වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ඔබේ ලග්නය වෘෂභ නම්...
දෙසැම්බර් 2, 2022
චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි.
ගොනෙකුගේ රුව සංකේතවත් කරන වෘෂභ රාශිය තාරකා 23කින් සමන්විත වන කැති නැකතේ පාද තුනක්ද, ඝටාකාර තරුපහකින් සැදුම්ලත් රෙහෙණ නැකතද මුව හිසකට සමානව පිහිටි තරු 03කින් සමන්විත වන මුවසිරස නැකතේ මුල්පාද දෙකද මෙයට ඇතුළත් වේ. රාශි චක්‍රයේ දෙවැන්න වෘෂභයයි. පඨවි හෙවත් තද ගුණයෙන් යුතු රාශියකි. ලග්නාධිපතිවනුයේ සිකුරු ය.
වෘෂභ ලග්නයෙන් උපන් අය උතුම් ගතිගුණ ඇති ගුණවත් ඇත්තෝ ය. යුද කටයුතුවලට මෙන්ම කෝලාහල කිරීමටද පි‍්‍රය අයවෙති. පරිත්‍යාගශීලී බව කැපී පෙනෙන අතර වියදම් කිරීමටද ශූරයෝ ය. සුළු සිද්ධියක දී පවා ඔවුහු මහත් කැලඹීමකට හා බියට පත්වෙති. සුළු සිද්ධියක් විශාල සිද්ධියක් ලෙස සිතීමට ඔවුහු පුරුදු වී සිටිති. උසස් ඉගෙනීමක් ලබා උසස් තත්ත්වයකට පැමිණීමට වාසනාව ඇත.
සිකුරු ග්‍රහ මඬුල්ලේ මනාලියයි. එහෙයින් වෘෂභ රාශියෙන් උපන් අය අලංකාරයට, ආදරයට මුල් තැනක් දෙයි. නිතරම පිරිසුදුවටත්, ලස්සනටත් සිටීමට ඔවුන් වඩා රුචිකත්වයක් දක්වති. මෙම ලග්නයෙන් උපන් අයගේ මුහුණ වටකුරු ය. තොල පළල්ය. කන්දෙක තරමක් විශාල වන අතර නළල පළල් බවක් පෙන්නුම් කරයි. දත් පෙනෙන සේ හඬ නඟා සිනාසීම ඔවුන්ගේ විශේෂ ලක්ෂණයකි.
අඟ පසඟ මනාව ලස්සනට පිහිටා ඇත. මහත් වූ බෙල්ලකට හිමිකම් කියන පිරුණ උරහිස් තලයකින් යුක්තය. කම්මුල් සහ මුඛය පිරුන බවක් පෙන්වයි. කළු හිසකෙස් සහ ඇස් ඇත්තේ වෙයි. කල්යෑමෙන් හිසකේ රැලි ගැසේ.
ගතිගුණ
වෘෂභ ලග්නයෙන් උපන් අය උතුම් ගතිගුණ ඇති ගුණවත් ඇත්තෝ ය. යුද කටයුතුවලට මෙන්ම කෝලාහල කිරීමටද පි‍්‍රය අයවෙති. පරිත්‍යාගශීලී බව කැපී පෙනෙන අතර වියදම් කිරීමටද ශූරයෝ ය. සුළු සිද්ධියක දී පවා ඔවුහු මහත් කැලඹීමකට හා බියට පත්වෙති. සුළු සිද්ධියක් විශාල සිද්ධියක් ලෙස සිතීමට ඔවුහු පුරුදු වී සිටිති. උසස් ඉගෙනීමක් ලබා උසස් තත්ත්වයකට පැමිණීමට වාසනාව ඇත. මොවුන් ඉතා ඥානවන්ත බැවින් ඕනෑම ගැටලුවකට පිළිතුරු දීමට සමත් ය. හොඳ හික්මීමක් ඇති නමුත් තරමක උඩඟු ගතියක් ද පෙන්නුම් කරයි. අන් අයට සංග්‍රහ කිරීමට වඩා කැමති වේ. තම බිරිඳට හෝ සැමියාට ඉතාමත් ආදරය කරන මොවුන් වස්තුව ධනය රැස් කිරීමට වඩා උනන්දුවක් දක්වති.
