පීරූ හි මාව් පිච්චු රියෝද ජනයිරෝ හි ක්‍රිස්තුන්්වහන්සේගේ දැවැන්ත ප්‍රතිමාව සහ මෙක්සිකෝවේ චිවෙන් ඉට්සා සතු වාස්තු නිර්මාණ විස්කම්

දෙසැම්බර් 29, 2023

වසර තුන්සීයකට වඩා කාලයක් මුළු මහත් පෘථිවි තලයෙන් වසන් වී කිසිදු මිනිස් පහසක් නොලැබ සිටි ඉන්කා අධිරාජ්‍යයේ “සැඟවුණු නගරය” (Lost city of the Incas)  නමින් විරුදාවලිය ලැබූ දකුණු අමෙරිකාවේ පීරුහි “මාච් පිච්චු” machu picchu  ඇමේසන් ඝන වනාන්තරයෙන් වැසී ගිය ඉතා උස් කඳුකර ප්‍රදේශයක ස්ථානගත වූවකි.

ඓතිහාසික අති පෞරාණික නගරයක බල මහිමය ලොවට පෙන්වන අපූර්ව වාස්තු නිර්මාණයකි. මේ මාච් පිච්චු නගරය ලෝකයේ සුප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණය දිනාගත් පුරවරයකි. එය සියැසින් දැකීමටත් එහි විභූතිය විඳ ගැනීමටත් මම භාග්‍යවන්ත වීමි. එය විසල්ය. මනරම්ය. මේ ඓතිහාසික පුරවරය නරඹන ඕනෑම අයකුට එහි ශූඪ විස්මිත බවත් සිසිල් මඳනළත් ගතට හා සිතට තදින් දැනේ. නගර නිර්මාණය හා එහි පරිසර රටාවද අති මනරම්ය. එසේම ආශ්චර්යමත්ය. ආහ්ලාද ජනකය. මේ ඓතිහාසික පුරවරය දකින දෙස් විදෙස් සංචාරකයන් මන මෝහනයකට පත් වනු නොඅනුමානය. මෙය 2007දී ලෝක පුදුම 7ට ඇතුළත් කෙරිණි. 1982 දී යුනෙස්කෝව විසින් ලෝක උරුම ඓතිහාසික ස්මාරකයක් ලෙස නම් කළේය.

එහි පැතිරී ගිය පියකරු කඳුකර ශීත පරිසර පද්ධතිය කෙතරම් අපූරුද? මෙහි සංචාරක පුරවරයද අතිමනරම් ය. එහි කඳුකර උද්‍යාන අලංකරණයේ අති විශිෂ්ට නිර්මාණයන් දැකිය හැකිය.

පිහිටීම හා ඵෙතිහාසිකත්වය

මාච් පිච්චු පිහිටා ඇත්තේ සමකයට අංශක 13.111ක් දකුණින් දකුණු අර්ධ ගෝලයේය. එය susco  සිට කිලෝමීටර් 80ක් (සැතපුම් 50) වයඹ දෙසින් machu picchu  කඳු මුදුනේ මුහුදු මට්ටමේ සිට මීටර් 2420 (අඩි 7970) පමණ ඉහළින් ජභඵජධ වලට වඩා මීටර් 1000 (අඩි 3300) වඩා පහළින් පිහිටා ඇත. ඉන්කා අගනුවරට වඩා මෘදු දේශගුණයක් එහි ඇත.

ඉන්කා අධිරාජ්‍යයේ විශාල මාලිගා සහ ගොඩනැඟිලි සංකීර්ණයක් දකුණු අමෙරිකාවේ පීරූ රාජ්‍යයේ නැඟෙනහිර කොඩිලෙරා හි මීටර් 2430 (අඩි 7972)ක කඳු මුදුනක පැතිර පවතියි. එය කලක් තිස්සේම දකුණු අමෙරිකාවේ ඇමේසන් ප්‍රදේශයේ ඝන වනාන්තරයකින් සම්පූර්ණයෙන්ම වැසී පැවතිණි. මිනිස් පුළුටක්වත් නොමැතිව ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවතීම සුවිශේෂ සිද්ධියක්මය.

