වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රම වන කැඩුම් බිඳුම් වෙදකම, විෂ වෙදකම, ඇස් වෙදකම, ගෙඩි වෙදකම, පිස්සු බලු වෙදකම, ග්‍රහණි මාන්දම් වෙදකම, උමතු රෝග වෙදකම,...
2022-10-20 18:30:00
පලතුරුවලින් මිනිසාගේ නීරෝගිකම ආරක්ෂා කිරීමත් රෝගවලින් සුවය ලැබීමත් සිදුවන අතර ශාරීරික පෝෂණය බොහෝ සෙයින් ලබා දේ. අපගේ නීරෝගිකම රැකගැනීම සඳහා...
2022-10-13 18:30:00
මේ දිනවල ආහාරපානවල මිල ගණන් අධිකයි. මේ නිසා බාල මහලු කාටත් තම පෝෂණය පිළිබඳ ගැටලු පැන නඟිනවා. කාර්ය බහුල ජීවිතයක් ගත කරන බොහෝ දෙනෙක් සෑමදාම උදෑසන කිරී...
2022-10-13 18:30:00
මේ දිනවල ආහාරපානවල මිල ගණන් අධිකයි. මේ නිසා බාල මහලු කාටත් තම පෝෂණය පිළිබඳ ගැටලු පැන නඟිනවා. කාර්ය බහුල ජීවිතයක් ගත කරන බොහෝ දෙනෙක් සෑමදාම උදෑසන කිරී...
2022-10-13 18:30:00
විවිධ වූ බෙදීම් රාශියකින් යුතු තුරුලතා අතුරින් ඖෂධීය හා ආහාරමය වශයෙන් වැදගත් වන ශාකයක් පෝෂණ ගුණ සපිරි රසවත් පලතුරක් ලෙස වැදගත් අවන ආහාරයක්...
2022-10-06 18:30:00
අධික පෝෂණ ගුණයෙන් යුත් මාංසභෝග ශක්තිජනක ආහාරයකි. දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ඉතා ගුණවත්වන රෝග රැසක් වළකාලන ඖෂධයක් වන එහි තන්තු, විටමින්, ඛනිජ වර්ග...
2022-10-06 18:30:00
ඉතා හොඳින් කෙස් කළඹක් ඇතිව සිටි සුජාතාගේ හිස මත තැනින් තැන රුපියලේ කාසිය තරමේ පැල්ලම් ඇතිවී තිබූ අතර එතැන්හි සියලුම කෙස් ගැලවී ගොස් තිබිණ. අධික...
2022-09-29 18:30:00
බොහෝ දෙනා ඉතා හොඳින් දන්නා හඳුනන පැළෑටියක් වන මුඩ මහණ ඖෂධීය වශයෙන් බොහෝ ගුණ දෙන ඖෂධයකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේදීද බොහෝ...
2022-09-22 18:30:00
දේශීය මෙන්ම ආයුර්වේද වෙදකමේ තෙල් බෙහෙත් නිෂ්පාදනයේදී බෙහෙවින් යොදාගන්නා පස්තෙල් දේව පූජා, ග්‍රහපූජා, සෙත්ශාන්තිවලට මෙන්ම ශාන්ති කර්මවලට ද යොදා ගනියි...
2022-09-15 18:30:00
ශරීරයේ නිරෝගී බව රැක ගැනීමටත් රෝග සමනය සඳහාත් උපකාරී වන ශාකයන් මෙන්ම ඖෂධීය හා ආහාරමය වශයෙන් වැදගත් වන ශාක අප අවට පරිසරයේ ඉතා විශාල වශයෙන් දක්නට...
2022-09-08 18:30:00
හින්දු භක්තිකයන් විසින් උද්‍යාන කර්පාස සහ දේව කර්පාස නමින් හදුන්වනු ලබන රතු පැහැ මල් ඇති කපු ගස සහ කළු පැහැයට හුරු මලක් ඇති කාලාංජනී වශයෙන් ඉන්දියාවේ...
2022-09-01 18:30:00
එදිනෙදා ජීවිතයේ දී ආහාරයක් වශයෙන් හා ඖෂධයක් වශයෙන් ගන්නා සුදුලූනුවලින් ලැබෙන ගුණ බොහෝ ය. සුදුලූනු ආහාරයට ගැනීමෙන් මතක ශක්තිය වර්ධනය වන ප්රතිශක්තියද...
2022-09-01 18:30:00
අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරු ලතාවන් අතුරින් තවත් එක් වැදගත් ලතාවක් ලෙස අගමුල නැති වැල් හැඳීන්විය හැකිය.පරපෝෂිත ශාකයක් ලෙස හඳීන්විය හැකි අගමුල නැති...
2022-08-25 18:30:00
ආහාර සකස් කිරීමේ දී යොදනු ලබන කුළුබඩු අතුරින් කුරුඳු ප්‍රධාන තැනක් ගනී. ආර්ථික වශයෙන්ද ඉතා වැදගත් වගාවක් ලෙස කුරුඳු විශේෂයෙන් දකුණු පළාත ආශ්‍රිතව...
2022-08-11 18:30:00
හිසකෙස් යනු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම රූප අලංකාරය සඳහා අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු අංගයකි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ රූප සම්පත්තිය සඳහා අවශ්‍යයෙන්ම...
2022-08-04 18:30:00
පාරම්පරික වෛද්‍ය පරම්පරාවේ වගේම දේශීය වෙදකම තුළත් අණසක පතුරුවන්නට සමත් වුණ ශාකයක් තමයි කරපිංචා. රසායනික පොහොර හෝ කෘමිනාශක භාවිතයෙන් තොරව ඔබේ ගෙවත්තේ...
2022-07-28 18:30:00