ජීවිතයම ඇඳක් මතට සීමා කළ හැකි කොන්දේ වේදනාව

Sciatica
ඔක්තෝබර් 11, 2024

කොන්දේ පහළ ප්‍රදේශයේ හෝ තුනටියේ ඇතිවන වේදනාව කකුල පිටුපසින් පහළට ගමන් කිරීම Sciatica තත්ත්වය ලෙස හඳුන්වනවා. සමහර අවස්ථාවලදී මේ වේදනාව සමඟම හිරිවැටීමක්ද කකුල දිගේ පහළට ගමන් කරන්නට පුළුවන්.

මෙය එක් කකුලක හෝ කකුල් දෙකේම ද සිදුවන්නට පුළුවන්කම පවතිනවා. මේ තත්ත්වය රෝගයක් ලෙස නොව රෝග ලක්ෂණයක් ලෙස සැලකීම ඉතාම යෝග්‍යයි. මේ රෝග ලක්ෂණ ඇතිවීමට හේතුව වන්නේ ශරීරයේ විශාලතම ස්නායුව වන සයටික් ස්නායුව (Sciatic Nerve ) විවිධ මට්ටම්වලදී තෙරපීමකට හෝ පීඩනයකට පත්වීමයි. මෙසේ තෙරපීමකට හෝ පීඩනයට පත්වීමට බලපාන හේතුව රෝගය ලෙස සැලකීම වඩාත් යෝග්‍ය වනවා. සායනික අත්දැකීම්වලට අනුව මේ සයටිකා රෝග ලක්ෂණය සැලකීමේදී බොහෝ විට එකවර ඇතිවන්නක් නොවේ. මුලින්ම තුනටිය ආශ්‍රිතව ඇතිවන වේදනාවෙන් පසු සයිටිකා තත්ත්වය හට ගැනීම සාමාන්‍යයෙන් සිදුවනවා. එම නිසා රෝගය මුල සිටම හඳුනාගැනීම ඉතා වැදගත්.

 

රෝගය ඇතිවීමට හේතු

Sciatic ස්නායුව පීඩනයකට ලක්වීමට හෝ තැලීමට හේතුවන කාරණා ලෙස අන්තර් කශේරුක මඬල ලිස්සීම. (Slipped or herniated intervertebral disk) මෙහිදී කොඳු ඇට පේළියට ආසන්නයෙන් පිටතට පැමිණෙන සයටික් ස්නායුව එම ස්ථානයේදීම පීඩනයට ලක්වීම සිදුවනවා.

ස්නායු නාලයේ සිහින්වීම හෙවත් Spinal Stenosis  රෝගී තත්ත්වය.

මෙහිදී ද සයටික් ස්නායුව කොඳු ඇට පේළියට ආසන්නයේදීම පීඩනයකට ලක්වීම සිදු වනවා.

ෆිරිෆෝමිස් සහලක්ෂණය හෙවත් Piriformis Syndrome  තත්ත්වය. මෙහිදී පිරිෆෝමිස් මාංශ පේශිය අනවශ්‍ය පරිදි කෙටිවීම සිදුවනවා. සයටික් ස්නායුව ගමන් කරන්නේ මේ මාංශ පේශිය යටින්. පේශියේ සිදුවන අනවශ්‍ය කෙටිවීම නිසා ස්නායුවට පීඩන එල්ල වීම සිදුවනවා. මෙය කොඳු ඇට පෙළට එළියෙන් සිදුවන තෙරපීමක් හෙවත් Extradural Compression  තත්වයක් ලෙස දැක්විය හැකියි.

උකුල සහ ශ්‍රෝණිය ආශ්‍රිතව සිදුවන අස්ථි බිඳීම් නිසාද සයටික් ස්නායුව තෙරපීමකට ලක්විය හැකියි. ශ්‍රෝණිය සහ උකුල ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන විවිධ පිළිකා හෝ අනවශ්‍ය වර්ධන නිසාද පීඩනයට පත්වනවා.

 

රෝග ලක්ෂණ

 

කකුල දිගේ පහළට ගමන් කරන වේදනාව

ප්‍රධානම රෝග ලක්ෂණය වන වේදනාව ආකාර කිහිපයකටම පැතිරෙන්නට පුළුවන්. මූලික අවස්ථාවේදී ඔබ විවේකීව සිටින විට වේදනාව ඇති නොවන අතර මඳ වේලාවක් සිටගෙන සිටීම, ඇවිදීම සහ පඩිපෙළ නැඟීම් වැනි කටයුතුවලින් පසුව වේදනාව හට ගැනීම සිදුවනවා. සමහර අවස්ථාවලදී රාත්‍රී කාලයේදී දවල්ට වඩා වැඩි වේදනාවක් ඇතිවන්නට පුළුවන්. කොඳු ඇට පේළිය ඉදිරියට හෝ පිටුපසට නැවීම සමඟ වේදනාව වැඩි වන්නට හැකියාව පවතිනවා.කල්ගත වූ අවස්ථාවලදී කැස්ස, කිවිසුම් යාම සහ සිනාවීම වැනි ක්‍රියාකාරකම්වලදී වේදනාව වැඩි වන්නට පුළුවන්. එමෙන්ම වැසිකිළියාම සහ කැසිකිළියාම වැනි ක්‍රියාකාරකම්වලදී ද වේදනාව වැඩිවීම සිදුවනවා.

