සුළඟ වගේ...

අපේ ශාන්තිකර්ම පිළිබඳ සංවාදශීලී කතාබහක්
ජනවාරි 5, 2024

සමාජයක් යනු බහුවිධ පාර්ශ්වකරුවන්ගේ එක්කාසුවකි. එහි විවිධ සංස්කෘතීන් ද අපට දැකිය හැකි වනු ඇත. එම සංස්කෘති යනු කාලයෙන් කාලයට විවිධ වූ හැළ හැප්පීම් මත ලැබූ කිසියම් පරිණාමයක බහුවිධ ජනී ජනයා විසින් මැනවයි කියා පිළිගත් කිසියම් සම්මුති රාශියකි. ග්‍රහයන් මත පිහිටා කරනු ලබන බොහෝ කරුණුද එවන් ගැඹුරු සංස්කෘතියක සහ අධ්‍යාපනවේදයක එක අංගයකි. එය ඉතා ඈත අතීතයට ගමන් කරයි. අපි එයට ඉතිහාසය යැයි කියමු.

ඒ අනුව මේ ඉතිහාසය මිනිසා ඇතිවූ දා සිට පැවත එයි. එබැවින් එය කෙනකුට තවත් අයෙකුගේ මෝඩ විශ්වාසයකැයි කියා හෝ නූගත් බවේ ලක්ෂණයකැයි කියා ඉවත දැමීම අසීරු වෙයි. අප විශ්වාස කළද නොකළද යම් යම් දේ මේ විශ්වය තුළ දිගු කාලයක සිට පැවත එයි. එසේ එම ක්‍රියාකාරකම් පැවත එන්නේ කිසියම් පුද්ගල බද්ධ විශ්වාසයක් මුල් වීමෙනි. එම විශ්වාසයම ඇදහිල්ලක් වීම කාලයාට අනුව සහ කාලානුරූපීව සිදු වෙයි. ඒ අනුව නක්ෂත්‍රය ඉතා ගැඹුරු සමාජ ඉතිහාසයක් අපට කියාදෙයි.

