අසිරිමත් ජනදිවියකට රන්දොරටුව විවරකරන ඤාණකාරක බුධගෙන් මානසික උද්දීපනයක්

නොවැම්බර් 12, 2021
වෙශී වොශී උභයචාරි රවි බුධ ආධිත්‍ය අර්ධ කාලසර්ප, ගජ කේශරී,  යෝග බලැතිව අඟහරුගේ සුවිශේෂී දීප්තියෝග උදාවක් 
දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි, වෘශ්චික රවි, 05 භාග ඉල්මහේ අව දියවක තිථිය වෘශ්චික රාශිය, කටක නවාංශකය, විසා 04 පාදය මුලාශි‍්‍රතව චන්ද්‍ර ශනි, චන්ද්‍ර ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨියෙන් බුධ ගුරු චතුර්කෝණ දෘෂ්ඨියෙන් ද, අනූනව නොවැම්බර් 21 වෙනි රිවි දින පෙරවරු 04.51 ට අඟහරු හිමි වෘශ්චික රාශියට ඤාණකාරක බුධ ග්‍රහයා සංක්‍රමණය සිද්ධ කරන්නේ ය. 
නැඟෙනහිර ක්ෂිතිජයෙහි සිකුරු හිමි තුලා රාශි උදාවෙහි අඟහරු සමවද බුධ සමව කේතු උච්චව රවි මිත්‍රශීලීව ධනස්ථානය වූ දෙවැන්නේ ද සිකුරු සමව වික්‍රමස්ථානගතව ද ප්ලූටෝ සතුරුව සෙනසුරු ස්වක්ෂේත්‍රවද සතර වැන්නේ ද බ්‍රහස්පති සමව නැප්චූන් සමව පස් වැන්නේ ද සමවූ යුරේනස් සත්වැන්නේ ද රාහු උච්චව චන්ද්‍රයා උච්චමුල ත්‍රිකෝණව  අටවැන්නවූ මෘත්‍යු ස්ථානගතව ද බුධ 22 වෙනි මාරක දෙර්කාණාධිපතිව, රවි බාධකව, චන්ද්‍රයා මාන්දි ග්‍රහයා ලෙසට ද විශ්ව තාරකා  මන්දාකිණියෙහි විරාජමාන වන්නේ ය. 
බාහිර විද්‍යුත් උපකරණ භාවිතා වේ. ධාරිතාව, අසීමිත වූ තරමට අධ්‍යයනය ලබා ගන්නේ පුද්ගලයාගේ මතකය, ධාරණ ස්මෘතිය අතිශය දුර්වල වෙන්නෙකි. බොළඳ, ළාමක පටු අධ්‍යාපනය වර්තමානයෙහි යුගකාලීන දැවැන්ත අර්බුධ ගැටලු නිර්මාණය වෙන්නෙකි. වෘත්තීමය  ප්‍රායෝගික අධ්‍යාපනයක විෂයධාරාව මානව සංහතියෙහි අන්තර්ගතය ස්වකීයමය පසු බිමකට ආශි‍්‍රත වූවෙකි. උදාරාශි ග්‍රහ සගයන්ට සමගාමීව මේෂ විශ්ව කේන්දර සටහන ද ශ්‍රී ලංකා ජනරජ කේන්දර සටහනද විමර්ශනයට ලක්කිරීම අනුව අඟහරු දීප්ත යෝග බලැතිව 2 + 7 අධිපතිව උදා තුලා රාශි සටහනෙහි තැම්පත්වීම ප්‍රශස්ත වෙන්නෙකි. ජම්ම රාශි දොළසම කාර්යයක්ෂමබව පරිවර්තනය වීම මත ජන සම්මතවාදයෙහි සුවිශේෂී පෙළගැස්ම අසිරිමත් වෙන්නෙකි. අධිවේගී ඉදිරි දැක්මකට මිනිසා පෙළඹීයාම ප්‍රෞඪත්වය, පෞරුෂත්වය ද අභිමානයද උච්ච අවස්ථාවට පාත්‍ර කර ගැනීමකි. දැනුම අවබෝධය තීක්ෂණව ධනාත්මකව ග්‍රහණය වැදගත් මානසික සංස්කරණයකට ඵලදායි වෙන්නෙකි. ජන ජීවිත විපරීතාවයට පාත්‍ර වී දැඩි නොසංසුන් අර්බුධ ගැටලුකාර බව දිනෙන් දින නිවෘත ගත ප්‍රවණතාවය සංවේග ජනක බවක් ගනු ලබන්නෙකි. බුද්ධිමත්ව දූරදර්ශීව ක්‍රියාකාරීබවකට පාත්‍රවීම අතිශය යහපත් වෙයි. 
 
කොත්මලේ 
විජිත ඩී ලියනආරච්චි
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.