තමන්ගේ අදහසට අනුව කටයුතු කරනවා හැරෙන්නට අන් අයගේ අදහස් අනුව කටයුතු කිරීමට වෘෂභ ලග්න හිමියෝ අකැමැති ය. හැමවිටම තමා දන්නා කෙනෙක් සේ සිතයි. සිතිවිලි ලෞකික පැත්තටම බරෙවේ. අනුන්ගේ මතයට ගරු නොකිරීම ඔවුන්ගේ දුර්වලකමකි.
රැකියා
දක්ෂ කථිකයන්, පණ්ඩිතයන්, පොත්පත් කතුවරුන්, ශිල්ප කලා හා මුද්‍රණ ශාලා හිමියන් ආචාර්ය පදවි ලබන්නෝ බොහෝ විට මෙම ලග්නයෙන් උපත ලැබූ අය වෙති. කෘෂිකර්මය, ඉංජිනේරු ශිල්පය, හෝටල් පරිපාලනය, නීතිය, සත්ත්ව විද්‍යාව, රසායන විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය ආදියටද වෘෂභ ලග්න හිමියෝ විශේෂ කුසලතා දක්වති.
වෘෂභ ලග්නය හිමි කාන්තාවන් මනාලියන් හැඩගැන්වීම, මල්කලාව, ගෙතුම් ශිල්පය ආදියට දැඩි රුචිකත්වයක් දක්වති. සදාචාර සම්පන්නව හැදුන වෘෂභ ලග්න හිමියන් ඉතා හොඳ කල්‍යාණ මිත්‍රයෝ ය. ඇසුරට වඩා යෝග්‍ය අය වෙති. ස්ථිර අදහස්, උදහස් ඇති ඔවුන් නොසැලෙන ප්‍රතිපත්ති ගරුක උසස් අදහස් ඇත්තෝ ද වෙති.
වෘෂභ ලග්න හිමියන් ස්වභාවයෙන්ම වෙළෙඳාමට හා කෘෂිකර්මයටද දක්ෂතා පෙන්වන අතර හොඳ කාර්ය සංවිධානයන් වීමටත්, දේශපාලනඥයන්, පාලකයන්, නායකයන් බවට පත්වීමටද හොඳ පිහිටීමකි. දුර පෙනෙන සියුම් ඥානයකින් යුත් මෙවැන්නෝ, ගුප්ත ශාස්ත්‍ර, වෛද්‍ය ශාස්ත්‍ර හැදෑරීමටත් මොවුහු කැමැති වෙති.
විවාහය
වෘෂභ ලග්නයෙන් උපන් අය බොහෝ විට කැමති වෙන්නේ ආදරය මුල් කරගත් විවාහයකට ය. සමහරු පාසල් යන සමයේ දී පවා පෙම්සබඳතා කීපයක පැටලීම ඔවුන්ගේ සාමාන්‍ය සිරිතය. පාසලේ දී ඇතිකරගත් පෙම් සබඳතාවයක් බොහෝ විට විවාහයකින් කෙළවර වෙයි. විවාහයේ දී සිකුරු, කුජ, සඳු ප්‍රබල තැනක් ගනී. ඒ අනුව වෘෂභ ලග්න හිමියන් අධික කාමුක බවකින් යුක්තය. ලෝකෝත්තර සැපයට වඩා ඔවුන් ලෞකික සැපත අගය කරයි. යහපත් ග්‍රහයෝග පිහිටි වෘෂභ ලග්න හිමියන්ට මැති ඇමැති තනතුරු පවා ලබා ගැනීමට වාසනාව ඇත. වෘෂභ ලග්න හිමියන්ට විවාහයට වඩා සුදුසු වන්නේ වෘෂභ, කන්‍යා, මකර යන රාශිවලින් උපන් තරුණ, තරුණියන්ය. තමන්ට නොගැළපෙන සහකාරියක් ලැබුණොත් ඇයගෙන් වෙන් වීම ඔවුනට සාමාන්‍ය දෙයකි. ඒ පිළිබඳව පසුතැවීමක්ද නැත.