එය ස්වභාවධර්මයා විසින්ම රැකගෙන පැවතීම නිසා මිනිස් ක්‍රියාකාරකම්වලින් සිදුවන හානියක් නොමැතිව පැවතුණි. මුහුදුමට්ටමින් අඩි 7875ක් උස්ව පිහිටි කඳුකර ප්‍රදේශයේ ඉන්කා අධිරාජ්‍යයේ ප්‍රධාන ගොඩනැඟිලි සංකීර්ණය පිහිටා තිබෙයි. එය පැතිර ගිය ආකාරය ඉතා මනරම්ය.

එම නෂ්ටාව ශේෂයන්ගෙන් ප්‍රතාපවත් ශක්ති සම්පන්න ගොඩනැඟිලි සංකීර්ණයක් ගොඩනැංවී තිබූ බවට සාක්ෂි සපයයි. එම සෑම ගොඩනැඟිල්ලක්ම වාස්තු විද්‍යානුකූල සැලසුමකට අනුව යමින් ගොඩනඟා තිබූ බව පෙනී යයි. එය දකුණු අමෙරිකා වේ ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකකි. ලතින් අමෙරිකාවේ වැඩිපුරම නරඹන ලොව සංචාරක ආකර්ෂණීය ස්ථානවලින් මුල්තැනක් ගනියි.

අඩි 7875 පමණ උසින් වූ උරුබම්බා මිටියාවතේ ඉන්කා අධිරාජ්‍ය විසින් මෙම නගරය ගොඩනඟා ඇති බව වාර්තා වෙයි. මේ නගර නිර්මාණ කටයුතු ආරම්භ කර ඇත්තේ 15 වන ශත වර්ෂයේ බවත් මෙම අද්විතීය චමත්කාර නගරය වසර 300 පමණ අදෘශ්‍යමානව තිබී ක්‍රිස්තු වර්ෂ 1911 දී නැවත මේ නගරය සොයාගෙන ඇත. එබැවින් මේ නගරයම“Lost city of Incas”  හඳුන්වනු අතර එය Inca  අධිරාජ්‍යයේ වඩාත් සමීපතම නාමයද වෙයි. කුස්කෝ සිට වයඹ දෙසින් කිලෝමීටර් 80 දුරින් පිහිටි පූජනීය නිම්නයට ඉහළින් ඌරුබම්බා පළාතේ මාච් පිච්චු දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ඌරුබම්බා ගඟ එය පසුකර ගලායන අතර, කොඩිලෙරා හරහා කැපූ නිවර්තන කඳුකර දේශගුණයක් සහිත පරිසරයක් නිර්මාණය කරයි.

මේ අධිරාජ්‍යයේ ඉතිහාසය ඔස්සේ බලන කල ඉන්කා ශිෂ්ටාචාරයට ලිඛිත භාෂාවක් නොතිබූ අතර ස්පාඤ්ඤ සොල්දාදුවෙකු වූ බල්ටසාර් ඔකම්පෝ (Baltasar Ocampo) විසින් සොයා ගැනීමෙන් පසුවත් 16 වන සියවසේ අවසානයේ සිට 19 වන සියවස දක්වා යුරෝපීයයන් මේ ස්ථානයට නොපැමිණ ඇත. මේ ගොඩනැඟිලි සංකීර්ණය පුරා දැකගත හැකි විශේෂ වාස්තු නිර්මාණයක් වන්නේ “මාච් පිච්චු” සම්භාව්‍ය ඉන්කා ශෛලියෙන්, ඔප දැමූ වියළි ගල්බිත්තිවලින් ඉදිකර ඇති බවයි.

කෘෂිකර්මාන්තය කඳුකර ප්‍රදේශයට උචිත පරිදි නව විද්‍යානුකූල ක්‍රම හා මෙවලම් භාවිතා කරමින් විශාල ප්‍රගතියක් එකල ද ඇතිකර ගෙන තිබූ බව පෙනෙයි.

