දෙසැම්බර් 25 වැනිදා සිකුරු-වෘශ්චික රාශිගත වීමෙන් ලොව පුරා රසකාමය ඇවි‍ළෙයි?

දෙසැම්බර් 15, 2023

- ලග්න දොළහටම සුබපල මේෂ ලග්න හිමියන්ට ධන වාසනා
- කටක රාශි හිමියන්ට නව ආදායම් මාර්ග
- මිථුන ලග්න හිමියන්ට ප්‍රබල බැඳීම්
- වෘෂභ ලග්න හිමියන්ගේ පවුලේ දියුණුව

දෙසැම්බර් 25 වෙනි සඳු දින පෙරවරු 06.45ට බුධ හිමි දෙට 01,02,03,04 ශනි හිමි අනුර 01,02,03,04 ගුරු හිමි විසා 04 පාද නවයක් ආශි‍්‍රතව 2024 ජනවාරි 18 රාත්‍රි පෙරයම දක්වා රසකාමී සිදුවීම් රැසකට මුල පුරමින් සිකුරු වෘශ්චික රාශිගත වන්නේය.

නැඟෙනහිර ක්ෂිතිජයෙහි බ්‍රහස්පති හිමි ධනු රාශිගත බුධ ආධිත්‍ය, ධර්ම කර්මාධිපති, නාථ යෝග මුලාශි‍්‍රතව උදා රාශිගතව මිත්‍රශීලි රාජ්‍යකාරක රවි ග්‍රහයා වක්‍ර බුධ සමව ද නිවෘත ප්ලූටෝ සතුරුව 02 වැන්න වූ ධනස්ථානගතවද ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව සෙනසුරු ග්‍රහයා 03 වැන්න වූ වික්‍රමස්ථානගතවද වක්‍ර නැප්චූන් ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව රාහු මුඪව 04 වැන්නේද උච්ච මූල ත්‍රිකෝණව චන්ද්‍රයා රෝගාබාධ සතුරු ස්ථානය වූ 06 වැන්නේද කේතු මුඪව 10 වැන්න වූ කර්මස්ථාන ගතව රාශි මණ්ඩලය නිර්මාණය වී ඇත්තේය.

භූමිපුත්‍ර අඟහරු ස්වක්ෂේත්‍රව සිකුරු සම වූ සංයෝගය ලොවපුරා මෙන්ම ශ්‍රී ලාංකේය ක්‍රියාකාරකම් කෙරෙහි 2024 නව වසරේ මුල් කාර්තුව පුරා ජන ජීවිතයට බලපෑම් එල්ල කරන බව දෘශ්‍යමාන වේ.

දෙස් විදෙස් සුවිශේෂි අවධානය ශ්‍රී ලංකේය ජන ජීවිත වලට බලපානු ලබයි. එසේ වන්නේ 07,10 උදාරාශිගතව ඤාණකාරක බුධ වක්‍රව යෙදී ඇති බැවිණි. ශ්‍රී ලාංකීය ජන ජීවිතය යම් ආකාරයක සමෘද්ධිමත් බවකට පාත්‍ර කරවීමෙහි ක්‍රියාවලියක් දියත්වන බවක් පෙන්නුම් කළද ලෝකායතන ඡ්‍යොතිෂයට අනුව දෙස් විදෙස් රාජ්‍ය ත්‍රාන්තික ප්‍රධාන පාලක පක්ෂ, ජනජීවිත, උණුසුම් ගිනියම් වී යාමකට බෙහෙවින් ඉඩකඩ ඇත.

කුජ ශුක්‍ර යෝග වීම රසකාමයට තුඩුදෙන බවක් පෙන්වයි. වර්ණාභේද, තරාතිරම්වලින් දුරස්ථව රසකාමය ගිනියම් වී යාමෙන් හිංසන බිහිසුණු අපරාධ නිර්මාණය වීමට ඉඩ ඇත.

අසල්වැසි රාජ්‍යයන් සමඟ සමඟි සමාදානයට අතිශය බාධක ඉස්මතු විය හැකිය. ගිනිකඳු පිපිරුම්, පරිසර හානිකර බව, මංමාවත් ග්‍රාමීය ජනතාවට මහත් වූ බාධක අවහිර දුෂ්කරතා කාලගුණික, දේශගුණික කළමනාකරණයක් නොමැතිවීම දැක ගත හැකිය. සංචාරක ව්‍යාපාරයෙහි ඌනතාවයන් ඇතිවිය හැකිය. කොන්ත්‍රාත් මාපියාවෙන් පොදු ජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණදෙනු පෙනෙයි. සැනසුම, සතුට දුරස්ථවී සීමිත පිරිසකගේ අසීමිත ඕනෑ එපාකම් ඉහවහයන බවක් පෙන්වයි. මේ නිසා පොදු ජනතාව කල්පනාකාරීව කටයුතු කළ යුතු සමයකි.