රෝග
වෘෂභ ලග්න හිමියන්ට වයස අවුරුදු 40 නන් පසු වායු, සෙම්, පිත එකසේ ශරීරයට බලපායි. අලුයම සහ සවස භාගයේ ස්නානය කිරීම හේතුවෙන් සෙම් රෝග ඉස්මතු වේ. නිරාවරණ හිසින් යුතු තද අව්වේ යෑම ඔවුනට සුදුසු නොවේ. එසේ කිරීමෙන් සෙම කිපීමට මෙන්ම, හිසකෙස් හැලීමට ද හේතුවෙයි. හිසේ රෝග, බෙල්ලේ රෝග, ඇදුම, පපුවේ රෝග ආදිය වෘෂභ ලග්න හිමියන්ට පහසුවෙන් වැලඳීමට පුළුවන.
මරණය
වෘෂභ ලග්න හිමියන්ට ප්‍රධාන බාධක ග්‍රහයන් වනුයේ සඳු, සිකුරු සහ ගුරු ය. මෙම ග්‍රහයන්ගේ පිහිටීම අනුව ආයුෂ තීරණය වේ. ප්‍රධාන බාධක ග්‍රහයා වන්නේ ගුරු ය. ගුරු මහ දශාවේ දී හෝ අතුරු දශාවේ දී මාරක අනතුරු සිදු වීමට හැකියි. අපල උපද්‍රව සඳහා ආරක්ෂ මන්ත්‍රවලින් ජප කරනන ලද දියමන්ති, මැණික් ගලක් පැලඳීම ඉතා සුදුසු ය.
හිඹුටානේ
පියතිලක ද අල්විස්
෴ සබැඳි ලිපි ෴
ඡ්‍යොතිෂ ශාස්ත්රයේ දී කාලය පිළිබඳ හැදෑරීම ඉතා අවශ්‍ය සාධකයකි. ඡ්‍යොතිෂය හැදෑරීමේදී කාලය පිළිබඳ දැනුම ඔබ සතුව පැවතිය යුතු ය. ඡ්‍යොතිෂයේ සියල්ල රඳා...
2025-01-23 18:30:00
යුරේනස් පැරැණි ඉසිවරුන් විසින් වරුණ නමින් හැඳින්වූ යුරේනස් පසුකාලයේ 1781 දී සර් විලියම් හර්ප්ලි නම් තාරකා විද්‍යාඥයා විසින් සොයා ගන්නා ලදී....
2025-01-23 18:30:00
අද අපි කතා බහ කරමු සෙනසුරු ග්‍රහයා හත්වැන්නට කුමන අන්දමකින් බලපෑම් කරන්නේද යන වග. සත්වැන්නට කේන්දරයක කුජ හෝ රාහු පිහිටීම තරම් අශුභ යැයි පිළිගැනීමට...
2025-01-23 18:30:00
පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකකි. ඒ සනාතන ධර්මය පසක් කරමින් මෙරට අතිශයින් ජනපි‍්‍රය ගායකයකු වූ පි‍්‍රයා සූරියසේන මහතා පසු ගිය දිනෙක අප අතරින් සදහටම සමු...
2025-01-23 18:30:00
සමාජයේ බොහෝ දෙනකු වාසනා අංකය නමින් හඳුන්වන දෛව අංකය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව අපි දනිමු. පුද්ගලයෙකුගේ ජීවිතය හා සම්බන්ධ වැදගත් කාරණා හෙළි...