ඉන්කා ශිෂ්ටාචාරය පුරා පැවතුණු මේ ඓතිහාසික ගොඩනැඟිලි සංකීර්ණ පද්ධතිය පුරා දක්නට ලැබෙනුයේ සම්භාව්‍ය ඉන්කා ශෛලියෙන් හෙබි වාස්තු නිර්මාණයන්ය. මේ ගොඩනැඟිලි සමූහයේ ප්‍රධානම ව්‍යුහයන් තුනක් වෙයි. ඉන්ටිහුවාටානා සංකීර්ණය. සූර්ය කොවිලා සහ ජනෙල් තුනේ පන්සලයි. මෙයට අමතර පරිබාහිර ගොඩනැඟිලි බොහොමයක් ප්‍රතිනිර්මාණය කර ඇත්තේ නරඹන්නන්ට ඒවා මුලින් දර්ශනය වූ ආකාරය පිළිබඳ වඩා හොඳ අදහසක් ලබාදීම සඳහාමය. වර්තමානය වන විට මාච් පිච්චු නගරය පුරා ලොව කෘෂිකර්මාන්තයේ ඉතා දියුණුූ හෙල්මලු කඳුකර ගොවිතැන් වගා ක්‍රම මඟින් ස්වයංපෝෂිත වී ඇත.

1976 වන විට මාච් පිච්චු වලින් 30%ක් ප්‍රතිෂ්ථාපනය කර ඇත. අනිකුත් ප්‍රතිසංස්කරණ කටයුතු දිගටම මේ දක්වාම අඛණ්ඩව කරගෙන යයි. මෑතකාලීන පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසයක් වනුයේ මාච් පිච්චුහි ඉන්කා අධිරාජ්‍යයා වූ පචකුටි (1438 -1972) සඳහා වතුයායක් ලෙසින් ගොඩනඟා ඇති බවත් ඉන්කාවරුන් 1450දී පමණ වතුයාය ගොඩනඟා සියවසකට පසුව ස්පාඤ්ඤ ආක්‍රමණයේදී එය අත්හැර දමන්නට ඇති බවත්ය. මාච් පිච්චු ක්‍රිස්තු වර්ෂ 1420 සිට 1530 දක්වා කාලය තුළ ස්පාඤ්ඤයන අත්පත් කරගෙන සිටි බව දැක්වෙයි. මේ මාච් පිච්චු නිර්මාණකරුවන් පිළිබඳ සොයා බැලීමේදී වැදගත් වූයේ පචාකුටෙක් ඉන්කා යුපන්කි (1438 - 1471) සහ ටූපැක් ඉන්කා යුපන්කි (1472 -1493) යන ඉන්කා පාලකයන් දෙදෙනාමය. ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් එම ප්‍රදේශයට පැමිණීමට පෙර ලොව පුරා පැතිර ගිය වසූරිය රෝගයෙන් අතිමහත් ජනතාවන් විනාශ වන්නට විය. ඉන්පසු ඉන්කා අධිරාජ්‍ය ප්‍රදේශයට සංක්‍රමණිකයන් විශාල පිරිසක් සැපැමිණි බවයි.

ඉන්කා අධිරාජ්‍ය තුළ සිදු කළ පුරා විද්‍යාත්මක කැණීම්වලින් අනාවරණය වූයේ ඔවුන්ගේ ශේෂව පැවතුණු මළ සිරුරු කොටස්වල අස්ථි කොටස්වලට අනුව එහි ජීවත්වූ බොහෝ දෙනා විවිධ පසුබිම්වලින් පැමිණි සංක්‍රමණිකයන් බවයි. ඔවුන්ගේ මුළු ජීවිත කාලයම එහි ජීවත්ව සිටි පිරිසක් නොවිණි. එය සනාථ වනුයේ අස්ථි විද්‍යාත්මක සලකුණු පරීක්ෂාවට ලක් කිරීම මඟිනි.

ඇතැම් විද්වතුන්ගේ අදහස නම් ඉන්කා ශිෂ්ටාචාරයට ආගන්තුක සංක්‍රමණිකයන්ගේ සැපැමිණීම විවිධ ග්‍රහවස්තු සහ පියාඹන පීරිසි මඟින් විවිධ ග්‍රහලෝකයන්ගෙන් සැපැමිණි පිරිස් මෙහි ජීවත් වූ බවයි.

