ඒරාෂ්ටක අපල කාලවල අපමණ සුබපල ලැබූ මහ ඇදුරු සුනිල් ආරියරත්න

දෙසැම්බර් 20, 2024

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 26 වැනි සිනමා කෘතිය වන ගෞතම බුද්ධ මාතා චිත්‍රපටය මේ දිනවල ප්‍රදර්ශනය වෙයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන කීර්තිමත් මහාචාර්යවරයකු වන සුනිල් ආරියරත්නයන් 1949 වසරෙහි ජූලි 28 වැනිදා නුගේගොඩදී උත්පත්තිය ලබා ඇති අතර ඒ මහතාගේ ලග්නය වෘෂභ වේ. ඒ අනුව, ඒ මහතාගේ උත්පත්ති කේන්දර සටහන පහත පරිදි වෙයි.

මේ කේන්දර සටහනෙහි විශේෂත්වය වන්නේ ඥාන යෝග කිහිපයක්ම පැවතීමය. කේතු ග්‍රහයා 5 වැන්නෙහි සිටීමද, ගුරු ග්‍රහයා 9 වැන්නෙහි පිහිටා තිබීමද, රවි සහ බුධ තනිව සංයෝගව සිටීම ද, බුධ සහ ගුරු සප්තමව සිටීමද ඥාන යෝග වෙයි. ඒ අනුව, මේ කේන්දර සටහන තුළ සියලුම ආකාරයේ ඥාන යෝග පිහිටා ඇති බව පෙනේ. ඒ අනුව, මේ කේන්දර සටහන කලාතුරකින් හමුවන කේන්දර සටහනක් වන අතර, රවි සහ චන්ද්‍ර අතර පරිවර්තන යෝගයට අනුව, සහජ හැකියාවක් සහිත පුද්ගලයකු බිහි වේ. මේ කේන්දර සටහනෙහි ශනි, සිකුරු, චන්ද්‍ර යන ග්‍රහයන් එකම භාවයක තැම්පත් වීමට අනුව සුනිල් ආරියරත්න මහතාට කලා ක්ෂේත්‍රය තුළ අද්විතීය චරිතයක් බවට පත්වීමට හැකි වී ඇති අතර රවි සහ බුධ 3 වැනි භාවයේ තැන්පත් වීමට අනුව ලේඛන ක්ෂේත්‍රයේ දක්ෂතා ඇති වී ඇත. එමෙන්ම ශනිට යාබද රාශියෙහි කේතු තැන්පත් වීමට අනුව, ඒ මහතාට විද්‍යුත් මාධ්‍යවලට සම්බන්ධ වීමට වාසනාගුණය ලැබී ඇති අතර ගුරු නව වැන්නෙහි පිහිටීමට අනුව නොමැකෙන නමක් තැබීමට වාසනා ගුණය ලැබී ඇත. එමෙන්ම ගුරු සහ රවි සප්තම වීමට අනුව, ඒ මහතාට ඉහළ සමාජ තත්ත්වයක් උපතින්ම උරුම කර ගැනීමට වාසනාව ලැබී ඇත. මීට අමතර ලෙස ගුරු සහ කේතු එකම දිසාවේ තැම්පත් වීමට අනුව ඒ මහතාට දාර්ශනික අදහස් ඇති වීමේ හැකියාව ඇති කර ඇත. මේ සියලු පිහිටීම්වලට අනුව, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අංශ කිහිපයකට දක්ෂතා ඇති විද්වතකු ලෙස ජනාදරයට පත්ව ඇති ජාතික මට්ටමේ බොහෝ සම්මානවලට උරුමකම් කියන අතර එහි ආරම්භක අවස්ථාවක් ලෙස 1981 වසර තීරණාත්මක වන බව ඒ මහතාගේ ජීවිත කතාවට අනුව පෙනේ. මෙහි විශේෂත්වය වන්නේ ආරියරත්න මහතාගේ උත්පත්ති කේන්දර සටහනට අනුව, 1980 වසරෙහි ජූලි 27 වැනිදාත්, 1982 වසරෙහි ඔක්තෝබර් 5 වැනිදාත් අතර කාලසීමාව තුළ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වීමය. මේ අනුව පෙනී යන්නේ ඒ මහතාට ලැබුණ අග්‍රගණ්‍ය සම්මානවලට අදාළ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වී ඇත්තේ ඉතා ප්‍රබල ඒරාෂ්ටක කාලවකවානුවක් ගතකරද්දීය බවය.

