2024/05/23 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

මැයි 23, 2024

 

ඉර උදාව පෙ.ව. 05.53
ඉර බැසීම ප.ව. 6.21
රාහු කාලය දහවල් 01.40 - 03.14
සුබ දිශාව – වයඹ / උතුර

 

මේෂ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන දිනයකි.

වෘෂභ

වගකීම් බහුල දිනයකි. පියපස ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදු වේ. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරන බවක් පෙනේ.

මිථුන

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා කරන බවක් පෙනේ.

කටක

පැවැති අසනීපකාරි බවකින් සුවය හිමි කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. රැකියාවේ කටයුතුවල වෙනසක් සිදු විය හැකි දිනයකි.

සිංහ

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදා කරන බවක් පෙනේ. පවුලේ කෙනෙකුගේ භෝජන සංග්‍රහයකට සහභාගි වීමට අවස්ථාව සැලසේ.

කන්‍යා

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. අලුත් දේ ඉගෙනීමට උත්සහ දරන දිනයකි.

තුලා

විශේෂ සැලසුමකට කටයුතු උදා කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. නීති සහන පතන දිනයකි.

වෘශ්චික

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ.

ධනු

විශේෂ තරග විභාගයකට සම්බන්ධ වීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. අමතර වියදම් බහුල කරයි.

මකර

ගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. තැන්පත් ධනය වැයවන කටයුතු කීපයක් යෙදේ. දුරගමනකට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා දිනයකි.

කුම්භ

ලැබීම් අතින් යහපත් කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදු වීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. තනතුරු ලාබ හිමිකම් ඇති දිනයකි.

මීන

ප්‍රමාදවූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කරුණු සැලසේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙනේ. ආගමික වැඩසටහනකට සම්බන්ධවීමට සිදුවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.