මේෂ රාශිය

09 වැන්න වූ භාග්‍යස්ථානය මෙන්ම 11 වැන්න වූ අයස්ථානයද 08 වැන්න වූ මෘත්‍යු ස්ථානගත බලය ධනාත්මක වේ. මෙම බලය 02 වැන්නවූ ධනස්ථානය සමඟ ප්‍රබලව යෙදී ඇත. මේ අනුව නිදුක් නිරෝගී බව, රැකීරක්ෂා, ව්‍යාපාරික, ආදායම් මාර්ගය සතුටුදායක බවට පාත්‍රවෙයි. ධනය, බලය, කීර්තිය, වර්ධනය වෙයි. දරු දැරියන්ගේ ශුභවාදී අරමුණු සතුටුදායක වෙයි. දියුණුව උදාවෙයි.

වෘෂභ රාශිය

10 වැන්න වූ කර්මස්ථානය 08 වැන්නවූ මෘත්‍යු ස්ථානය 07 වැන්න වූ විවාහ ස්ථානය ලග්නය මෙන්ම 12 වැන්න ආශි‍්‍රතව තෘප්තිමත් දියුණු සහගත බවක් උදා කෙරෙනු ඇත. නිරන්තරව ස්වකීය පවුල් දිවිය පිළිබඳව සැළකිලිමත් විය යුතුය. රෝගාබාධ, සතුරු කරදර, අවහිර දුෂ්කරතා පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

මිථුන රාශිය

දූදරු ඥාති හිතෛෂී සියලු දෙනා කෙරෙහි ඇති බැඳීම් ප්‍රබල වෙයි. කුජ, ශුක්‍ර සංයෝගය අධිවේගී රසකාමි බවක් ගනු ඇත. පවුල් ඒකකය, විවාහය, යුගදිවිය ආශි‍්‍රත සිතැඟියාවන් අවහිර බාධකද 09 වැන්න වූ භාග්‍යස්ථානය ආශි‍්‍රතව දියුණුව සමාරම්භක කාර්යභාරයන් කෙරෙහිද නැඹුරුවනු ඇත.

කටක රාශිය

රැකියා ආදායම් මාර්ග ලැබීම්, ඥාති හිතෛෂී ලෙන්ගතුකම්, දියුණුව, සමාජගත සම්බන්ධතා, අවහිර රෝගාබාධක, සතුටුදායක බවට පත් කෙරෙයි. කළමනාකරණය ශුභවාදී හිතකර බවට නැඹුරු වෙයි. සිතැඟියාවන් බොහෝදුරට සඵල වෙයි.

සිංහ රාශිය

සස යෝගබලය 07 වැන්නට බලපානු ලබන අතර, උසස්වීම්, නව රැකියා මාර්ග, ගමන් බිමන් සංචාරක කටයුතු ඇතිවේ. 05 වැන්න තුළ පිහිටි බුධ ආධිත්‍ය යෝගබලය බොහෝදුරට ඔබට ඇතිවන අවහිර බාධක කෙරෙහි බලපා එම බාධක දුරස්ථ කෙරෙයි. 01,05,09 ධර්ම කෝණය මෙන්ම 03,07,11 යන කාමකෝණයද ශක්තිමත් වෙයි. ඉතා ශුභවාදී කාලයකි.

කන්‍යා රාශිය

ඤාණකාරක බුධ ආත්මකාරක රවි සමඟ බුධ ආධිත්‍ය ප්‍රබල යෝග බලයද 03 වැන්න වූ වික්‍රමස්ථානගතවද 06 වැන්න සෙනසුරු ප්‍රබලව පිහිටීම, රැකියා ආදායම් මාර්ග, කොන්ත්‍රාත් ව්‍යාපාරික කටයුතු ඇතුළුව සිතැඟියාවන් බොහෝදුරට සාර්ථක වෙන්නෙකි. ගුණාත්මක චර්යා ධර්මතා කෙරෙහි නැඹුරු වෙයි. සාර්ථකත්වය විදහාපාන ග්‍රහ බලයක් ලැබී ඇත.