කකුල දිගේ පහළට ගමන් කරන හිරිවැටුණු ස්වභාවය

වේදනාව සමඟ ඇතිවන අනික් රෝග ලක්ෂණය ලෙස මෙය දක්වන්නට පුළුවන්. මේ ලක්‍ෂණයත් වේදනාව මෙන්ම මූලික අවස්ථාවලදී සිටගෙන සිටීම, ඇවිදීම සහ පඩිපෙළ නැගීම වැනි ක්‍රියාකාරකම්වලදී ඇතිවන අතර කල්ගතවීමත් සමඟ ඔබ විවේකීව සිටින අවස්ථාවේ පවා හිරි ස්වභාවය ඇතිවන්නට පුළුවන්. ඇවිදීමත් සමඟ මෙය වැඩිවීම සිදුවනවා.

පාද ආශ්‍රිත මාංශ පේශි දුර්වලතාවය

වේදනාව සහ හිරිය සමඟ කකුලේ මාංශ පේශි දුර්වලතාවය ඇතිවෙනවා. දණහිස නැමීමේ දී ඇතිවන දුර්වලතා, පාදයේ ඇඟිලිවලින් ඇවිදීමේ අපහසුතාවය, කකුල වළලුකරින් ඇතුළට සහ පිටතට කරකැවීමේ අපහසුතාවය සහ දිගාවී කකුල එසවීමේ අපහසුතාවය මීට උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්.

කකුලේ ඇතිවන සංවේදන දුර්වලතාවයන්

සයටික් ස්නායුව ස්නායු සැපයුම ලබාදෙන කකුලේ විවිධ ප්‍රදේශවල දැනීමේ දුර්වලතාවයන්, අධි සංවේදනය හෝ සංවේදනයේ අඩු බව, සිසිලස සහ උණුසුම නිසි ආකාරව නොදැනීම සහ පාද පොළොවේ ස්පර්ශවන බව නොතේරී යාම වැනි සංවේදනයේ ගැටලු ඇතිවීම සිදුවනවා. ශරීරය සමබරතාවය සහ සමායෝජනය අඩුවීම නිසා නිසියාකාරයෙන් ඇවිදීමේ ක්‍රියාවලිය සිදුකරගත නොහැකි වීම. කල්ගත වීමත් සමඟ මුත්‍රා පිට කිරීම, මළ පහ කිරීම සහ ලිංගික අවයවයන්වල ක්‍රියාකාරීත්වය අඩපණ වීමද සිදුවිය හැකියි.

රෝගය වැල¼දීම සහ පැතිරීම

රෝගයට පත් වූවන් අධික වශයෙන් අකර්මණ්‍යතාවයට පත්කරන සහ ජීවිතයේ ගුණාත්මකභාවයට දැඩි ලෙස හානි පමුණුවන තත්ත්වයක් ලෙස සයටිකා කොන්දේ වේදනාව දක්වන්නට පුළුවන්. වයස්ගත වීමත් සමඟ ඇතිවන මේ තත්ත්වයට ප්‍රධානතම හේතුව වන්නේ කොඳු ඇට පෙළේ පහළ කෙළවර සන්ධි ගෙවී ගොස් ඇතිවන ඹ්භථඡචප ඉනධදඤරතධඵඪඵ නම් රෝග තත්ත්වයයි. තරුණ වයසේ දී කෙනෙකුට මේ රෝග ලක්ෂණය ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ කොඳු ඇට පේළියේ අන්තර් කශේරුක මඬල ලිස්සීම නම් ආබාධ තත්ත්වයයි. එම නිසා කුඩා කල සිටම නිවැරැදි ඉරියවු භාවිත කිරීම සහ කොන්දට හෝ ඒ ආශ්‍රිත ප්‍රදේශයන්ට ඇතිවන අනතුරු වළක්වා ගැනීමට ද කටයුතු කිරීම ඉතාම වැදගත් වනවා.ඔබට සෑදෙන තුනටිය ආශ්‍රිත කොන්දේ වේදනාවන් කිසිවිටක සුළුවෙන් තැකීම හෝ නොසලකා හැරීම සුදුසු නොවන්නේ එම වේදනාවන් සයටිකා කොන්දේ වේදනාවක මූලික ලක්ෂණ විය හැකි නිසායි. මූලික රෝග ලක්ෂණ ඇතිවීමෙන් පසුව නිවැරැදි ප්‍රතිකාර ලබා නොගන්නා විට ක්‍රමක්‍රමයෙන් රෝග ලක්ෂණ උත්සන්න වීම සිදුවන අතර ඔබගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතුද ක්‍රමයෙන් අඩාළ වීම සිදුවනවා. තරුණ වයසේ හෝ මැදි වයසේ සිටින ඔබේ ලිංගික ජීවිතයටද මෙමගින් බාධා එල්ල වන්නට පුළුවන්. නිසි පරිදි ප්‍රතිකාර නොකරන අවස්ථාවලදී රෝගය උත්සන්න වීම නිසා පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව ඇවිදීමේ හැකියාව නැතිවී ගොස් චලන ආධාරක උපකරණ මත හෝ රෝද පුටුවකින් ඔබගේ චලනයන් සිදු කර ගැනීමට සිදුවන්නට පුළුවන්. සාමාන්‍ය වශයෙන් රාත්‍රියේදී නිදන අවස්ථාවලදී වේදනාව වැඩිවන නිසා නින්ද ආශ්‍රිත බාධා වීම් ඇතිවීම මෙම රෝගයේදී සිදුවනවා.ප්‍රමාණවත් පරිදි නින්දක් නොලැබීම නිසා ඔබගේ ශරීරයට මෙම තත්වයට අමතරව නොයෙක් අතුරු ආබාධ ඇතිවන්නටද පුළුවන්.