2025-01-23 18:30:00
පංචාංගය යනු වෛදික ඡ්‍යොතිෂයෙහි කාලය බෙදා දැක්වීම හා හඳුනා ගැනීම සඳහා ඡ්‍යොතිෂයේදී භාවිත කරනු ලබන අංග පහකින් යුතු නියමයකි. එය හිරු හා සඳුගේ පිහිටීම්...
2025-01-16 18:30:00
වාහනයක් ඇති තැනැත්තා ද රියදුරාද වාහනය ඉතා ආදරයෙන් සැලකිල්ලෙන් භාවිත කිරීම සිරිතය. ඔවුහු වාහනයට ආදරය ඇත්තෝය. වාහනයට යම් යම් සතුන් යටවිය හැකි අතර ඒ...
2025-01-16 18:30:00
මේ වසරේ පළමු ග්‍රහ යුද්ධය ශනි හා සිකුරු ග්‍රහයා අතර මේ මස 19 වැනිදා ඉරිදා පෙරවරු 6.56ට සෙනසුරු හිමි මකර රාශියෙහි සිදුවන අතර එම ද්වන්ධ වූ ගැටුමෙන්...
2025-01-16 18:30:00
මේෂ, සිංහ, කන්‍යා, මකර ලග්න හිමියන්ට මහත් සුබපල උදා කරමින් ද අනෙක් ලග්න හිමියන්ට විවිධ සුබපල ලබා දෙමින් ද මේ මස 21 වැනිදා අඟහරුවාදා උදේ 10.04ට ග්‍රහ...
2025-01-16 18:30:00
ලෝක ශිෂ්ටාචාරයත් සමඟ බිහිවූ උසස්ම විද්‍යාව ලෙස ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හැඳින්විය හැකිය. අප ජීවත්වන මේ මහ පොළොව වූකලී විශ්ව පරිසරයේ තවත් එක් සාමාජිකයකු...
2025-01-09 18:30:00
ශකවර්ෂ 1946ක් වූ ධනු රවි 26 භාග දුරුතු පුර එකොළොස්වක තිථිය ලත් කිවිදින සිට මකර රවි 03 භාග දුරුතු අව තියවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2025-01-09 18:30:00
අප සමාජයේ වැඩි දෙනකු විදේශ ගතවීමට සිහින මැව්වත් එම සිහින සැබෑ වෙන්නේ කීයෙන් කීදෙනාටද? සමහරු රැකියා සඳහා විදේශගත වෙයි. තවත් සමහරු ව්‍යාපාර කටයුතු...
2025-01-09 18:30:00
කාලගුණය මනුෂ්‍යයාගේ එදිනෙදා ජීවිතයට අතිශයින් බලපායි. කල් තබා ඒ බව දත හැකි නම් ඊට අනුකූලව තමන්ගේ කටයුතු, ජීවිකා වෘත්තිය, ගමන බිමන ආදී නොයෙක් කරුණු...
2025-01-09 18:30:00
ශක වර්ෂ 1946 ක් වූ ධනු රවි 19 භාග දුරුතු පුර ජලවක තිථිය ලත් කිවි දින සිට එම රවි 25 භාග දුරුතු පුර දසවක තිථියලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2025-01-02 18:30:00
ජන්ම පත්‍රවල බහුලව දක්නට ලැබෙන යෝග මෙන්ම විරලව යෙදෙන යෝගද ජන්ම පත්‍ර පරීක්ෂාවේදී අපට හමුවේ. එවැනි විරල යෝග කිහිපයක් පිළිබඳව පොදුවේ කතාබහ කිරීම මේ...
2024-12-26 18:30:00
ශක වර්ෂ 1946ක් වූ ධනු රවි 12 භාග උඳුවප් අව දොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 18 භාග දුරුතු පුර තියවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි –...
2024-12-26 18:30:00