ගලේ දෙවියෝ

දෙසැම්බර් 13, 2024

හිරියාල හත්පත්තුවේ නිරාමුල්ල ග්‍රාමවරයේ මේ දෙවියන්ගේ මහ දේවාලය පිහිටා තිබේ.

ඉන්දියාවේ මහල්වරා ප්‍රදේශයේ උපත ලබා සහෝදරයන් දෙදෙනකු සමඟ ගල් නැවෙන් පැමිණ යාපනයට ගොඩ බැස යළි කතරගමට ගොස් කතරගම මහ දෙවියන්ගෙන් උපහාර ලබාගෙන වරම් ගෙන ලක්දිව ජනයා රකින්නටද වරම් ගෙන රණගිරි කන්දට පළමුව ගොස් දෙවනුව දේවගිරි කන්දට ගිය විටදී එය නිකම් දෙවොලක් නැති නිසා දේවගිරි නම පට බැඳ එම කන්දේ වැඩ වාසය කළේ ය. එම කන්දේ ඒ කාලයේ වැඩ සිටියේ භික්ෂූන් වහන්සේ සමූහයකි. බණ භාවනා කරමින් සිල් රකිමින් හුදකලාව මේ දේවගිරි කන්දේ වාසය කරන ලදී. භික්ෂුන් වහන්සේ විසින් මේ දෙවියන්ගේ පැමිණීම ප්‍රතික්ෂේප කරන ලදී. වහාම එතැන අත්හැර ගිය විට බලවත් මල්ලව ශූරයෙකු මේ දේවතාවාට ගල් ගසා පන්නා දැමීය. ගලේ බණ්ඩාර යන නමක්ද පට බැඳී තිබිණ. පසුව ගලේ බණ්ඩාර ගලේ දෙවියන් බවට පත් විය.

ජනයා අතර ප්‍රකට දේව චරිතයක් විය. ගලේවෙල බිම්බා රජමහ විහාරයේ ඇති දෙවොලට අධිපති ගලේ බණ්ඩාර දෙවියෝ මේ ගලේ දෙවියන්ට සිය දෙවොල භාරදී පෙරළා වැඩි සේක. කතිකා වත කෙසේ වෙතත් සියලුම අන්වර්ත නාමවලින් හඳුන්වන්නේ ගලේ දෙවියන්ම යැයි ජනයාගේ අදහසකි.

මේ දෙවියන්ට අඩුක්කු පුදා මහා පෙරහර පවත්වා බැතිමත්හු පින් අනුමෝදන් කරති. කෘෂිකර්මයට අධිපතිය. සියලුම ගොඩ මඩ ගොවිතැන් කරන්නට පෙර ගලේ දෙවියන්ට බාරවීම චාරිත්‍රයකි. පඬුරු ගැට ගසනු ලැබේ. රණගිරියෙන් ඕතොටපත්තුව උතුරු මාතලේ කන්දපල්ල කෝරළය හා සේගිරි කෝරළයන් ගලේ දෙවියන්ට බාර වේ.

සීනිගමට ගොස් වරම් ලබාගෙන කතරගමට පැමිණ එතැනින් ද කතරගම දෙවියන්ගෙන් වරම් අණසක ලබාගෙන මිහින්තලය රිටිගලකන්ද කහල්ල ඔස්සේ කන්ද හරහා ගොස් රණගිරිය අල්ලාගෙන ඕතොට පත්තුවටද සිය දේව අණසක පතුරුවාලීය. ජනයාගේ පුදපූජා ලබාගෙන ගැමියන්ගේ සියලුම වැඩකටයුතු සාර්ථක කරදෙන ගම්බාර මහා බලැති දෙවියෙකි ගලේ දෙවියෝ. මහා ප්‍රාදේශීය දේවනාමාවලියට මේ දෙවියන්ගේ නම ද ඇතුළුවී තිබේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.