සුනිල් ආරියරත්න මහතා 1971 වසරේදී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ඇති අතර 1972 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයෙහි තාවකාලික කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇත. 1971 වසරෙහි අපේ‍්‍රල් 28 වැනිදාත්, 1973 වසරෙහි ජුනි 10 වැනිදාත් අතර කාලසීමාව තුළ ආරියරත්න මහතාට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇත. මෙයින් පෙනී යන්නේ ඒ මහතා පළමු පන්තියේ ගෞරව සාමර්ථ්‍යයක් සහිතව උපාධිය ලබා ගෙන ඇත්තේද අර්ධකාලීන ආචාර්යවරයකු ලෙස කටයුතු කර ඇත්තේද ඒ මහතාට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වද්දී බවය. ඒ මහතා 1975, 1976 වසරවල කැලණිය විශ්වවිද්‍යාලයෙහි අර්ධකාලීන කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇති අතර 1976 වසරෙහිදී යාපනය විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇත. සුනිල් ආරියරත්න මහතාගේ උත්පත්ති කේන්දර සටහනට අනුව, 1975 වසරෙහි ජූලි 23 වැනිදාත්, 1977 වසරෙහි සැප්තැම්බර් 7 වැනිදාත් අතර කාලසීමාව තුළ ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වී ඇති බව පෙනේ. ඒ අනුව, ඒ මහතා ඉහත කී තීරණාත්මක ජයග්‍රහණ ලබන විට ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වී ඇති බව ඉතා හොඳින් තහවුරු වෙයි.