1.ඉන්ටිහුවාටානා පාෂාණමය නිර්මාණය ඓතිහාසික පරිශ්‍රය තුළ පිහිටා තිබෙන පාෂාණමය නිර්මාණය සැලසුම් වේලා දක්වනය (ඔර්ලෝසුව) හෝ ඉන්කා දින දර්ශනය දක්වනය (Astronomic clock or calendar) විය හැකියයි ඇතැම් විද්වතුන්ගේ අදහසයි. එම විශේෂ පාෂාණය මත සූර්යාලෝකය පතනය වීමත් ටිකෙන් ටික සූර්යා අවරට යත්ම එහි සෙවණැල්ල මත කාලහෝරාව නිවැරැදිව දැක්විය හැකි බවයි. එය ඉන්කා ශිෂ්ටාචාරයේ දින දර්ශනයක් ලෙස ද අර්ථ විග්‍රහ කරයි. මේ පාෂාණමය මෙවලම වාස්තු විද්‍යාත්මකව බලන කල අපූරු නිර්මාණයක්මය. එහි මතුපිට විවිධ ජ්‍යාමිතික හැඩ තල පවතියි.

2. ජනෙල් 3කින් සමන්විත වන දේවාලයේ (Temple of the three windows) පාෂාණමය නිමවුම ඉතා උසස් තත්ත්වයක පවතියි. එකිනෙක පාෂාණමය දැවැන්ත ගල් බිත්ති ලෙසට හසුරා තිබීම එය පෙළගස්වා තිබීම වැදගත්ය. එහි වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පියාගේ හාස්කම් පෙන්වා දෙයි. ඩ්භචරදච නඪජජඩභ කඳුකරයේ මේ ස්මාරක පිහිටා ඇත.

3.ඉන්කා ශිෂ්ටාචාරයේ සූර්ය දෙවොල Temple of the sun or Torreon   එහි ගොඩනැඟිලි සංකීර්ණයේ සුවිශේෂ ස්ථානයක් ගනියි. එහි විශාල බැමි, පාෂාණමය බැඳීම් හා එහි විශාල ඝනකමින් යුතු පවුරු බිත්ති ඉතා ශක්තිමත් හා ජවසම්පන්න ලෙසින් ගොඩනඟා ඇත.

මෙම හිරු දෙවොලේ එහි පාදම ජවසම්පන්න ලෙස ගොඩනඟා ඇත. එහි ගල්කැටයම් ඉතා ඉහළ මට්ටමක පවතින අතර එහි දේව කුටි නිර්මාණයද වාස්තු විද්‍යානුකූලව නිමකර ඇත. ඉන්කා අධිරාජ්‍යයේ රාජකීයන් උදෙසා සූර්ය දෙවොල භාවිත කර ඇති බව පෙනෙයි. එකල ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව ලොවට හඬගා කීමට මෙයද කදිම නිදසුනකි.

මේ ඓතිහාසික මාච පිච්චු නගරය එකල ඉන්කා අධිරාජ්‍යයේ විස්මිත බල මහිමය මුළු මහත් ලොවට පෙන්වා දෙන වාස්තු විද්‍යානුකූලව ගොඩනැඟූ අපූරුතම විස්මිත නිර්මාණයක් බව සැලකිය හැකිය.

උස් කඳුකර ප්‍රදේශයක මාච් පිච්චු නගරය පිහිටුවීම

එම අධිරාජ්‍යයේ නගරය ආරක්ෂිත පවුරක් නිර්මාණය වීමක් වැන්න වේ. වාස්තුවිද්‍යානුකූල නිවසක් ඉදිකළ ද එහි ගෙහිමියන් ආරක්ෂාව පිළිබඳව සොයා බලන්නා සේම නගරවාසීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මේ ඉහළ කඳුකර ප්‍රදේශ අධිරාජ්‍ය බළකොටුවක් ලෙස තනා තිබීම වාස්තු විද්‍යා රීතීන්ට එකඟ වෙයි.

නගර බැමි ඉතා ශක්ති සම්පන්නව පාෂාණවලින් නිර්මිතව ඇත. ගෘහයක වුවද වාස්තු විද්‍යානුකූලව පාදම සවිමත්ව යොදා ගනුයේ නිවස කාලයක් නිරුපද්‍රිතව හානියක් නොවන පරිදි දිගුකල් පැවැත්ම වාස්තු විද්‍යාවෙන් අපේක්ෂා කරන බැවිනි.

එසේම මේ නගරය තුළ සියලුම ගොඩනැඟිලි පාදම් ඉතා ශක්තිමත්ව ජවසම්පන්නව ගොඩනඟා ඇත. එයද වාස්තු විද්‍යාවට එකඟය.

