පුරුෂ මර යෝග පිළිබඳව

නොවැම්බර් 22, 2024

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර

මීට පෙර සුබසෙත පුවත්පතෙන් ස්ත්‍රී මරයෝග පුරුෂ කේන්දර තුළ යෙදෙන අයුරු කතා කළෙමු. පුරුෂ මරයෝග භංග වෙන ආකාරය පිළිබඳ සුබසෙතට සමීප පාඨක කමල් රණවීර මහතා එවූ ලිපියට රද්දොළුගම ජ්‍යෝතිෂවේදී ලෙස්ලි ජයසිංහ මහතා ලබා දුන් පිළිතුරයි.

පුරුෂ කේන්දරයක ලග්නෙන් හෝ සඳුගෙන් 7,8 ශනි, රාහු ,කුජ හෝ රවි තැන්පත් වී සිටීම, 6,7,8 රාහු කුජ ශනි යෝග වීම, 7 වැන්නේ සඳු ශනි යෝගය හා 7 වන රාශියේ තැන්පත් ශනිට රවිගේ දෘෂ්ටියට හසුවීම, පුරුෂ කේන්දර තුළ ස්ත්‍රී මර යෝගයක් වේ.

පාඨක ඔබට අවශ්‍ය වනුයේ, පුරුෂ කේන්දරවල සටහන් වී ඇති ස්ත්‍රී මරයෝග භංග වන අවස්ථාවන්ය. පුරුෂ මරයෝග භංග වන අවස්ථා මෙසේය.

1. ස්ත්‍රී ජන්ම පත්‍රයේ ලග්නයෙන්, රාහු 3,6 හෝ 11 යන රාශියක තැන්පත් වී සුබ දෘෂ්ටියකට හසුවීම, පුරුෂ මරයෝග භංග වන බවට ඡ්‍යොතිෂතයේ සඳහන් වේ.

2. සඳු ලග්නයෙන් 3, 4 හෝ 6 තැන්පත් වී සිටියදී සුබ දෘෂ්ටියකට හසුවීම.

3. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම ජන්ම පත්‍රවල මර දෝෂ සටහන් වී තිබීම.

4. ස්ත්‍රී කේන්දරයක ගුරු උච්චව සිටීම සහ රාහු උච්චව සිටීම.

ජන්ම පත්‍රවල ස්ත්‍රී මරයෝග හෝ පුරුෂ මර යෝග සනිටුහන් වී තිබීමෙන් තම බිරිඳ හෝ ස්වාමිපුරුෂයාට විවාහයෙන් පසු මරු කැඳවීමට තරම් බලවත් වන බව බොහෝ දෙනාගේ විශ්වාසය වේ. එය එසේ නොවන බව බටහිර ඡ්‍යොතිෂවේදී පඬිවරයකු වන ඉඩ්ඪත ර්‍ථධදඤඥ විසින් ඩ්ඪදඤභ ඒඵබපධතධඨර කෘතියේ සඳහන් කොට ඇත. එබැවින් පුරුෂ මර යෝග හෝ ස්ත්‍රී මර යෝග තිබුණු පමණින් විවාහයට එය බාධාවක් කරගත යුතු නොවන බවද, එවැනි යෝග තිබුණද විවිධ ක්‍රම මඟින් ඒවා භංග වූ අය විවාහ ජීවිත සතුටින් ගෙවන අයුරු පිළිබඳ අත්දැකීම් ඇති බවද මෙහිදී අවධාරණය කළ යුතුය.

ඡ්‍යොතිෂවේදී

රද්දොළුගම ලෙස්ලි ජයසිංහ

-------------------

දරුඵල ප්‍රමාදවන

ග්‍රහ බලපෑම් පිළිබඳ

සුබෝධි - කඩවත

කර්තෘතුමියනි,

ඉහත නම් සඳහන් වන මා කටක ලග්න හිමි කාන්තාවක්මි. වරක් මාගේ ජන්ම පත්‍ර පරීක්ෂාවක්දී දරුවන් ලැබීමට ප්‍රමාද වන ග්‍රහ බලපෑම් සඳහන්ව ඇති බව දැනගන්නට ලැබුණා. මේ පිළිබඳ ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව සුබසෙත පුවත්පත මගින් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.