අඹවලින් රසවත් ආහාර

මැයි 17, 2024

ලංකාව තුළ මේ වකවානුවේ අඹ ගස්වල ඵලදාව ගොඩක් වැඩියි. ඔබේ නිවසේ අඹ ඇති නම් අපතේ නොයවා මේ රසවත් ආහාර සකසා ගන්න. පිසූ ආහාරයට වඩා අමුවෙන් ආහාරයට ගැනීම පෝෂ්‍යදායී බව ඔබ දන්නවාද? රෝග රැසකට ගුණ දෙන අමු අඹ ගැන කතා කරමු.

කාබෝහයිඩ්රේට, විටමින් , කැල්සියම්, යකඩ, මේදය, මැග්නීසියම්

ශරීරයට ප්‍රතිලාභ

* ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර දිරවීම පහසු කරයි

* ආම වාතයට ගුණදායකයි.

* රුධිර සීනි මට්ටම පාලනය කරයි.

* සෙම්ප්‍රතිශ්‍යාවට ගුණදායකයි.

* ගැබ්ගැනීමේ වේදනාව සමනය කරයි.

* ආහාර රුචිය වැඩි කරයි.

* සමේ රෝග පාලනය කරයි.

* වකුගඩු ක්‍රියාකාරිත්වය නියාමනය කරයි.

 

Mango lassi

අද අප ඔබට දෙන වට්ටෝරුව වන්නේ පොල් කිරිවලින් අඹ ලස්සි සාදා ගන්නා ආකාරයයි.

අවශ්‍ය ද්‍රව්‍ය-

දෙදෙනෙකුට ප්‍රමාණවත් හොඳීන් ඉඳුණු ලොකු අඹ ගෙඩියක්

පොල් කිරි කෝප්ප කාලක් සහ වතුර කෝප්ප කාලක්

රස අනුව මී පැණි හෝ සීනි

කරදමුංගු කුඩු ස්වල්පයක් , රස අනුව ලුණු

 

සකසන ක්‍රමය- මේ සියල්ල එකට මිශ්‍ර කරගන්න. හොඳින් බ්ලෙන්ඩර් කරන්න. අවශ්‍ය නම් අයිස් කැට හෝ අයිස් ක්‍රීම් දමා පානයට ගන්න.

අඹ ලස්සි සෑදීමේදී අප කරන එක්තරා වැරැද්දක් තිබෙනවා. අඹවලට කිරි එළකිරි හෝ මුදවපු කිරි හෝ යෝගට් අපි එකතු කරනවා. එය සමහරුන්ගේ ශරීර ශක්තිය මත දිරවීමේ ක්‍රියාවලිය දුර්වල අයට දිරවීමේ ශක්තියක් නැති වෙනවා. මන්ද මේ දෙක එකිනෙකට ගැළපෙන්නේ නැති ආහාර වර්ග දෙකක් වන නිසා. දිරවීමේ අපහසුතා ඇති පුද්ගලයන්ට කළ හැකි වන්නේ සූදුරු කුඩු ස්වල්පයක් එකතු කර ගැනීමයි.

 

Mango chutney

අවශ්‍ය ද්‍රව්‍යය -

අඹ කිලෝ එකක්

සීනි දෙසිය පනහක් හෝ රස අනුව හකුරුද ඔබට අවශ්‍ය නම් එකතු කර ගත හැකිය. අඹ රසවත් නම් මී පැණි ගතිය වැඩිනම් සීනි අඩුවෙන් එකතු කරගත හැකිය. කරාබුනැටි, එනසාල්, සූදුරු මාදුරු, කුරුදු, කරපිංචා, රම්පේ කැබැල්ලක්, වියළි කෑලි මිරිස් කුඩු ස්වල්පයක්

සකසන ක්‍රමය-

කපා ගත් අඹවලින් ටිකක් ඉතිරි කර එයට උණු වතුර ස්වල්පයක් දමා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. පසුව ඉතුරු අඹ ද අනිත් අමු ද්‍රව්‍යද මැටි ඇතිළියකට දමා ලිප තබා බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය ද දමා මද ගින්නේ හැඳීගාමින් පිසගන්න. මෙය විශේෂයක් වන්නේ විනාකිරි නොමැති වීමයි. මෙය සාමාන්‍යයෙන් රත්පිත් තිබෙන අයට මෙන්ම විනාකිරි පරිභෝජනයට ගත නොහැකි අයට චට්නි ආහාරයට ගන්නා ක්‍රමයකි. තවද අඹ විශාල ප්‍රමාණයක් තිබේ නම් ඔබට සියලු අඹ කල්තබා ගැනීමට අවශ්‍ය නම් මෙයට විනාකිරි එකතු කරන්න.

 

උපදෙස්-

යුරෝපයේ පුහුණුව ලද

ආයුර්වේද සූපවේදිනී

ඉනෝකා වේලාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.