මාර්තු මාසයේ උපන් පෞද්ගලික අංක 7,8,9 හිමි ඔබ ගැනයි...

දෙසැම්බර් 22, 2023

මාර්තු මාසයේ 7, 16, 25, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 7 වන අතර එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.

ප්‍රබල නිර්මාණශිලි හැකියාවක් සහිතව උත්පත්තිය ලබන මොවුන් සම්ප්‍රදාය ප්‍රිය නොකරන අතර ඉතා ස්වාධින ජිවිතයක් ගත කිරිමට ප්‍රිය කරයි.එසේම තම නිර්මාණ කුසලතා තුළින් ඉහළ ධනවත් භාවයකට යාමට ඔවුනට හැකියාව තිබේ. පටු අදහස් මේ පුද්ගලයන්ගේ නැත. මනස පුළුල්ය. නමුත් ආගම සම්බන්ධ කාරණාවලදි වෙනස් මතවල ක්‍රියාකිරිම දක්නට ලැබේ. අත්භුත බලවේග පිළිබඳව හදාරන අතර ඒ හා අත්දැකිම් ඔවුන් ලබාගනී. විවාහය සම්බන්ධ ගැටලු ඇතිවිය හැකිය. ප්‍රමාද වි විවාහ දිවියට ඇතුළු වීම හෝ මොවුන්ගේ කටයුතු දෙස සානුකම්පිතව බලන අයකු සමග විවාහය වන්නේ නම් යම් සාර්කත්වයක් ඇති කර ගත හැකිය. මුදල් පසු පස මොවුන් හඹා යන්නේ නැත. මනස මෙහෙයවා කරන කටයුතුවලින් ආර්ථිකය කළමනාකරණය කරන අතර ආනයන අපනයන කටයුතුවලින් මුදල් ඉපයිය හැකිය. නමුත් මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුය.

ජිවිතයේ ආරම්භයේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවතින ක්‍රමයෙන් කලෙස්ටරෝල් ඉහළ යාම අධික රුධිර පීඩනයත් හෘදයාබාධ වලටත් තුඩු දෙනු ඇත. මානසික ආතති තත්ත්වයන්ද ඇතිවිය හැකිය. මොවුන් සෑම කටයුත්තක් සදහාම 2, 3, 7, 12, 16, 20, 21, 25, 30 යන දිනයන් හෙවත් අංක 7, 2, 3 යන දිනයන් යොදා ගැනිම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ.

කොබෙයියාගේ අලු පැහැය කොළ පැහැයේ සියලුම ප්‍රභේද ක්‍රීම් පාට දම් පැහැයේ සියලුම ප්‍රභේද සුබ වර්ණ වේ.

මාර්තු මාසයේ 8, 17, 26, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 8 වන අතර එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ශනි ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.

ළමා කාලය ප්‍රබල දුෂ්කරතාවලට මුහුණ දිමට මේ දිනවල උපන් පුද්ගලයන්ට සිදුවේ. අවු 33 න් හෝ 35 න් පසුව ජීවන ප්‍රවෘත්තිය යහපත් අතට හැරෙන අතර මුල් කාලයේ පුද්ගලයන් වරදවා වටහා ගැනිම්වලට හෝ දෝෂාරෝපණවලට බඳුන්වේ. මේ තත්ත්වය හුදෙක් මුදල් නොමැති කම නිසා මෙන්ම නෑදැයන් නිසා සිදුවේ. එසේම මෙම කාලය තුළ මානසික පීඩාකාරි තත්ත්වයන් මෙන්ම බලාපොරොත්තු බිඳ වැටිම් ආදිය ද සිදුවේ. විවාහය සම්බන්ධ ගැටලු වලට මුහුණ දීමට සිදුවන බැවින් හැකිතාක් වයසෙන් මුහුකුරා ගොස් විවාහ විය යුතුය. සමස්ත මනුෂ්‍ය වර්ගයා කෙරෙහි සානුකම්පිතව බැලීම ද ඔවුන් ගේ තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කිරිමද මොවුන්ගේ ක්‍රමයයි.

ආර්ථික දියුණුව සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තු මොවුන් තබා ගන්නේ නැත. ධනය තම අවසාන අභිමතාර්ථය සදහා පමණක් බලාපොරොත්තු වේ. ජිවිත කාලය පුරාම වරින් වර විශාල මුදල් හානි සිදුවිය හැකි බැවින් යම් ධනයක් වෙන් කර තබා ගැනිම නුවණට හුරුය. මානසික ආතතිය සම්බන්ධ බලපෑම් නිරතුරුවම ඇතිවේ.ආතරයිටිස් තත්ත්වයන් ප්‍රධාන වශයෙන් දණහිස් වළලුකර සම්බන්ධව ඇතිවීමේ පැහැදිළි ඉඩකඩක් පවති.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සදහාම අංක 3, 4, 8 දින එනම් 3, 4, 12, 13, 17, 21, 22, 26, 30 යන දිනයන් යොදා ගැනිම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. දම් හෝ වයලට් පැහැය සුබ වර්ණ වේ.

මාර්තු මාසයේ 9, 18, 27, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 9 වන අතර එය කුජට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ.

මානසිකව සහ කායිකව දරාගැනිමේ හොද හැකියාවක් සහිත පුද්ගලයන් මේ දිනවල උත්පත්තිය ලබයි. ආකර්ෂණීය පෞරුෂයකින් යුක්ත වන අතර ජනතා කටයුතු සම්බන්ධ කටයුතුවලදී නායකයකු බවට පත්වේ. රහසිගත සතුරන්ගෙන් බොහෝවිට කරදර ඇතිවිය හැකිය.ඉහළ නැඟිමේ දැඩි ආශාවකින් මොවුන් ක්‍රියාත්මක වේ. ඉහළ මට්ටමේ අය සමඟ කිට්ටු සම්බන්ධතා පැවත්වීම මොවුන් සිදු කරයි. එම නිසාම පහළ මටිටමේ සතුරන් ඇති වීම වැළැක්විය නොහැකිය. මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සිදුවිය හැකි අතර මුදල් සම්බන්ධව ත්‍යාගශිලී ස්වභාවයෙන් කටයුතු කිරිම මොවුනගේ සිරිතයි. මොවුන්ගේ ආදායම් මාර්ග නිරතුරුවම වෙනස්කම්වලටද භාජනය වේ. සූදුවෙන් කිසිදිනක වාසි වන්නේ නැත.

ජිවිතයේ මුල් කාලයේ අසනීපවලින් තොරව ගත කිරිමට හැකි අතර ජිවිතයේ අවසාන කාලයේ අසනීප රාශියකට මෙන්ම ශල්‍යකර්මවලට භාජනය වේ.

මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සදහාම අංක 9, 3 දින එනම් 3, 9, 12, 18, 21, 27, 30 යන දිනයන් යොදා ගැනිම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. වයලට්, වයලට් දම් රතු රෝස සුබ වර්ණ වේ.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.