 

ප්‍රතිකාර

මූලික අවස්ථාවේම රෝගය නිවැරදිව හඳුනාගෙන සිදුකරනු ලබන පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මඟින් මෙම තත්වය ක්‍රමානුකූලව පාලනය කර ගැනීමේ හැකියාව පවතිනවා. එහිදී රෝගය නිවැරැදිව හඳුනාගැනීම සඳහා ඔ-පචර සහ ර්අධ් පරීක්ෂණ වාර්තා භාවිත කරන්නට පුළුවන්කම පවතිනවා. ඊට අමතරව සයටිකා ස්නායුව කොයිතරම් දුරට ආබාධයට ලක්ව තිබේදැයි දැනගැනීම සඳහා ව්ඥපමඥ ඛ්ධදඤභජබඪධද පරීක්ෂණ වාර්තා ද උපයෝගී කරගන්නට පුළුවන්. මේ උපක්‍රම මඟින් කොඳු ඇට පෙළට වැලඳී තිබෙන රෝගී තත්ත්වය නිවැරැදිව හඳුනා ගැනීම ප්‍රතිකාරයේ පළමු වැදගත් අංගය වනවා. කොඳු ඇට පෙළට සිදුවී ඇති ප්‍රාථමික රෝගයට ප්‍රතිකාර කිරීමත් සමගම පාදයේ මාංශ පේශිවලට සහ ස්නායුවට ප්‍රතිකාර කිරීමද ආරම්භ කළ යුතුයි.එහිදී පාරම්පරික තෙල් ප්‍රතිකාර සහ තැවුම් ප්‍රතිකාර මූලිකව ආරම්භ කළ හැකියි. මෙය තුනටියටත්, පාදයටත් එක්වර සිදු කිරීම වැදගත්. කොඳු ඇට පේළියට සිදුවී ඇති ආබාධය අනුව මේ සඳහා පාරම්පරික පත්තු භාවිත කිරීමේ හැකියාව පවතිනවා. කකුල දිගේ පහළට යන වේදනාවට සහ හිරියට චීන කටු වෛද්‍ය ප්‍රතිකාර මඟින්ද බොහෝ හොඳ ප්‍රතිපල අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. මේ ප්‍රතිකාර සමඟ රෝගියා තමන්ගේ ඉරියවු නිවැරැදිව පවත්වා ගැනීමත් එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම්වලදී පරෙස්සමෙන් කටයුතු කිරීමත් ඉතාම වැදගත්. ප්‍රතිකාර සමඟ කොදු ඇට පේළියේ සහ පාදයේ මාංශ පේශිවල ශක්තිමත්භාවය වැඩි කිරීමට සහ පවත්වා ගැනීමට ව්‍යායාම කිරීමද අත්‍යවශ්‍ය වෙනවා. සෑම විටම රෝගයට ප්‍රතිකාර ගන්නවාට වඩා වළක්වා ගැනීම ඉතා වැදගත්.

 

ප්‍රථමාධාර

ඔබට කොන්දේ වේදනාව පවතින විට සෑම විටම තද මතුපිටක නිදා ගැනීමට කටයුතු කරන්න. මේ සඳහා පොළොව හෝ මෙට්ටය අයින් කළ ඇඳ ඉතාම යෝග්‍යයි.

කොන්ද නවාගෙන වැඩකටයුතු කිරීම සහ බර එසවීම හැකිතාක් අවම කරන්න.

අනවශ්‍ය පරිදි හිටගෙන සිටීම, ඇවිදීම සහ පඩිපෙළ නැඟීම හැකිතාක් අවම කරන්න.

යතුරුපැදිවල සහ ත්‍රීරෝද රථවල ගමන් කිරීම හැකිතාක් අවම කරන්න.

ගමන්මලු පිටේ හෝ කරේ එල්ලාගෙන යෑම අඩු කරන්න.

කොන්දේ වේදනාව ඇති වූ මූලික අවස්ථාවේදීම වේදනාව ඇතිවන ප්‍රදේශයට මිනිත්තු 15ක්-20ක් අයිස් තැබීම සිදු කරන්න.

හැකි සෑම විටම ඔබගේ ඉරියවු නිවැරැදිව පවත්වා ගැනීමට කටයුතු කරන්න.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.