විශ්වාස හා ඇදහිලි

මිනිසා තමාගේ විශ්වාස හා ඇදහිලි පවත්වාගෙන එන්නේ ඔහු ඇති වූ දා සිටම බව පෙනේ. එය කිසියම් සමාජ විද්‍යාත්මක ගවේෂණයක ගැඹුරින් ජීවිත විනිවිද දුටු අනාවරණයකි. මිනිසාගේ මූලික අවධිය වනයේ සිට ගතහොත් ඔහුගේ හුදකලාව සහ පැවැත්ම පරිසරය සමඟ බද්ධව අර මහා සංස්කෘතියක ආරම්භය වූ චූල ක්‍රියාදාමයකි. එදා මේ අහිංසක මානවයා තමාට පිහිටට සිටින්නේ ගහ කොළ හා ගල් සමඟ පර්වත යැයි සිතූ බව පෙනේ. ඒ නිසා ඔවුන් ඒවා තමන්ගේ රැකවලුන් යැයි සිතා කිසියම් බියසහගත සැලකීමක් දක්වා ඇත. ඒ සමඟම තමා සමඟ සිට මියගිය සිය රැහේ යම් යම් වීරකම් කළ පුරුෂයන් සහ ශක්තිවන්තයන් එම ස්ථානවල ඇතැයි ඔවුහු සිතන්නට පටන් ගත්හ. එසේ වූයේ විවිධ පාරිසරික තර්ජන විසින් ඔවුන්ගේ සිත්වල බිය ඇති කිරීමෙන් පසුවය. ඒ අනුව ඇති වූ “නෑයින්” පිදීම බියට පත්වූ සිත් සනසා ගැනීමක් විය. එය ඉන් අනතුරුව “නෑ යකුන්” පිදීමක් බවට පත් විය. මියගිය ඥාතීන් තමන් සමඟ උරණව සිටියේ නම් හා තමන්ට ඔවුන්ට සැලකීමට නොහැකි විණි නම් ඔවුන් තමන්ට උවදුරු කරන්නට නොපෙනී පවතින බලයක් ලෙස ඔවුන් සිතූ බව පෙනේ. ඒ නිසා ඔවුන් “යකුන්” ලෙස හඳුනා ගැනිණි. එසේ හඳුනාගෙන නෑ යකුන් පිදීම බිලිපූජාවක් ලෙසට පත් වූයේ ඔවුන් මරාගත් සතකුගේ සිරුරේ හොඳම කොටස් ඔවුනට පිදීමෙනි. යක්ෂයා යනු බිය උපදවන පාර්ශ්වයක් වූ අතර ඔවුන් සැහැසිකම් මත, රිදවීම් මත කටයුතු කරන පිරිසක් ලෙස ඔවුන් සිතුවේ මුල් කාලයේදීය. එහෙත් මිනිසා කෙමෙන් කෙමෙන් සිය වාසස්ථාන හා ක්‍රියාකාරකම් පුළුල් කරද්දී එම කටයුතු “පිළිගැනීම්” බවට පත්විය. එය මිනිසාගේ සීමිත ලෝකය හා අවශ්‍යතා කෙමෙන් කෙමෙන් කිසියම් අයිතිය හා හිමිකම දක්වා දිගු වීමේදිය. එම තත්ත්වය වර්තමානය වෙද්දී දිගු ඉතිහාසයක හිමිකරු වූ ප්‍රබල විෂයක් බවට පත්ව ඇත. එහෙත් එම විෂය ශ්‍රී ලංකාවේ ඇතැම් බුද්ධිමතුන්ට අනුව වැදි යුගයේ – ශිලා යුගයේ සිට පැවත එන ආචීර්ණ කල්පිත සමාජ නූගත් බවකි. දියුණු බටහිර ඇතැම් සමාජ විද්‍යාඥයන්ට අනුව මෙතෙක් විද්‍යාව මඟින් ඔප්පු කරගත නොහැකි වූ අභිචාර විධි ක්‍රමයකි. ඒ අනුව ඔවුන් පුරාණයේ සිටම පැවත ආ විශ්වාස හා ඇදහිලි මත පදනම් වූ පුරාතන මානව වේදය ප්‍රතික්ෂේප නොකරයි. ඒ වෙනුවට ඔවුහු එහි ඇති විද්‍යාත්මක සත්‍ය තහවුරු කර ගැනීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සොයමින් සිටිති. ඒ ඇසුරින් එම විෂය අපි හඳුනාගෙන ඇත්තේ, “භූතාපසරණය” වශයෙනි.

භූතාපසරණය

භූතාපසරණය (Exorcism) කියන්නේ කුමක්ද? අපට ඒ වචනය අලුත්විය හැකිය. එහෙත් ඒ විෂය අපගේ මතක හා බැඳී ඇත්තේ පුරාතනය වූ දුරාතීතයේ සිටය. මානව විද්‍යාඥයන් හා ඉතිහාසඥයන් අපගේ ඉතිහාසය හා මානව විද්‍යාව නිශ්චය කරන්නේ වර්තමාන මිනිසාගේ ඇවතුම් පැවතුම් ඇසුරෙනි. එයට මේ රට ආදීවාසි ජන ක්‍රියා සේම විදේශ රටවලදී එවන් ක්‍රියා මනෝ මූලික හා ක්‍රියා මූලිකව ඉදිරිපත් කෙරෙයි.