1989 වසරේදී දෙමළ භාෂාව ඉගෙන ගැනීම සඳහා සුනිල් ආරියරත්න මහතා මදුරාසියට ගොස් ඇත. ඒ වන විට ඒ මහතාට අති ප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇත. 2000 වසරේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස උසස්වීම් ලබා ඇත්තේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසයෙහි ළාබලතම වයසින් එම තනතුර ලද පුද්ගලයා ලෙස නොබිඳිය හැකි වාර්තාවක් තබමිනි. ඒ මහතාට 2000 වසරෙහි ජූනි 05 වැනිදාත් 2001 වසරෙහි ජනවාරි 20 වැනිදාති අතර කාලසීමාව තුළ ලග්න ඒරාෂ්කයේ උච්චතම අවස්ථාව ගත වීමට අනුව පෙනී යන්නේ ඉහත කී විජයග්‍රහණය ලැබී ඇත්තේ ද ඉතා තදබල ඒරාෂ්ටක කාලවකවානුවක් ගතවද්දී බවය. සුනිල් ආරියරත්න මහතාට 2011 වසරෙහිදී කැලණිය විශ්ව විද්‍යාලය මඟින් “සාහිත්‍ය” සම්බන්ධ “ආචාර්ය” උපාධියක් ලබා දී ඇති අතර 2000 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2011 වසරෙහි නොවැම්බර් 18වැනිදාත් අතර කාලසීමාව තුළ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වීමට අනුව පෙනී යන්නේ ඒ මහතාට එම “ආචාර්ය” උපාධිය ලබන අවස්ථාව වන විටද තදබල ඒරාෂ්ටකයක් ගත වී ඇති බවය. ග්‍රන්ථ කතුවරයකු ලෙස සහ ගීත රචකයකු ලෙස ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජනාදරයට පත්ව ඇති මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තම ලේඛන කටයුතු ආරම්භ කර ඇත්තේ අවුරුදු 11ක් තරම් අඩු වයසකදී “අමල් බිසෝ” රචනා කිරීමෙන් බව ඒ මහතාගේ ජීවිත කතාව පිළිබඳව ගෙන බැලීමේදි පෙනී යයි. මෙයින් පෙනී යන්නේ ඒ මහතාගේ උත්පත්ති කේන්දර සටහන තුළ ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වද්දී ජීවිතයේ ප්‍රථම වතාවට ලේඛන කටයුතුවලට පිවිස ඇති බවය. 1971 වසරේදී “දොළොස් මහේ පහන” නමින් කවි පොතක් ජනගත කරන විට ඔහුට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ. ආරියරත්න මහැදුරු 1990 වසරේදී “පෙම්බර ලංකා” ගීත රචනය සිදු කරන විට ලග්න අෂ්ට ඒරාෂ්ටකයද 2012 වසරේදී “ස්වේත රාත්‍රිය” ගීත රචනය සිදු කරන විට ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියරද ගත කර ඇත. ඔහු විසින් සිදු කළ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය ලෙස සැලකෙන්නේ 1978 වසරේදී ‘අනූපමා” චිත්‍රපටයයි. ඔහුගේ උත්පත්ති කේන්දරසටහනට අනුව ඒ වන විට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගතවී ඇති බව පෙනේ. 1979 වසරෙහිදී “සරුංගලේ” චිත්‍රපටය කරන විටද මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ උත්පත්ති කේන්දර සටහනට අනුව, ඒ මහතාට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාවල සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වී ඇති බව පෙනේ. සුනිල් ආරියරත්න මහතා 2002 වසරෙහිදී “සුදු සෙවණැලි“ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන විට ඒ මහතාට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති අතර එම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා ඒ මහතාට හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි “සරසවි සම්මානය” ද ලැබී ඇත. 2008 වසරේදී ඉමහත් ජනාදරයට පත් වූ “උත්පලවන්නා” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරද්දී ද මහාචාර්යවරයාට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ. 2012 වසරෙහිදී අධ්‍යක්ෂණය කළ “කුස පබා” චිත්‍රපටය තිර ගත වන විට ඒ මහතාගේ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර පසු කිරීමෙන් පසු ගත වී තිබුණේ සති කිහිපයක් පමණි. 2018 වසරේදී නව වාර්තා තබමින් තිර ගත වූ “බිම්බා දේවි යසෝධරා” චිත්‍රපටය තිර ගත කරන විටද, 2019 වසරේදී “විජයබා කොල්ලය” චිත්‍රපටය තිරගත කරන විටද මේ චිත්‍රපටවලට අධ්‍යක්ෂ වූ සුනිල් ආරියරත්නයන්ට ලග්න අෂ්ටම ඒරාෂ්ටකය ගත වී ඇති බව ඒ මහතාගේ කේන්දරයෙන් පෙන්නුම් කෙරේ. සුනිල් ආරියරත්න මහතා 2010 වසරේදි “යූ.ඩබ්. සුමතිපාල අනුස්මරණ’ සම්මානයෙන් පුද ලබන විටද මේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමාට ඔහුගේ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වෙමින් තිබූ ඇත. 2018 වසරේදී පැවති “හිරු ගෝල්ඩන්” චිත්‍රපට සම්මාන උළෙලේදී ඉහළම සම්මානයකින් පුද ලබද්දී (පත්තිනි චිත්‍රපටය සඳහා) 2019 වසරේදී පැවති “දෙරණ්” චිත්‍රපට උළෙලේදී “බිම්බා දේවි යශෝධරා” චිත්‍රපටය සඳහා වසරෙහි චිත්‍රපටයට හිමි සම්මානය ලැබෙද්දීද, උත්පත්ති කේන්ද සටහනට අනුව, මෙම කීර්තිමත් මහාචාර්යතුමාට ලග්න අෂ්ටම ඒරාෂ්ටකයේ ගතවෙමින් තිබී ඇත. මේ අනුව පෙනී යන්නේ ජ්‍යෙෂ්ට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ජීවිතයේ බොහෝ විශේෂිත සිදුවීම් ඉතා ප්‍රබල ඒරාෂ්ටක කාලසීමාවල සිදු වී ඇති බවය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.