත් පී. විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.