මානවයාගේ ඒ මූලික චින්තනය හා ජීවිතය සමඟ ඇරඹි මහා ක්‍රියා වෘත්තාන්තය භූතාපසරණය වෙයි. එය එදා ද ඇතිවූයේ බිය හා අසරණකම මනසේ උපන් සැකය නිසාය. ඒ නිසාම ඔවුහු තමාට වඩා සුවිසල් වූ මිනිසා කාය ශක්තිය, දැනීම මෙන්ම අප්‍රාණික වස්තුන්ද ගරු කරන්නට පටන් ගත්හ. එහිදී ඔවුන්ට එය කියා ගන්නට ඇවැසි වෙන්නට ඇත. එය කීමේදී හඬ උස් පහත් වෙන්නට ඇත. ආයාචනයන් සේම කියා පදමක්ද වෙන්නට ඇත. එය තවත් විටක බලකිරීමක්ද වෙන්නට ඇති. ඒ අනුව ඔවුන්ගේ අංග ද චලනය වෙන්නට ඇති. එම අංග චලනයන් පසුකලෙක මුවින් කියවෙන කියුම් ගැයුම් කරවන්නට ඇත. ඒ අනුව නැටවෙන අත් පා පසුව හඬකට අනුව වෙනස් වෙන්නට ඇත. ඔවුන්ට වදන ඒ අතර බව සුමංගල ශබ්දකෝෂය දක්වයි. ඒ අනුව භූත,යක්ෂ හා පේ‍්‍රත වැනි ගුප්ත කරුණු ගැන සාකච්ඡා කරන විෂය ලෙස අපි මෙයින් පසු භූතාපසරණය ලෙස දන්වමු. බොහෝ දෙනෙකු විශේෂයෙන්ම ගැඹුරු කියවීමකින් තොරවූවත් එම විෂය හෙළා දුටුවද භූතාත්ම පලවා හැරීම, යකුන් එළවීම, පරලය වීම යන අරුත් ගන්වන්නට බටහිර ජාතීන් යොදන්නේ ඡ්යධපජඪඵථ යනුවෙනි. එසේ නම් යක්කු, පේ‍්‍රතයෝ හා භූතයෝ ගැන කතා කිරීම, එම කටයුතු කිරීම මෙරට නොදියුණුූ වනචාරි ක්‍රියාවලියක් නොවේ. ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය එයට තවත් වදනක් එක්කරමින් කියන්නේ විජ්ජා බලයෙන් ඔවුන් පලවා හැරීමද එම වදනට අයත් බවයි.

අස්්පර්ශී සංස්කෘතිය

කෙසේ වෙතත් වර්තමානයේදී යුනෙස්කෝව පවා එම කටයුතු නැති වී යන සමාජීය සංස්කෘතික වටිනාකම් ලෙස සංරක්ෂණය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් පවා පනවා ඇත. ඒ අනුව අපේ රටේ නූගත් යැයි කියනු ලබන කට්ටඬීන්, බලි ඇදුරන්, තොවිල් ඇදුරන්ගේ බලිතොවිල් හා වෙනත් ගුප්ත විද්‍යාත්මක ක්‍රියා අස්්පර්ශනීය (ධ්දබචදජඪඡතඥ) සංස්කෘතිය බවට පත්ව ඇත. එයටම අපගේ ජන සාහිත්‍යය අනාගත උරුමයක් ලෙස සැලකිය යුත්තකි.

අපට එම පාදමේ සිට සලකා බලනවිට මේ නොපෙනෙන සංස්කෘතිය වර්තමානයෙන් අකාමකා දැමිය නොහැකිය. ඒ වෙනුවට අපට එහි ඇති සංස්කෘතික, දේශපාලනික, ආගමික, දේ සාහිත්‍යාත්මක සේම සමාජ විද්‍යාත්මක කරුණු සොයා බැලිය හැකිය. එම විමසීම් මාගේ ගමේ වෙද මහතා නැකැත්කරුවා හා කට්ටඬියා යන තුන්කට්ටුව එදා සමාජයේ සිදුකරනු ලැබූ ගැඹුරු සන්නිවේදනයද, ආරක්ෂාවද එදවස ආර්ථිකමය සමාජයන් සේම එකමුතු බවින් සැදි සුපිරි සමාජ මෙහෙවරක යෙදුණු කිසියම් ජනමත ප්‍රධානීන් කීප දෙනෙකි. අප විසින් භූතාපසරණයේ ක්‍රියා පිළිවෙත සොයා බැලීමට නම් අප ඊට වඩා ගැඹුරු විශ්ලේෂණයන් විය යුතුය. එය ඒ තරමට ගැඹුරුය. සූක්ෂ්මාර්ථයෙන් යුක්තය. එසේම සියුම්ය. සියුම් වනවා සේම ඉතා සංකීර්ණය.

ඒ අනුව එදවස විශේෂයෙන්ම 14 වැනි සියවසේදී වෑත්තෑවේ හිමි සහ ශ්‍රී රාහුල හිමියන් වෙතින් පිරිපහදු වී මෙරට ජනජීවිතයට එකතු වූ භූතාපසරණය බුදු දහමට ගෝචර අන්දමින් සිදුවීමද සලකා බැලිය යුත්තකි. භූතාපසරණය වර්ණ, කාල, සංඥා, අර්ථ වශයෙන් ගෙන කරන ගැඹුරු විද්‍යාවක් සේ පෙනී යන්නේ යකාට ඇඳ නටන මිනිසා දෙස අවඥාවෙන් හෝ භීතියෙන් බලා සිටීමෙන් නොවේ. ඔහු එම අරමුණට අප ගෙනයාම උදෙසා කරන කාර්යය ගැඹුරින් විමසීමකි. මිනිස් සිතේ හොඳ, නරක, කළු සුදු වී එම බෙදුම යක්ෂ හා දේව ලෙස සංකල්ප ගැන්වූයේ බලියාග හා තොවිල් ඇදුරා විසිනි.

