සතියේ පඤ්චාංගය

නොවැම්බර් 22, 2024

ශකවර්ෂ 1946 ක් වූ වෘශ්චික රවි 07 භාග ඉල් අව සතවක තිථියලත් කිවිදින සිට එම රවි 13 භාග ඉල් අව තෙළෙස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - වෘශ්චික

කුජ - කටක

බුධ - වෘශ්චික (වක්‍ර)

ගුරු - වෘෂභ (වක්‍ර)

ශුක්‍ර – ධනු

ශනි - කුම්භ (නිවෘත)

රාහු - මීන

කේතු -කන්‍යා

යුරේනස් - වෘෂභ (වක්‍ර)

නැප්චූන් - මීන (වක්‍ර)

ග්‍රහයෝ සහ නැකැත්

රවි - අනුර

කුජ - පුෂ

බුධ - දෙට

ගුරු - මුවසිරස (28 දා දහවල් 02.19 රෙහෙන)

ශුක්‍ර - පුවසල

ශනි - සියාවස

රාහු - උත්‍රපුටුප

කේතු - උත්‍රපල්

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

පෝය

නොවැම්බර් 22 සිකුරාදා සවස 06.14න් අව අටවක ලබා 23 සෙනසුරාදා රාත්‍රි 08.02න් ගෙවේ. 23 සෙනසුරාදා සිල්.

චන්ද්‍ර චාරය

22 දා සවස 05.16 සිංහ

25 දා අලුයම 05.04 කන්‍යා

27 දා සවස 06.07 තුලා

දිනූ තත්ත්වය

නොවැම්බර් 22 සිකුරාදා

වෘශ්චික රවි 07 භාග ඉල් අව සතවක තිථිය ලත් කිවිදින ඉර උදාව 06.03 ඉර බැසීම 05.50 අස්ලිස නැකත සවස 05.16න් ගෙවී මා නැකත ලබයි. ඉල් අව සතවක තිථිය සවස 06.14න් ගෙවී අව අටවක තිථිය ලබා පවතී. බ්‍රහ්ම යෝගය දහවල් 11.38න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 05.31න් ගෙවී බවකරණය ලබා එය සවස 06.14න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - ගෙල

මරු - ගිනිකොන

යෝගිනී - වයඹ

සුබ දිසාව - උතුර

නොවැම්බර් 23 සෙනසුරාදා

වෘශ්චික රවි 08 භාග ඉල් අව අටවක තිථිය ලත් ශනිදින ඉර උදාව 06.04 ඉර බැසීම 05.50 මා නැකත රාත්‍රි 07.32න් ගෙවී පුවපල් නැකත ලබයි. ඉල් අව අටවක තිථිය රාත්‍රි 08.02න් ගෙවී අව නවවක තිථිය ලබයි. මහේන්ද්‍ර යෝගය දහවල් 11.45න් ගෙවී වෛධෘති යෝගය ලබා පවතී. බාලවකරණය උදේ 07.00න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රි 08.02න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - තනය

මරු - නැඟෙනහිර

යෝගිනී - ඊසාන

සුබ දිසාව - දකුණ

නොවැම්බර් 24 ඉරිදා

වෘශ්චික රවි 09 භාග ඉල් අව නවවක තිථිය ලත් රවිදින ඉර උදාව 06.04 ඉර බැසීම 05.50 පුවපල් නැකත රාත්‍රි 10.19න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. ඉල් අව නවවක තිථිය රාත්‍රි 10.23න් ගෙවී අව දසවක තිථිය ලබයි. වෛධෘති යෝගය දහවල් 12.20න් ගෙවී විශ්කම්භ යෝගය ලබයි. තෛතිලකරණය උදේ 09.08න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රී 10.23න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - පෙකණිය

මරු - වයඹ

යෝගිනී - උතුර

සුබ දිසාව - දකුණ

නොවැම්බර් 25 සඳුදා

වෘශ්චික රවි 10 භාග ඉල් අව දසවක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.04 ඉර බැසීම 05.51 උත්‍රපල් නැකත දවස පුරා පවතී. ඉල් අව දසවක තිථිය දවස පුරා පවතී. විෂ්කම්භ යෝගය දහවල් 01.13න් ගෙවී පී‍්‍රති යෝගය ලබයි. වනිජකරණය දවල් 11.42න් ගෙවී විෂ්ටිකරණය ලබා පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - පෙකණිය

මරු - වයඹ

යෝගිනී - උතුර

සුබ දිසාව - දකුණ

නොවැම්බර් 26 අඟහරුවාදා

වෘශ්චික රවි 11 භාග ඉල් අව එකොළොස්වක තිථිය ලත් කුජදින ඉර උදාව 06.05 ඉර බැසීම 05.51 උත්‍රපල් නැකත අලුයම 01.25න් ගෙවී හත නැකත ලබයි. ඉල් අව දසවක තිථිය අලුයම 01.04න් ගෙවී අව එකොළොස්වක තිථිය ලබයි. පී‍්‍රතියෝගය දහවල් 02.14න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 01.04න් ගෙවී බවකරණය ලබා එය දහවල් 02.26න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - ලිංග / යෝනි

මරු - බටහිර

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - දකුණ

නොවැම්බර් 27 බදාදා

වෘශ්චික රවි 12 භාග ඉල් අව දොළොස්වක තිථිය ලත් බුධ දින ඉර උදාව 06.05 ඉර බැසීම 05.51 හත නැකත අලුයම 04.36න් ගෙවී සිත නැකත ලබයි. ඉල් අව එකොළොස්වක තිථිය අලුයම 03.49න් ගෙවී අව දොළොස්වක තිථිය ලබා පවතී. ආයුෂ්මත් යෝගය සවස 03.13න් ගෙවී සෞභාග්‍ය යෝගය ලබයි. බාලවකරණය අලුයම 03.49න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 05.08න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - දණහිස

මරු - නිරිත

යෝගිනී - නිරිත

සුබ දිසාව - දකුණ

නොවැම්බර් 28 බ්‍රහස්පතින්දා

වෘශ්චික රවි 13 භාග ඉල් අව තෙළෙස්වක තිථිය ලත් ගුරුදින ඉර උදාව 06.06 ඉර බැසීම 05.51 සිත නැකත උදේ 07.36න් ගෙවී සා නැකත ලබයි. ඉල් අව දොළොස්වක තිථිය උදේ 06.25න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබයි. සෞභාග්‍ය යෝගය සවස 04.00න් ගෙවී ශෝභන යෝගය ලබයි. තෛතිලකරණය උදේ 06.25න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රී 07.34න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - කෙණ්ඩ

මරු - දකුණ

යෝගිනී - දකුණ

සුබ දිසාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.