මාච් පිච්චු ඓතිහාසික පුරවරයේ ගොඩනැඟිලි සමුදායක සැලැස්ම ඉතා සැලසුම් සහගතව නිර්මාණය කර ඇති බව පෙනෙයි. ගෘහයක වුවද එය නිර්මාණය කිරීමට විධිමත් සැලසුමක් වාස්තු විද්‍යානුකූලව අවශ්‍යමය.

ගොඩනැඟිලිවල ප්‍රතාපවත් බව හා එහි ක්‍රමානුකූලව රාජකීය මන්දිර වෙන් වෙන්ව තිබූ ආකාරය ඉන්කා ශිෂ්ටාචාරයේ එකල තිබූ ස්වයංපෝෂිත වූ ආර්ථික රටාවද ගෘහ නිර්මාණ ශිල්පයේ අති දක්ෂතාවය මොනවට පෙන්නුම් කරයි. අතීතයේ තිබූ ගෘහනිර්මාණ ශිල්පයේ ස්වර්ණමය යුගයන් සිහිපත් කරන්නක්ද වෙයි.

මෙම නගරය බිහිකර ඇතතේද වාස්තු විද්‍යාත්මකව ඉතා හිතකර පරිසර පද්ධතියකය. එනම් සෞම්‍ය පරිසරයක මෙය නිර්මාණය කර ඇති බව පෙනෙයි. නිවසක් වුවද ඉදිකිරීමේදී එහි ස්ථානගත පරිසරය පිළිබඳව වාස්තුවිද්‍යානුකූලව සොයා බැලෙයි. ජීවත්වීමට සුදුසු පරිසර රටාවක් ගොඩනංවා තිබීමද වාස්තු විද්‍යානුකූලමය.

මේ ඉතා සෞම්‍ය පරිසර පද්ධතිය නිසා චිත්ත සමාධිය දියුණුකර ගැනීමටත් චිත්ත විවේකය ජනතාවට ලබාගත හැකි පරිසරයක් තුළ ජීවත්වීම නිසා අලුත් තාක්ෂණ ක්‍රම මෙවලම් පර්යේෂණ කරා ඒවා වෙසෙන ජනතාව ස්වයංක්‍රියව පෙලඹේ. ලොව දියුණුව කරා යන නව සොයා ගැනීම් පහළ කර ගැනීමට මේ වාස්තු විද්‍යානුකූල හිතකර පරිසර රටාවද උපයෝගී වනු නොඅනුමානය.

 

බ්‍රසීලයේ රියෝද ජනයිරෝ හි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ “උට්ඨානය” පිළිබිඹු කරන ලොව දැවැන්තම පිළිමය

Christ the Redeemer statue

මිහිතලය අලංකාර කළ අපූර්ව නිර්මාණ අතර බ්‍රසීලස් රියෝද ජනයිරෝ නගරයේ කොර්කොවාදො කඳුකරයේ ස්ථාපිත ජේසුස් වහන්සේගේ අති දැවැන්ත පිළිමය අගනේමය. එය රාත්‍රී කාලයේ පූර්ණ චන්ද්‍රයා පායා තිබෙන දිනක මේ දැවැන්ත ප්‍රතිමාව කෙළින් බලන කල ප්‍රතිමාවට පිටුපා සඳ බැබළෙන කල අතිශයින් චමත්කාර දර්ශනයක් මවා පායි. එය එතරම් සුන්දරය. මනරම්ය. විශේෂයෙන් බැතිමතුන්ගේ චිත්තප්‍රසාද එය දුටු මොහොතින් ඇතිවේ. එය කෙතරම් සුන්දරත්වයෙන් ආලෝලනය වී ඇත්ද යත් බැතිමතුන්ට මේ දර්ශනය බැලීමටම පුන් පොහොය දින මුළු මහත් රාත්‍රිය මුළුල්ලේම එම පරිශ්‍රය විවෘත කර දීට සිදුවී ඇත. විදේශීය දුර බැහැර රටවල සංචාරකයන්ද මේ දිනවල එහි සපැමිණීම නිසා අලංකෘත සංචාරක පුරවරයක්ද බිහිවී ඇත. කඳු මුදුනක පිහිටි ප්‍රතිමාව දෑත් දෙපසට දිගුකොට ආයාචනාත්මකව තම බැතිමතුන් දෙස බලා සිටින ඉරියව්ව ඉතා මනරම්ය. එහි වාස්තු නිර්මාණයද අති විශිෂ්ටය.