ඔහු එයට ප්‍රවිෂ්ට වීම උදෙසා අනුගමනය කළේ සිත් පහන් කරන සාමාන්‍ය මිනිසා අතර දැඩි සබඳතාවක් ගොඩනංවන මිනිසාගේ සිත අධිෂ්ඨානයෙන් බැඳ නංවන ක්‍රියාදාමයකි. එබැවින් භූතාපසරණයේ බොහෝ කටයුතු විමසීමට තරම් වත්මන් විද්‍යාව පවා තවමත් දියුණු වී නොමැත.

ඒ අනුව අපට නොපෙනෙන බලවේග දෙස බැලීමට සිදු වෙන්නේ අල්ලන්නට බැරි වුවත්, දකින්නට බැරි වුවත්, සුළඟත් ඇති සේය. ගහ කොළ සෙලවීමෙන් අපි සුළඟ නඟන්නට හඬක් තිබුණේ ළී කැබලි හෝ ඇට කැබලිය. ඉන්පසුව එය හමක් වෙන්නට ඇත. හමට තැළීමේදි නැඟෙන හඬ පසුව ආතත, විතත,නංවන බෙර වෙන්නට ඇති.

එහිදී තමාගේ දුකට පිහිට වෙන්නට යාදින්නන් කිව හැක්කේ දෙවියන්ට කියා ඔවුන් විශ්වාස කළ බව පෙනේ. බිය දනවන්නෝ යක්ෂ, පේ‍්‍රත ආදීන් බවත් ඔවුන් එදා සිතූ බව පෙනේ. එම තත්ත්වය මිනිසාගේ පරිණාමයේ පටන් සංස්කෘතියක් වී සංවර්ධනය වීමෙන් දෙවියන්, යක්ෂ,භූතයින් සමාජයේ පිදීමක් හා ඇදහීමක් විය. එම ඇදහීම නොදියුණු යැයි ඇතැමුන් කියා පෙරදිග මෙන්ම දියුණුූ යැයි සම්මත කරගත් බටහිර රටවලද එකසේ දකින්නට ඇත. මහා බ්‍රිතාන්‍යයේ ජාතික පාඨය වන්නේ ‘දෙවියන් මාගේ අයිතිවාසිකමයි’ කියවෙන පාඨයකි. ඇමරිකා එක්සත් ජනපදයේ හේතු පාඨය වෙන්නේ, ‘දෙවියන් කෙරෙහි අපගේ විශ්වාසය’ යන්නයි. (ධ්දඨධඤ ඹඥ ඊපභඵබ) එය ක්‍රි.පූ. 3වැනි සියවසේ සිට තිබූ වටපිටාව හා විශ්වාස පෙරට ගෙනයාමකි.

එම විශ්වාස හා සබඳතා මත ගොඩනැඟුණු බලි,තොවිල් යාග හා ඈඳුණු සියලු ගුප්ත ක්‍රියා භූතාපසරණය වශයෙන් සැලකේ. එසේම එයින් මානවයා මිදීම සහ මුදා ගැනීම භූත + අපසරණයෙන් සිදු වෙයි. එය සංස්කෘතික යෙදුමකි. භූත හා අපසරණය අපට හුරු වූ පූර්වස්වරලෝප සන්ධියෙන් බාහිර වූ සන්ධි යෙදුමකින් නිර්මිත යෙදුමක් වෙයි. ‘සරණයට’ අප ස සර්ගය එකතුවී ‘ස’ වර්ණය ද්විත්ව වී භූතාපසරණ දකිමු.

එහෙත් අපට සුළඟ නොපෙනෙන නිසා “සුළඟක් කියා දෙයක් නැතැ’යි කීමට නොහැකිවා සේම භූතාපසරණ විද්‍යාව තුළ සත්‍යයක් නැතැයි එක්වර කිවහැකි නොවේ.

 

(සංවාදයට විවෘතයි)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.