තුලා රාශිය

වික්‍රමස්ථානය වූ 03 රවි බුධ සංයෝගයෙන් බුධ ආධිත්‍ය යෝගබලය ද 05 වැන්නෙහි ශනි බලය ද චන්ද්‍රයාගෙන් 08 මෘත්‍යු ස්ථානගත බලය හා කුජ, ශුක්‍ර අධිවේගී පංචකාමය ආශි‍්‍රත රසකාමය මුදුන් පත් කෙරෙන සංයෝගයක් යෙදී ඇත. උත්සාහය, උනන්දුව, අභියෝග අභිබවමින් ඉදිරියටම යාමෙහි ආත්ම ශක්තිය ඇතිවන කාල පරාසයකි.

වෘශ්චික රාශිය

ශනිගෙන් 04 වැන්නෙහි සස යෝගබලයද කුජ, ශුක්‍ර රසකාමය ලග්නගතවද 02 වැන්න වූ ධනස්ථානගතව බුධ ආධිත්‍ය යෝග බලයද 09 වැන්න වූ භාග්‍යස්ථානාධිපතිගෙන් 07 වැන්න ශක්තිමත්ව චන්ද්‍රයා, තැම්පත්ව යෙදී ඇත. උසස් දියුණුවක් මෙන්ම අරමුණු සඵල වී යාමක් පෙන්නුම් කෙරෙයි. උසස් දියුණුවක් ගෙන දෙනු ඇත.

ධනු රාශිය

බුධ ආධිත්‍යය, ධර්ම කර්මාධිපති, නාථ යෝග අධිබලැතිව 03 ශනිගෙන් වික්‍රමස්ථානය කුජ, ශුක්‍ර රසකාමි යෝගය 08 වැන්නාධිපති චන්ද්‍රයා 06 වැන්නෙහි ප්‍රබලව යෙදී තිබීම මෙකී ජන්මියා නව ගමන්මඟකට දිවිමඟ හසරුවනු ලබන කාලයකි. ජව බල සම්පන්න බවකින් පිරී පවතිනු ඇත. ධනය,බලය, කීර්ති ප්‍රශංසාවද, ප්‍රසිද්ධිය ගලා එනු ලබන කාලයකි.

මකර රාශිය

ශනිගෙන් 02 වැන්න වූ ධනස්ථානය 04 වැන්න ගුරු 05 වැන්න චන්ද්‍රයා 11 අයස්ථානය රසකාමී යෝගය 12 වැන්න බුධ ආධිත්‍ය යෝග බලය සිකුරුගේ සංක්‍රමණයෙන් යෙදී දීප්තිමත් බැබළීමකට තුඩුදී ඇත. ධනබලය, නිර්මාණශීලි බව දෙගුණ, තෙගුණ කෙරෙනු ඇත. ස්වකීය භාග්‍යයෙහි රංදොරටුව විවර කර ගනිමින් ජීවිතයෙහි ස්වර්ණමය යුගය උදාකර ගත හැකිය.

කුම්භ රාශිය

සස යෝගබලය ලග්නගතවද ගුරුගෙන් වික්‍රමස්ථානයද, 04 වැන්නෙන් චන්ද්‍රයාද, කුජ ශුක්‍ර, රසකාමී යෝගබලයද, බුධ ආධිත්‍ය යෝගය 11 වැන්නෙන්ද යෙදී තිරසර දැක්මකින් ජීවිතය නැමැති පාරාදීසයෙහි ස්වර්ණමය කාලපරාසයක් ඇතිවනු ඇත. මෙම කාලය පුරාවට තම සිතැඟියාවන් සාර්ථක කෙරෙන ශක්තිමත් ග්‍රහ ගමන් මඟක් උදාව පවතිනු ඇත.

මීන රාශිය

බුධ ආධිත්‍ය යෝග බලයෙන් රැකියා ආදායම් මාර්ග, ව්‍යාපාර දියුණුව, උසස් ජන ජීවිතයකට උරුමකම් කිව හැකිය. 03 වැන්න වූ වික්‍රමස්ථානය චන්ද්‍රයාගෙන්ද සෙනසුරුගෙන් 12 වැන්නද කුජ ශුක්‍ර රසකාමී යෝගබලය 09 වැන්නවූ භාග්‍යස්ථානයෙන්ද උදාව යෙදී ඇත. ජීවන ගමන්මඟෙහි සිතැඟියාවන් මල්ඵල ගැන්වෙන සාර්ථකත්වයක් විද්‍යමාන වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.