පිහිටීම හා ඉතිහාසය

සමකයට පහළින් දක්ෂිණ ධ්‍රැවයට අයත් දකුණු අක්ෂාංශ අංශක 22 57’ 7” w සහ බටහිර දේශාංශ අංශක 43 12’ 38‘ ඹ අතර බ්‍රසීලයේ රියෝද ජනයිරෝ නගරයේ. කොර්කොවදෝ corcovada  කඳුකරයේ මුඳුනත සම බිමේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ අති දැවැන්ත ප්‍රතිමාව නිර්මාණය කර ඇත.

1850 වසරේ මැද භාගයේදී එවකට පෙඩ්රෝ IIඅධිරාජ්‍යයාගේ දියණිය වූ ගෞරවනීය ඉසබෙල් කුමරිය විසින් බ්‍රසීලය තුළ මේ විශාල පිළිමයක් නෙළීමට යෝජනාවක් ගෙන ආවත්, එම ව්‍යාපෘතිය අනුමත නොවිනි. 1889 දී බ්‍රසීලය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විය.

පල්ලිය සහ රජය ප්‍රතිමා ඉදිකිරීමට කළ යෝජනාව නැවතත් ප්‍රතික්ෂේප විය. 1920 දී මේ කඳුකරයේ මේ භූමි භාගයේ සලකුණක් ලෙස පිහිටුවීමට යෝජනා කිරීම් කරන ලදී. මේ සඳහා විශේෂ ධන පරිත්‍යාග මහජනතාවගෙන් යුහුසුලුව ලැබෙන්නට විය. 1922 ප්‍රතිමාව ඉදිකිරීම ආරම්භ විය. එය 1931 දී අවසන්විය. 1931 ඔක්තෝම්බර් 13 වන දින මහජනයා සඳහා ප්‍රතිමාව විවෘත කෙරිණි. ප්‍රතිමාවේ පාදමේ සිට උස මීටර් 30කි. (අඩි 98) ප්‍රතිමාවේ පළල මීටර් 28 (අඩි 92) 2007 වසරේදී ලොව නව පුදුම 7ට මේ ප්‍රතිමාවද අයිති විය.

මේ ප්‍රතිමාව නෙළීම සඳහා කොන්ක්‍රීට් ස්ථර Rainforud  භාවිතයට ගෙන තිබුණි. ප්‍රතිමාවේ වාස්තු නිර්මාණය අග්‍රගණ්‍ය වෙයි.

2001 වසරේදී බ්‍රසීලයේ ජාතික උරුමයක් ලෙස මෙම ප්‍රතිමාව නිල වශයෙන් හැඳින්විය.

මෙහි නිර්මාණ දායකත්වයට මුල්වී ඇත්තේ Paul Landowski  සහ Heitor du silva costa යන ප්‍රධාන ඉංජිනේරුවරයන් දෙදෙනාය.

මෙය වාස්තු විද්‍යානුකූලව පාදම ඉතා ශක්තිමත්ව ගොඩනඟා ඇත. එය දිගුකල් පැවැත්ම උදෙසාය. ප්‍රතිමාවට අකුණු සැර වැදීම වළක්වාලීමට නව ක්‍රමෝපායන් යොදා ඇත.

ප්‍රතිමාවේ හැඩතල සියල්ලම ඉංජිනේරුමය කර්මාන්තයේ විපුල අවස්ථාවන් නිරූපණය කර ඇත. වාස්තු නිර්මාණයද අති ප්‍රබලය. ප්‍රතිමාව දුටුවන් විස්මය දනවන පරිදි අතිමහත් ප්‍රතාපවත් බවක් උසුලයි. ප්‍රතිමාවේ මුහුණෙන් ලෝකයේ සියලු සතහට දයානුකම්පාව,පේ‍්‍රමය දක්වන බව ඉරියව්වලින් පෙන්නුම් කරයි.

මේ ප්‍රතිමාව කුරුසයක හැඩතල ජ්‍යාමිතිකව වාස්තු විද්‍යානුකූලව නිර්මාණය කර ඇත. ප්‍රතිමාව ලෝකවාසී ජනතාවගේ භක්ති ප්‍රණාමයට පාත්‍රවී ඇත. එය ලොව රටවල් රැසක පැතිර පවතින ලෝකවාසි කිතුනු බැතිමතුන් ගේ ආදරයෙන්, හදවතින්ම, වැලඳගෙන ඇත. ප්‍රතිමාවේ වාස්තු නිර්මාණයේ ඉරියව් සහ හැඩතල කෙතරම් අපූරුදු යන්න ඊට සාක්ෂි දරනු ඇත.

 

චිචෙන් ඉටිසා – මෙක්සිකෝව

Chichen Itza, Mexico

සමකයට ඉහළින් උත්තර ධ්‍රැවයට අයත් උතුරු අමෙරිකාවේ මෙක්සිකෝවේහි මේ චිචෙන් ඉට්සා ඓතිහාසික නිර්මාණය නූතන ලෝක පුදුම 7ට ගැනේ. මෙක්සිකෝවේ ක්‍රිස්තු වර්ෂ 750 - 1200 දක්වා කාලය තුළ මුල් කොලොම්බියානු මායා ශිෂ්ටාචාරයේ යුකාටන් රාජ්‍යයේ දේශපාලනික සහ ආගමික වැදගත් මධ්‍යස්ථානයක් ලෙස පැවතී තිබුණි. මේ චිවෙන් ඉට්සා ගොඩනැඟිල්ල පිරමීඩාකාර ස්වභාවයක් ගනී. මෙය දෙවොලක් සඳහා ඉදිකර ඇත. මේ ඓතිහාසික පුරා විද්‍යා සංකීර්ණය තුළ පැරැණි නගරයෙහි සිරකරුවන්ට ක්‍රීඩාකිරීම සඳහා උපයෝගී කරගත් විශාල පිට්ටනියක්ද, කුලුනු 1000 මත පිහිටුවනු ලැබූ විශාල මණ්ඩපයක්ද යුතුය. පාෂාණමය කුලුනු ජවසම්පන්නය. මේ සංකීර්ණයේ ගොඩනැඟිලි අතරින් ප්‍රමුඛත්වය ලැබෙනුයේ ඉදිකළ දෙවොලටය.

මේ චිවෙන් ඉටිසා දේවාලයෙහි උස අඩි 79කි. එක් එක් පැති සතරෙහි පඩි 91 බැගින් ස්ථාන ගතවී ඇත. එක් පඩියක් වසරෙහි දවසක් යන ගණනය අනුව වසරකට දවස් 364 ක් බව (91 ය 4 =364) අඟවන ලෙස සතර පැතිවල පඩි 364 දර්ශනීය ආකාරයට නිර්මාණය කර ඇත. වසරේ දින 365ක් බව සංකේතවත් වීමට මේ දෙවොලෙහි ඉහළින් එක් වේදිකාවක් තනා ඇත. එම නිර්මාණයද අපූරුය. පුරාවිද්‍යාත්මක ඓතිහාසික වටිනාකම බෙහෙවින්ම වැඩිය.

වාස්තු නිර්මාණයද මනබඳනා සුලුය. එහි දෙවොල තුළට පිවිසෙත්ම ගූඪ විස්මිත බව සහ ආහ්ලාද ජනක දෙවොලට ස්වයංක්‍රීයවම බැතියක් උපදවන සුලුවේ. නිර්මාණයද ඉතා සියුම් ආකාරයෙන් පාෂාණමය ගල්පඩි එකිනෙකා අලංකාර ලෙසට වෑද්දීම් කර ඇත. මෙක්සිකෝවේ මේ සංකීර්ණය අලංකාර සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කර ඇත. ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයන්ට මෙහි වාස්තුමය නිර්මාණයට සිත්සතන් පැහැර ගනී. එය එතරම් ගුප්තමය වදනකින් පැවැසිය නොහැකි ආත්මීය සබැඳියාවක් බැතිමතුන් සහ දෙවොල අතර සැබදේ. එයට හේතු සාධක වනුයේ එම දෙවොලේ වාස්තු නිර්මාණයේ ප්‍රබලත්වය යැයි හැඟේ.

මෙය ලෝක උරුමයක් ලෙසට යෝජනා වී ඇත. පූජනීයත්වය සහ ඓතිහාසික මනරම් පසුබිමම සංචාරකයන්ගේ මනදොල සැපිරීමට මේ වාස්තු නිර්මාණය සමත් වී ඇත.

 

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂවේදී /වාස්තු පර්යේෂක

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.